අධ්‍යාපනය කියන්නෙ සෑම ළමයෙක්ගෙම අයිතිවාසිකමක්. එ්ක නැති කරන්න දෙමව්පියන්ටවත් බෑ. අනික අපේ රටේ නීතිය අනුව අවුරුදු 5 වැඩි හැමෝම පාසල් අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි ගොඩක් ළමයි ඉස්කෝලේ යන්න කැමති නෑ. පුළුවන් තරම් පාසල් නොගිහින් ඉන්න තමයි බලන්නෙ. එහෙම රටක අපිට බොහොම සංවේදී පුවතක් අහන්න ලැබුණා.
ඔබ කවද හරි දවසක අහලා තියෙනවද ඉස්කෝලේ යන්න ඕන කියලා ඉල්ලගෙන ළමයි පොලීසි යනවා. පහුගිය දවසක මහනුවර පොලීසියට අාපු කුඩා දැරියක් එහි ස්ථානාධිපතිට කිව්වෙ “අනේ නැන්දේ මම ඉස්කෝලේ යන්න අාසයි. මට ඉස්කෝලේ යන්න ඕන. එත් ඉස්කෝලෛ යන්න ඕන කිව්වම තාත්තා මට ගහනවා.” කියලා. ඔබේ මේ වචන ටික අැහුවම ඔබේ පපුවත් හෝස් ගාලා යන්නැති. මේ චූටි දැරියගෙ කතාව අහපු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යන්ශයේ හැමෝගෙමත් අැහෙන් කදුලු වැටුණා.
අවුරුදු 10 ක් වයස කවීෂා කල්හාරී දැරිය තමයි මේ විදියට පොලීසියට අැවිත් ඉස්කෝලේ යන්න ඕන කියලා ඉල්ලුවේ. අැගේ පියා අයිස්ක්‍රීම් විකුණනවා. එ්ත් එ් සේරම මුදල් මත්කුඩු බොන්න වියදම් කරනවලු. අැගේ මව ළමයින්ට කන්න බොන්න දෙන්නෙ ගෙවල් වල වැඩට ගිහින්. “අම්මා උදේට ගියාම හවස එන්නෙ. දවල්ට කන්න දෙයක් නැති වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. එ් වෙලාවට වතුර ටිකක් බීලා හවස් වෙනකන් ඉන්නවා.” පුංචි කවිෂිකා කදුලු පිරුණු දෑසින් කිව්වා. කවිෂිකාගේ 16 හැවිරිදි අක්කාත් මාස 4 ක බිළිදියකගෙ මවක්. අැයත් බස්රථ රියදුරෙකුගේ අතින් අතවරයකට ලක්වෙලා.
“ඉස්කෝලෙ අැදුම් ඉරිලා. සපත්තු දෙක කැඩිලා. අලුත් පොත් දෙක තුනක් ඕන අකුරු ලියන්න. අම්මා සල්ලි නෑ කියනවා. තාත්තා උඹ අායේ ඉස්කෝලේ යන්න ඕන නෑ කියනවා. මට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න ඕන.” පුංචි කවිෂිකා ඉල්ලන්නේ එච්චරයි. මේ දැරියගේ දුක කිසිම බලධාරියින්ගේ අැස නොගැටීම කණගාටුවට කරුණක්. එ් නිසා තමයි කිවිෂිකාට පොලීසියටම අැවිත් දුක කියන්න සිද්ධ වුනේ. මේ වගේ පොතක්වත් නැති අසරණ ළමයි ඕන තරම් තව ලංකාවේ අැති. පාසල් ළමයින්ට ටැබ් දෙන්න කලින් මේ වගේ අසරණ දරුවන්ට පොතක් අරන් දුන්න නම් වටිනවා කියලයි අපිට හිතෙන්නෙ.
බලධාරීන්ට බැරිවුණත් ඔබට මේ අසරණයින් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් දෙපාරක් හිතන්න එපා.