පෘතුවිය කියන්නේ විශ්වයේ ජිවින්ට ජිවත් වෙන්න සුදුසුම ග්‍රහලෝකය. එත් පෘතුවිය කියන්නෙත් තාමත් තේරුම්ගන්න බැරි විදිහේ පරිසර තත්වයන් තියෙන තැනක්. මොකද කාන්තාර වගේ ගොඩක් රස්නේ තියෙන ප්‍රදේශ වගේම අයිස් වලින් මිදුණු සිතල ප්‍රදේශ මේ ලෝකේ තියෙනවා. ඒ වගේම තාමත් මිනිස්සුන්ට ලංවෙන්න බැරිවුන හරිත වනාන්තරත් අපි මේ ජිවත් වෙන පෘතුවියේ තියෙනවා. ඉතින් එකිනෙකට වෙනස් වුන තැන වලින් පොහොසක් අපේ මේ පෘතුවියේ හිතලම තැනක තියෙන ගමක් ගැන තමයි මේ කියන්න හදන්නේ .
Oymyakon කියන ගම තියෙන්නේ රුසියාවේ. මේ නමේ තේරුම වෙන්නේ ” Non Freezing Water ” කියන එක. මේකේ සිංහල තේරුම වෙන්නේ ” අයිස් ජලය බවට පරිවර්තනය වෙන්නේ නෑ ” කියන එක. Oymyakon ගමේ ජනගහනය පුද්ගලයෝ 500 ක් විතර වෙනවා. ඒ වගේම ශිත කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50 ක් වෙනවා. මේ අධික සීතල තත්වය නිසා කෑමට ගන්න පුළුවන් කිසිම ගහක් කොලක් මේ ගමේ වැවෙන්නේ නෑ. ඒ නිසා ගමේ කට්ටිය කෑමට ගන්නේ අශ්වයන්ගේ සහ පිණි මුවන්ගේ මස්. ඒ වගේම අධික සීතල තත්වය නිසා මේ ගමේ අයට තමන්ගේ වාහනේ Start කරලා තියන්න වෙනවා. මොකද බැරි වෙලාවත් එන්ජිම නැවැත්තුවොත් ආපහු වාහනේ Start කරගන්න පුළුවන් වෙයිද කියල එයාලා බයයි. එත් කොච්චර කටුව ජිවිතයක් වුනත් මේ ගමේ මිනිස්සු අපුරු ජිවිතයක් ගතකරනවා. පහත පින්තුර වලින් බලන්නකෝ එයාලා ගතකරන වෙනස් ජිවිතේ කොහොමද කියලා.
මේ විදිහට තමයි ගමේ කට්ටිය දවසෙම ඇඳුම් ඇඳගෙන ඉන්නේ.

මේ තමයි ගමේ තියෙන Market එක.
මේ තමයි ගමේ තියෙන ඉන්ධන පිරවුම්හළ
මේ තමයි ගමේ තියෙන එකම කඩේ
මේ තියෙන්නේ ගමේ අය පාවිච්චි කරන වැසිකිළියක්

තියෙන්නේ ගමේ තියෙන තාප බලාගාරය සහ එකේ අඟුරු අදින ඩෝසරයක්

මෙන්න මෙයාලා තමයි ඒ ගමේ අයට බොන්න එළකිරි දෙන්නේ