News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

දඹුල්ලේ ඉඳන් කොලොම්බියාවට බස් එකේම යමුද?

1713 Views


දඹුල්ලේ ඉඳන් කොලොම්බියාවට බස් එකේම යමුද?

තෙල්දෙණියේ ඉඳන් වව්නියාව දක්වා ගමන් ගන්නා බස් රථයකින් මගියෙකුට නිකුත් කරපු ටිකට් පතක් ගැන මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි වල කතාබහට ලක්වෙනවා.

දඹුල්ලෙන් බස් රථයට නැඟපු මේ මඟියාගේ ගමනාන්තය වුනේ කොහොඹිලිවැව කියන ප්‍රදේශය. මේ ගමනාන්තයට නියමිත ගාස්තුව වුනේ රුපියල් 40 ක මුදලක්. හැබැයි මඟියාට ලැබුන ටිකට් එකේ ගමනාන්තය විදියට සඳහන් වෙලා තිබුනෙ කොහොඹිලිවැව කියලනම් නෙවෙයි. ඒ වෙනුවට තිබුනෙ කොලොම්බියාව කියලා.

බස් රථයේ ටිකට් නිකුත් කරන යන්ත්‍රයේ, එම යන්ත්‍රයට දත්ත ඇතුළත් කිරීමේදී ඇති වූ වැරදීමක් නිසා මේ සිද්ධිය වුනා කියලා තමයි තෙල්දෙණිය ඩිපෝවෙන් දැනගන්න ලැබෙන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post