ආචාර්ය පණ්ඩිත් W.D අමරදේව මියැසි මතක සක්මන යළි කියවමු.
3811 Views
ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත් කළ හෙළයේ මහා ගාන්ධර්වයානන් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මියගිහින් අදට අවුරුද්දක්. හදිසි හෘදයාබාධ තත්වයක් නිසා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රෝහල් දැඩි සත්කාර ඒකකයේ ඔහු මියගියේ හරියටම පසුගිය වසරේ නොවැම්බර් 03 වනදායි. ඩබ්. ඩී. අමරදේව කියන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ගෞරවණීය කලාකරුවෙක්.
මේ එතුමන්ගේ සංගිත ගමනේ කඩඉම් කිහිපයක් :
- ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළා.
- අමරදේවයන් අතින් තනු සහ සංගීතය නිර්මිත කාව්‍යමය නාට්‍ය අතර ‘කරදිය’, ‘නළදමයන්ති’, චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත බොහෝමයක් ගායනා කළා.
- පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව ශුරින් සමත් වුණා.
- එමෙන්ම 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව “ගවුමි සලාම්” නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව බිහිකළ අසහාය ගායකයෙක් වුණා.
ඉතින් එතුමන් අප අතරින් වෙන්වී පළමු වන වර්ෂය වෙනුවෙන් සියත FM, උපුල් ශාන්ත සන්නස්ගල සමඟ එතුමන්ගේ මතකාවර්ජනය ගැන පැයක රේඩියෝ වැඩසටහනක් අද උදෑසන ගෙන ආවා. එම වැඩසටහන මඟහැරුණු බොහෝ දෙනෙක් එම වැඩසටහනේ නැවත විකාශයක් ලබා දෙන ලෙස අද දිනය පුරාවටම අපගෙන් ඉල්ලීම් කළා. ඔබගේ එම ඉල්ලීමට ගරු කල සියත අපි, එම වැඩසටහනේ නැවත විකාශයක් හෙට උදෑසන 8 ට ඔබට ගෙන ඒමට සුදානම්. එහෙනම් හෙට උදේ 8ට FM 98.2 න් හෝ FM 98.4 න් , එම වැඩසටහන මඟහැරුණු ඔබට අහන්න කියලා අපි ආරාධනා කරනවා.