ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සංචාරකයන් පිරිසක් රැගෙන එමින් තිබූ ගුවන්යානයක් කවුඩුල්ල වනෝද්‍යානයේ සිටි අලි රංචුවක් අසලට ගුවන් යානය පහත් කර තිබෙනවා. මේ නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ හිටපු සියයකට අධික අලි රංචුවක් කුලප්පු වෙලා සී සී කඩ දිව ගොස් තිබෙනවා.
කුලප්පු වූ අලියන් නිසා එම අවස්ථාවේ වනෝද්‍යානයේ සිටි හයසීයක් පමණ සංචාරක පිරිසකගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වූ බව උද්‍යාන නිළධාරීන් ප්‍රකාශ කරනවා.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයකට ගුවන් යානාවක් පහත් කරවීම නීතියෙන් තහනම්. පෞද්ගලික සමාගමකට අයත් මේ ගුවන් යානයේ ගුවන් නියමුවාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලා.
නොසැලකිලිමත්කම නිසා හෝ විනෝදය පිණිස මේ වගේ වැඩ කරන එකෙන් ජීවිත සිය ගණනකට මහත් විපතක් සිදු වන්නට තිබුනා.