News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

“දක්ෂතාවය තිබ්බත් අාශිර්වාදය නැත්තම් ඉස්සරහට යන්න බෑ.” චන්දිමාල් ගංගා මෑණියෝ ගැන කියයි.

2867 Views


“දක්ෂතාවය තිබ්බත් අාශිර්වාදය නැත්තම් ඉස්සරහට යන්න බෑ.” චන්දිමාල් ගංගා මෑණියෝ ගැන කියයි.

පහුගිය දවස්වල ක්‍රිකට් වලට අලුත් මාතෘකාවක් සම්බන්ද වුනා. එ් තමයි ගංගා මෑණියෝ. මේ මාතෘකාව කරලියට අාවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ගංගා මෑණියන් කියනා කාන්තාවක් එක්ක ඉන්න Photo එකක් අන්තර්ජාලයේ පලවීමත් එක්ක.

එ් Photo එක Facebook එකට දාලා තිබ්බෙත් ගංගා මෑණියන්ගේ Facebook Account එකෙන්. පාකිස්තානය එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟය දින්නට පස්සේ චන්දිමාල් එක්ක ඉන්න Photo එක දාලා කියලා තිබ්බේ “චන්දිමාල් පුතා මගේන් අාශිර්වාද ගත්ත නිසා අද තරඟය දින්නා” කියලා. කොහොම වුනත් මේ කතාව බුකිය පුරාම ලොකු අාන්දෝලනයක් කරා. අද තිබ්බ ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් චන්දිමාල්ගෙන් මේ ගැන අැහුවා.

“එ් මගේ යාලුවෙක්ගේ අම්මා කෙනෙක්. මම අැයව ඉස්සර ඉදන්ම අදුරනවා. එ්කයි හම්බෙන්න ගියේ. කොහොම වුනත් දක්ෂතාව නැතුව මොනවා තිබ්බත් වැඩක් නෑ. දක්ෂතාවය නැතුව අාශිර්වාදය තිබ්බට ඉස්සරහට යන්න බෑ. එ් වගේමයි දක්ෂතාවය තිබ්බට අාශිර්වාදය නැත්තම් එ්ත් අපිට ඉස්සරහට යන්න බෑ.” කියලයි චන්දිමාල් මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නේ. කොහොම වුනත් ගංගා මෑණියෝ ටෙස්ට් තරඟ වලට විතරද අාශිර්වාද කරන්නේ කියලයි බුකියපුරාම හැමෝම අහලා තිබ්බේ.


News Articles
Latest Videos
Most Popular Post