ඉස්කෝලේ යන කාලයේ අපිට පදක්කමක් ලැබුණා කියන්නෙ ඉර හද ලැබුණා වගේ. පුදුම සතුටක් දැනෙන්නෙ. එ්ත් එ් පදක්කම නැතිවුනොත් අපිට කොච්චර දුක හිතෙනවද?
පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට අධ්‍යාපන අංශයෙන් මෙච්චර කාලෙකට ලැබිලා තියෙන්නෙ පදක්කම් 2 ක් විතරයි. හැබැයි එ් පදක්කම් දෙකම ඊයේ රෑ හොරු වගයක් අරන් ගිහින්. ඉස්කෝලේ කාර්යාල ගොඩනැගිල්ලේ වහලින් බැහැපු මේ හොරු කබඩ් එක කඩලා මේ පදක්කම් දෙක අරන් ගිහින්.
මේ පදක්කම් දෙකම දිනාගෙන තියෙන්නෙ 8 ශ්‍රේණියේ ඉගෙන ගන්න කසුනි දේශානි දැරිය. ඉන් එක පදක්කමක් 2017 සමස්ත ලංකා සිංහල භාෂාව සහ සාහිත්‍ය තරඟාවලියේ පළවෙනි ස්ථානය දිනා ගත්තට ලැබුණ රන් පදක්කමක්. දේශානිගේ අම්මා පොල්ලෙලි ගහලා තමයි සල්ලි හොයා ගන්නෙ. එහෙම වෙලාවක මේ වගේ හොරකමක් කරපු එක දේශානිට ලොකු පීඩනයක් වෙලා.
පුත්තලම මූලස්ථාන පොලීසිය සහ පොලිස් අැඟිලි අංශය මේ වෙද්දී පරීක්ෂණ අාරම්භ කරලා තියෙන්නෙ. කොහොම වුනත් අහිසංක ළමයි මහන්සියෙන් දක්ෂතාවයෙන් ලබා ගත්ක පදක්කම් හොරකම් කරලා මොනවා ලබා ගන්නද?