News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

ලක්ෂ 32 ක් දීලා හාමුදුරුවෝ කෙනෙක් ගව මස් කඩයක් අරන්.

1871 Views


ලක්ෂ 32 ක් දීලා හාමුදුරුවෝ කෙනෙක් ගව මස් කඩයක් අරන්.

බෞද්ධ දර්ශනයට අනුව සත්ව ඝාතනය ලොකු පවක්. එ් වගේම ලංකාවේ ගවයාට තියෙන්නෙ අනිත් සත්තුන්ට වඩා ඉහළ තැනක්. එ් නිසා ගව ඝාතනයට එරෙහිව ගොඩක් අය සටන් කරනවා. එහෙම තියෙද්දී තමයි අපිට මේ ප්‍රවෘත්තිය අහන්න ලැබුණේ. එ් භික්ෂූන් වහන්සේ නමක් ගව මස් කඩයක් මිලට අරන් කියලා. එ නිසා අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා.

මතුගම ප්‍රාදේශීය සභාව සතු පොදු වෙළඳසැලේ ගව මස් කඩයට ටෙන්ඩර් කැඳවලා තිබ්බා. එ් සදහා ටෙන්ඩර් දෙකක් අැවිත් තිබ්බා. එ්වා කඩලා බැලුවම තමයි දැකලා තියෙන්නේ හාමුදුරුවෝ කෙනෙකුත් මේ සදහා ඉල්ලුම් කරලා කියලා. අනිත් ටෙන්ඩර් එක එවලා තියෙන්නේ මෙච්චර කාලයක් එ් ගව මස් කඩේ කරපු මුස්ලිම් ජාතිකයා. කොහොම වුනත් රුපියල් 3,225,622 ක ටෙන්ඩර් පතක් දාපු හාමුදුරුවන්ට තමයි ගව මස් කඩේ ටෙන්ඩර් එක ලැබිලා තියෙන්නෙ.

මේ ටෙන්ඩර් පත්‍රය ඉදිරිපත් කරලා ගව මස් කඩේ අරන් තියෙන්නේ පූජ්‍ය මාවිට ඥානරතන හිමියන්. ” අාසියාවේ විශාලම හිටි බුදුපිලිමය තියෙන්නෙ මතුගම නගරයේ. අපි 2015 ඉදන් මේ මස් කඩේ වහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලුනා. විරෝධතා පැවැත්වුවා. ලිඛිතව ඉල්ලීම් කරා. එ්ත පළාත් පාලන නීතිය නිසා ප්‍රාදේශීය සභාවට එ් ගැන තීරණයක් ගන්න බෑ කියලා අපිට දැනුම් දුන්නා. එ් නිසා 2018 ටෙන්ඩරයට ඉල්ලුම් කරන්න අපි තීරණය කරා. අපි දැන් මේ ගව මස් කඩේ වහනවා.” කියලයි උන්වහන්සේ කිව්වෙ.

මේ වැඩේ කරන්න මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරු අැතුලු විහිරාධිපති හිමිවරුනගේත්, අනිත් හාමුදුරුවන්ගේත්, ගිහි සංවිධාන සහ පිරිස් වල සහයෝගයත් ලැබිලා තියෙනවා. කොහොම වුනත් මේක හැමෝටම හොඳ අාදර්ශයක්. රට පුරාම ඉන්න අය මේ වැඩේ අාදර්ශයට අරන් ක්‍රියා කලොත් අැත්තටම මේ රට ගව ඝාතනයෙන් තොර රටක් කරන එක අමාරු නෑ.


News Articles
Latest Videos
Most Popular Post