News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

හැම ලග්නයකටම සුභ, අසුභ මිශ්‍ර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1795 Views


හැම ලග්නයකටම සුභ, අසුභ මිශ්‍ර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 03 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.54

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

මේෂ ලග්නය

ඔබ තුල තිබුණු නම්‍යශීලි ගති ලක්ෂණ වඩාත් වර්ධනය වෙනවා. අතගහන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. අලුත් ව්‍යාපාර පිලිබදව අලුත් මිත්‍ර සම්බන්ධතා පිලිබදව අවධානයක් යොමු වෙනවා. කායික ශක්තිය නිරෝගිමත් වෙනවා. සමාජ තත්වය උසස් වෙනවා. අන්‍යාගමික අන්‍යදේශිත පුද්ගලයන්ගෙන් පවා උපකාර ලබා ගන්න හැකියාව ලැබෙනවා. දුර බැහැර ගමන් යන්න හැකි වෙනවා.එවැනි ගමන් බිමන් වලින් මනස සැහැල්ලු වෙනවා. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය               ජය අංකය: 03

වෘෂභ ලග්නය

අන් අයගෙන් උදව් උපකාර බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. රැකිරක්ෂා වෙළදාම් කටයුතු දියුණු වෙනවා. සේවක ගැටළු නිරාකරණය වෙනවා. ආගමනුකුල කටයුතු වලින් සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. සිල්ගත් උවැසියන්ට බෙහෙත් ඖෂධ පිළිගන්වන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 02

මිථුන ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී තරමක් කල්පනාකාරී විය යුතු වෙනවා. තමන්ගෙන් උදව් උපකාර ගත්ත යාළුවන්ගෙන් පවා ප්‍රවේසම් විය යුතුයි. අධ්‍යාපනික කටයුතු වල මධ්‍යයස්ථ ස්වභාවයක් ඇති වෙනවා. විනෝදකාමී කටයුතු සන්නිවේදන කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. අලුත් ආයෝජන කටයුතු වලට තවමත් එතරම් වාසනාවක් නෑ. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිතව රෝග ඇති වෙන්න පුළුවන්. වචන භාවිතා කරද්දී නම්‍යශීලි වන්න. කේන්ති සහගත සිතුවිලි වර්ධනය වුනොත් බොහෝ බාධා ඇති වේවි.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 07

කටක ලග්නය

නිවාස ආශ්‍රිත කටයුතු යානවාහන කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක වෙනවා. අලුත් හිතමිතුරන් ඇති වෙනවා. තමන්ගේ ගෙදර තමන්ට වදයක් කරදරයක් වගේ තත්වයක නම් තිබුනේ අද පටන් එය නිමා වෙනවා. දරුඵල සිහින සැබෑ වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු නිතිය හා සම්බන්ධ කටයුතු සමාජ සේවා කටයුතු ඉතා උසස් මට්ටමකට පත් වෙනවා. ආගමනුකුල කටයුතුත් යහපත් මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 09

 

සිංහ ලග්නය

සහෝදරයන් සමග සම්බන්ධතාවය අසල්වාසීන් සමග සම්බන්ධතාවය ඉතාමත්ම උසස් මට්ටමක පත් වෙනවා. තාක්ෂණික මෙවලම් පවා දියුණු කරගන්න පුළුවන්. සෙම් සහිත රෝග වලින් පිඩාවට පත් වෙලා හිටියා නම් නිරෝගී වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් උපකාරක පන්ති පැවැත්වීම ආදී දේවලින් ඔබට වාසනාව ලැබෙනවා. පාද ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න. නොදන්නා කෙනෙක් දෙන ආහාර ගන්න එපා. දානමය පිංකමකට සහභාගී වෙන්න.

ජය වර්ණය: විසිතුරුපැහැය                       ජය අංකය: 07

කන්‍යා ලග්නය

ඥාන ශක්තිය වර්ධනය වෙනවා. කායික ශක්තිය නිරෝගිමත්භාවයට පත් වෙනවා. පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් වෙළදාම් ආශ්‍රිත කටයුතු වලින් වචන භාවිතා කරන වෘත්තීන් වලින් බොහෝ ජයග්‍රහණ අත් කරගන්නවා. නිර්මාණශීලි කටයුතු වලටත් ඉත්මත්ම යහපත්. ව්‍යාපාරික කටයුතු වගේම දුරබැහැර ගමන් යාම් ආදී කටයුතු වලටත් ඉතාමත් යහපත්. කොමිස් මුදල් හිමි වෙන කටයුතු පිලිබදව තරමක් කල්පනාකාරී වෙන්න. විදුලිය හා සම්බන්ධ කටයුතු වලිනුත් සෞඛ්‍ය පිඩා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 08

තුලා ලග්නය

මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. අසල්වාසීන් සමග කරන ගණුදෙනු කිරීම් වලට නම් යහපත් නොවේ. ඥති හිතමිතුරන් අතර පුංචි පුංචි නොහොද නෝක්කාඩු ඇතිවිය හැකියි. විනෝදය කලාව මුල්කර ගත් කටයුතු සන්නිවේදනය තාක්ෂණය මුල් කරගත්ත කටයුතු යහපත්. යාන වාහන අලෙවි කිරීම් යන්ත්‍ර උපකරණ ආදී කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. අලුත් වගකීම් භාර ගන්න යෝග්‍යයි.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය             ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

ඥාති සමීප හිතමිතුරන් ගේ සෞඛ්‍ය තත්වය පිරිහීම හේතු කරගෙන ඔබත් තරමක් කාර්යබහුල තත්වයකට පත් වෙනවා. ඇස ආශ්‍රිත රෝග තත්ව මානසික ව්‍යකුලතා ඇතිවීමේ ඉඩකඩ ඇති වෙනවා. ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න යහපත් නොවේ. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු යාලු මිත්‍රයන් ආශ්‍රිත කටයුතු වලින් යහපතක් උදා කර ගන්න පුළුවන්. සුරතල් සතුන්ගෙන් පුංචි පුංචි බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා දම්පැහැය                         ජය අංකය: 02

ධනු ලග්නය

මානසික අසහනකාරී ස්වභාව මනසට දැඩි පීඩාකාරී තත්ව ඇති වෙනවා. තරමක් නිදහසේ කාලය ගත කරන්න ඔබ උත්සහ කරත් අතිශය කාර්යබහුල වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව වැඩ රාජකාරී අධික වෙනවා. යානවාහන ජලය සහ දියරමය දේ අලෙවි කිරීම් වලට ඉතාමත්ම යෝග්‍යයි. කොමිස් මුදල් හිමිවන කටයුතු වලිනුත් ධන ශක්තිය වර්ධනය වෙනවා. අත්සන් තැබීම වැනි කටයුතු වලින් තරමක් කල්පනාකාරී වෙන්න. දුරබැහැර ගමන් යන්න ආරධනා ලැබෙනවා. සුළු සුළු බාධාවන් ඇති වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 07

 

මකර ලග්නය

යහපත් සිතින් කරන සෑම කටයුත්තක්ම සාර්ථක කරගන්න පුළුවන් දවසක්.සෙම් රෝග පපුව ආශ්‍රිත රෝග ඇතිවීමට ඇති දිනයක්.අලුත් වගකීම් ආරම්භ කරගන්න පුළුවන් දවසක් .අනවශ්‍ය බැදීම් වලට බැදෙන්න යහපත් දිනයක් නොවේ.චිත්ත පීඩා මානසික අසහන කාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරන දිනයක් .ජිවිතේ ගැන වැදගත් තීරණ ගැනීමේදී ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 05

කුම්භ ලග්නය

ගුප්තමය ගතිලක්ෂණයක් වර්ධනය වෙනවා. රහසිගත ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. අධික කාර්යබහුල තාවයක් ඇතිකරන දිනයක් වේවි. සැකයට තුඩු දෙන කරුණු වලින් බොහෝ සෙයින් ප්‍රවේසම් විය යුතුයි.  නිරෝගී සුවය අපේක්ෂා කරන අය තරමක් කල්පනා කාරීව ඉවිසිලිවන්තව කටයුතු කලයුතු දිනයක්. උපකාරක පන්ති පැවැත්වීම් මුද්‍රණය සම්බන්ධ කටයුතු නිතිය හා සාමය කටයුතු ජෝතිෂ්‍ය,වාස්තු විද්‍යාවේ නියුතු ගෘහ පරිපාලන වැනි කටයුතු වගේම ඉදිකිරීම් වලිනුත් යම් ජයග්‍රහණ ඇති කරගන්න පුළුවන් දිනයක්. උගතුන් වැඩිහිටියන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යහපත් වේ.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 08

මීන ලග්නය

ආර්ථික තත්වය වැඩි කරගැනීමට වැඩි කැමැත්තක් දක්වන දිනයක්.ව්‍යාපාරික කටයුතු වල නිරතවෙන්න  උත්සහ කරන දිනයක්. ලිපි ලේඛන කටයුතු වගේම මානව සම්පත් කළමනාකරණය,ඇගලුම් ශේෂ්ත්‍ර කටයුතු වල නිරත වන අයට සුබ දිනයක්. තාක්ෂණික හා මෙවලම් කටයුතු වලිනුත් යම් ජයග්‍රහණ අපේක්ෂා කල හැකි දිනයක්. විවාහය සම්බන්ධ කටයුතු වලදී ඉවසිලිවන්ත විය යුතු දිනයක්. ප්‍රේමනීය කටයුතු වලටත් ඉතාමත් යහපත්. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කලයුතු දිනයක්.

ජය වර්ණය: නිල් පැහැය                       ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post