News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

අද ලග්න 3 කට අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1514 Views


අද ලග්න 3 කට අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 02 බ්‍රහස්පතින්දා

රාහු කාලය ප.ව 01.23 සිට 02.52

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව දකුණ

 

 

මේෂ ලග්නය

නුවණින් කරන කටයුතු වලින් තරමක් බාධා ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. උගත් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම වඩාත් වැදගත්. මුල්‍ය පරිපාලන කටයුතු වලදී පාඩු සහගත තත්ව ඇතිවිය හැකියි. වෘත්තිමය පරිපාලන කටයුතු වලින් හවුල් ව්‍යාපාර කටයුතු වලින් වගේම ප්‍රේමනීය සබදතා වලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත හැකියි. විවාහ කල්පසු වුණු අයගේ එවැනි කටයුතු සාර්ථක කර ගන්න වැඩිහිටියන්ගේ උදව් උපකාර පවා හිමි වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු වල පුංචි පුංචි කලබලකාරී ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. සතුරු කරදර බාධක තිබුණානම් ඒවා යටපත් කරගෙන වාසනාව උදා කරගන්න හැකියාව උදා වෙනවා.

ජය වර්ණය ලා රතු පැහැය                        ජය අංකය 03

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. කාලයක් අතගහලා තිබුණු කටයුතු මන්දගාමී ස්වභාවයක් ගත්තනම් අද දවසේදී ඒවා සාර්ථක කරගන්න අලුත් අදහස් උදහස් පහල වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. කලකින් මුණ නොගැසුණු යාලු හිතමිතුරන් පවා මුණ ගැසිලා ඔබට උදව් උපකාර කරනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සතුරු බාධා තිබුණානම් ඒවා යටපත් වෙනවා. ඔබට තරගකාරි කටයුතු වලින් පවා ජයග්‍රහණ අත්පත් කරගන්න හැකියාව පවතිනවා. අලංකෘත කටයුතු වලින් කලාකාමී කටයුතු වලින් සෞන්දර්යාත්මක කටයුතු වලින් සන්නිවේදන කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ උදා කරගන්න පුළුවන්. තමන් කරන සෑම තරගකාරි කටයුත්තකම ජයග්‍රහණයක් අත් වෙනවා.

ජය වර්ණය ලා දම්පැහැය                         ජය අංකය 07

මිථුන ලග්නය

සෞඛ්‍යට යම් ආකාරයක අසුභතා පිඩා ඇති වෙනවා. ආමාශගත රෝග ඇති වෙන්න පුළුවන්. තාක්ෂණය හා මිශ්‍ර වුණු කටයුතු වලින් අධ්‍යාපනික කටයුතු වලින් ඔබ උගත් දෙයින් කරන්නාවූ කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත් වෙනවා. රාජ්‍ය පරිපාලන කටයුතු පීරිස් පරිපාලන කටයුතු පවා යහපත් සහ වාසනාවනත මට්ටමක පවත්වා ගැනීමේ හැකියාව ඉඩකඩ පවතිනවා. කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. මානසික ශක්තිය උසස් මට්ටමක පවතිනවා. අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ගොඩනැගීමේ හැකියාව පවතිනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇති වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                      ජය අංකය 07

කටක ලග්නය

අධ්‍යාපනික කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. ජයග්‍රාහී ලීලාවෙන් ආරම්භ කරන සෑම කටයුත්තක්ම ජයග්‍රාහී ලීලාවෙන් අවසන් කරන්න හැකි වෙනවා. අන් අයගේ උදව් උපකාර හිමි වෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා හිමි වෙනවා. ඔබ යන ගමන් බිමන් වලින් යාලු මිත්‍රකම් ශක්තිමත් වෙනවා. පොත්පත් ආශ්‍රිත කටයුතු අලෙවිකරන සම්බන්ධ කටයුතු මුද්‍රණය හා සම්බන්ධවන කටයුතු වලිනුත් ජයග්‍රහණ හිමි වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පවා බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. තරමක් විටින් විට මනස ව්‍යාකුල තත්වයකට පත්වීමේ හැකියාවක් පවතින නිසා තරමක් කල්පනාකාරී වෙන්න. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ආගමනුකුල කටයුතු සදහා දුර බැහැර යන්නත් ඔබට ආරාධනා ලැබේවි.

ජය වර්ණය ක්‍රීම් පැහැය                ජය අංකය 03

 

සිංහ ලග්නය

ගෙවල්දොරවල් ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් දියුණු වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ශක්තිමත් වෙනවා. තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් කරන්නාවූ කටයුතු වලින් පුංචි පුංචි පාඩු සහගත තත්ව ඇති වෙනවා. දුරබැහැර ගමන් වලදී පාද ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ආහාර නොදිරවිම නිසා හට ගන්න රෝග තත්ව ජලාශ්‍රිත පරිසර වලින් හට ගන්න රෝග තත්වත් තරමක් බාධා ගෙන දෙනවා. කල්පනාකාරී වෙන්න. ජීවිතය පිලිබදව තීන්දු තීරණ ගනිද්දී ඉවසිලිවන්ත වෙන්න. ආර්ථික ශක්තිය යම් ප්‍රමාණයකට යහපත්.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 09

කන්‍යා ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ වචන භාවිත කිරීම මුලික කරගෙන ඔබගේ පෞරුෂය විදහා දැක්වෙනවා. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. ක්ෂණික අවේග ක්ෂණික කේන්ති පිට කරන්න යහපත් දවසක්. අලුත් දේවල් ලියන්න කියන්න ඉතාමත්ම යහපත් දවසක්. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජ ගෞරවය වර්ධනය වෙනවා. සංචාරක කටයුතු පවා දියුණු කරගන්න හැකියි.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 08

තුලා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. ගමන් බිමන් යාම් වලින් යාලු හිතමිතුරන් හදුනා ගන්න අවස්ථාව උදා වෙනවා. අලුත් පොත්පත් කියවන්න ඒවගේ දැනුම තමන්ගේ ජිවිතයට ප්‍රයෝජනයක් වන ආකාරයට එකතු කරගන්න අද දවසේ වාසනාව පෑදෙනවා. බොහෝ පුද්ගලයන්ගෙන් ඔබට යම් දෙයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අන් අයගෙන් උදව් උපකාරයක් ඉල්ලන්න යහපත්. විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තිබුණානම් ලිපිලේඛන සකස් කරන්න ඉතාමත්ම යහපත්. නිවාස ආශ්‍රිත කටයුතු වලට තරමක් කම්මැලි වෙනවා. රැකියාව පිලිබදව ඇතිවන උනන්දුව ඉතාමත්ම ඉහලයි. ව්‍යාපාරික කටයුතු වෘත්තිමය කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 02

 

වෘශ්චික ලග්නය

 

තරමක් මුරණ්ඩු ස්වභාවයක් ඔබ තුලින් පෙන්නුම් කරනවා. ගන්න තීන්දු තීරණ නිවැරදිව ගන්න කල්පනාකාරී වෙන්න. තාක්ෂණික මෙවලම් කලාකාමී කටයුතු සන්නිවේදන කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුලුවන්. අත්සන් තැබීම ආදී කටයුතු නිසා ඔබ යම් ආකාරයකට සිරවිමකට ලක් වෙනවා. දුරබැහැර ගමන් යන්න විදේශගත වෙන්න වාසනාව පවතිනවා. පියපස ඥාතීන් සමග මතගැටුම් ඇතිවේවි. දුරබැහැර ගමන් යන්න විදේශගත වෙන්න වාසනාව පවතිනවා.

ජය වර්ණය සුදු පැහැය                  ජය අංකය 09

ධනු ලග්නය

කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. අතගහන බොහෝ කටයුතු තුලින් ඔබට පාඩු සහගත තත්ව උදා වෙනවා. අත්සන් තැබීම වැනි කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු සන්නිවේදන කටයුතු මුද්‍රණය හා සම්බන්ධ වෙන්නාවූ කටයුතු වලින් යම් අසුභතා පාඩු සහගත තත්ව ඇති වෙන්න පුළුවන්. තරමක පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. වැඩි උනන්දුවකින් සහ කැපවීමකින් කටයුතු කල යුතුයි.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 03

 

මකර ලග්නය

මුල්‍ය පරිපාලන කටයුතු සමාජ පරිපාලන කටයුතු වගේම නිතිය හා සම්බන්ධ කටයුතු වලින් යම් සහනයක් ලැබෙනවා. වියදම් පාර්ශවය නම් ඉහල යනවා. තමන්ගේ ඥාතියෙකුගේ අසනීප තත්වයක් මුල් කරගෙන චිත්ත පිඩාවක් ඇතිවිය හැකියි. ඇතැම් අවස්ථාවල ගත් තීන්දු තීරණ වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා පුංචි පුංචි වාසි සහගත තත්ව උදා වෙනවා.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 07

කුම්භ ලග්නය

වෘත්තිමය කටයුතු තුල තිබුණු බාධාකාරී තත්ව යටපත් වෙලා වාසනාව තමන් සතු වෙනවා. ඥාන ශක්තිය වර්ධනය වෙනවා. අතහැරලා දාල තිබුන කටයුතු යලි සාර්ථක වෙනවා. සෑම සුභ කටයුත්තක්ම පහසුවෙන් සාර්ථක වෙනවා. බලාපොරොත්තු ඉටු වෙනවා. ගුරුවරුන්ගෙන් පවා උදව් උපකාර හිමි වෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 03

මීන ලග්නය

කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුයි. බුද්ධිමතුන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ගැටළුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සෞඛ්‍ය තත්වය දියුණු වෙනවා. මානසික සුවය ඔබට අත්පත් කරගන්න පුළුවන්. කායික ශක්තිය වර්ධනය වෙනවා. අධ්‍යාපනික ශක්තිය වර්ධනය වෙනවා. තරගකාරි කටයුතු ජයග්‍රාහී කරන්න පුළුවන්. බොහෝ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. පෙරපින ඉස්මතු කරගන්න හැකි වෙනවා.

ජය වර්ණය රන්වන් පැහැය                       ජය අංකය 09

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post