මේ වෙද්දී මාර්ක් සකර්බර්ග් ගැන ලංකාවේ අය ඉන්නේ හිත් අමනාපෙන්. ඒ Fan Page වල post සාමාන්‍ය News Feed එකෙන් නොපෙන්වා Explore Feed කියලා අලුත් Update එකක් කරපු නිසයි.
කොහොම වුනත් දැන් සකර්බර්ග්ටත් කළකම් පලදීලා වගෙයි. Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ඉන්නේ හිතේ කලකිරීමෙන් කියකා අපිට ආරංචි වුනා. ඒ පහුගිය කාලේ පුරාම Facebook ඔස්සේ රුසියාව සහ ඇමෙරිකාව දේශපාලන ව්‍යාපාරයන් කරපු හින්දයි. ඒත් මේ වැඩේ නිසා ගිය ලැබුණු දැන්වීම් වලින් පහුගිය මාස තුනේ Facebook ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක්. ඒකෙන් ශුද්ධ ආදායම ඩොලර් බිලියන 4.7ක්.
ඒත් ඉතින් සකර්බර්ග් Facebook එකේ දේශපාලන ව්‍යාපාරයන් වලට ආයිත් ඉඩ නොදෙන්න තීරණය කරලා. ඔහු මේ වැඩේට කැමති නැහැලු. ඒ නිසා මේ දැඩි තීරණය ගත්තා කියලයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරේ. කොහොම වුනත් මේ යන විදිහට අන්තිමට Facebook වහලා දාන්නත් බැරි නැහැ කියලයි සමහරු කතා වෙන්නේ.