News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

අද ලග්න දෙකකට අඹුසැමි ආරවුල් ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1560 Views


අද ලග්න දෙකකට අඹුසැමි ආරවුල් ඇතිවිය හැකියි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017නොවැම්බර් මාසයේ 04 සෙනසුරදා

රාහු කාලය පෙ.ව 08.56 සිට 10.54

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නැගෙනහිර

 

 

මේෂ ලග්නය

බොහෝ විට හැගීම්බරව කරන කටයුතු ඔබට යහපත ගෙන දේවි. අන්‍යන් උදෙසා කැපවීම ඔබගේ දෛනික කටයුතු ඉදිරි කටයුතු සාර්ථක වීමට වගබලා ගන්න. ව්‍යාපාරික අංශයේ කටයුතු කීපයක් ඔබට කරගැනීමේ හැකියාව තිබෙන අතර නව අදහස් තුලින් පරිපුර්ණත්වයට පත් වීමත් මංගල කරුණු කාරනා ස්ථිරසාර වීම හෝ පෙම් සම්බන්ධතා වැඩි දියුණු වීම එකිනෙකාගේ ආදරය කරුණාව දිනා ගැනීමට හැකියාවත් අද දිනයේදී ඇති වේවි. එකමුතුව කරන කටයුතු වලින් ඔබට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 02

වෘෂභ ලග්නය

ඔබට බොහෝ විට දියුණුවක් කෙරේ සිත යොමු කිරීමක් ගෙදර දොර වාතාවරණය සාර්ථක අන්දමින් විසදා ගැනීමටත් උත්සහ ගන්නාවූ දිනයක්. අලුත් අදහස් මතු වේවි. රසවත් ආහාරපාන ලැබෙන ගමන් බිමන් හෝ වන්දනා ගමන් මංගල උත්සව ආදියට සහභාගී වීම් වලට ඉඩ තිබෙන දිනයක්. මෙතෙක් කලක් කරගෙන ආ ව්‍යාපාරික කටයුත්තක් සාර්ථක අන්දමින් නිමා කර ගැනීමක් හෝ එයින් ධන ලාභ සහිත ගතියක් මතු වෙනවා. දරුවෙකු නිසා හෝ දරුවන්ගේ කටයුතු නිසා කලකිරීමක් සහ ඔවුන්ගෙන් සිත් රිදෙන ගතියක් නිසා ඔබ කරන කටයුතු බුද්ධිමත්ව කරන්න. තමන්ගේ සියලු කටයුතු කෙරේ මංපෙත් විවර කර ගැනීමට උත්සහ ගන්නා නිසා කාර්යභාරයක් ඔබ මතට පැටවේවි.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 06

මිථුන ලග්නය

උන්නන්දුව උත්සාහය ක්‍රියාශීලි බවක් ඇතිවන අතර තමන්ගේ තත්වය බලය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට හැකියාවක් තියෙනවා. මෙතෙක් කලක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මාර්ගයකට යොමුකර ගැනීමක් හා උසස් අන්දමින් නිමා කර ගැනීමට ඔබට අද දිනය තුල හැකියාවක් තියෙනවා. මංගල්‍යමය කටයුතු වලදී තරමක් බුද්ධිමත් විය යුතුයි. තමන්ගේ තිබුනාවූ මංගල කරුණු ගැටළුවක් මතු වීම නිසා ප්‍රේම සම්බන්ධතාවක් ඈත් වීමක් සිත් තැවුලක් මතු වීමට ඉඩ තියෙනවා. ක්ෂණික තීරණ ඉක්මන් තීරණ කේන්ති යාම් තුලින් ඔබට තරමක් දුරට සමාජගත වීමට අවකාශ ලැබෙනවා.

ජය වර්ණය: තද කොළ පැහැය                 ජය අංකය: 05

කටක ලග්නය

නොයෙක් අන්දමේ කටයුතු කීපයක් ස්ථිර කර ගැනීමට හැකියාවක් තිබෙන අතර ව්‍යාපාරික කටයුතු තුලින් අලුත් අත්දැකීමක් හෝ දායකත්වයක් ලැබීමක් හෝ හැකියාවක් තියෙනවා. මෙතෙක් කලක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට වෙනස් ආරකට ගැනීමට හැකියාව තිබෙන අතර මංගල්‍යමය ගමන් බිමන් වැඩි පෙම් සම්බන්ධතා වැඩි දියුණු වෙන ඒ වගේම හිතේ ඇති ආදරය කරුණාවෙන් කියා ගැනීමට හැකියි. ඒ වගේම ඔබට ඔබේ හිතවතා මුණ ගැසීමට භාග්‍ය තියෙන දිනයක්. සුදුසු දේ සුදුසු විදියට සිදුවන දිනයක්. ලැබීම අතින් යහපත් වන අතර අතමිට මුදල් ගවසේවි. ව්‍යාපාරික කටයුතු සහ රැකියා කටයුතු සාර්ථක වන දිනයක්.

ජය වර්ණය: සුදු පැහැය                             ජය අංකය: 02

 

සිංහ ලග්නය

බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලිබවකින් යුතුව කටයුතු ආරම්භ කරන අතර පිනට දහමට සිතුවිලි උපදිනවා. පුණ්‍යකාමී කටයුතු කෙරෙන් ඔබට සිතට සහනයක් ලැබේවි. සිත එකග කරගෙන කරන ධාර්මික කටයුතු වලින් ඔබට ශක්තිමත් දවසක් ලබා ගත හැකියි. හදිසි ධන ලාභ ලැබීම අතින් යහපත්. අතමිට මුදල් ගැවසෙනවා. විදේශගත වීම් තුලින් ඔබට එවැනි දායකත්වයක් දැරීම තුලින් බොහෝ දේ ඉගෙන ගැනීමට හෝ දැකීමට හැකියාවක් තියෙන අතර ඥාති හිතවතුන් මැද සතුටු සිතින් උත්සව අවස්ථාවකට සහභාගී විමකටද ඉඩ වැඩි දිනයක්.

ජය වර්ණය: නිල් පැහැය                ජය අංකය: 05

කන්‍යා ලග්නය

අලුත් අදහස් අලුත් හැගීම් ඇතිව කටයුතු කරන අතර ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී ප්‍රවේසම් වෙන්න. ලැබීම අතින් යහපත්. මිල මුදල් අතමිට ගැවසෙනවා. කලාකෘති නිර්මාණ පොත්පත් ලිවීම් නැටුම් ගැයුම් ආදී කලා කුසලතාවයන් වර්ධනය කරගෙන ඉදිරියට යාමේ හැකියාවක් තිබෙනවා. බුද්ධිමත් තීරණ ගන්නා ඔබ සියලු දෙනා ඒකරාශී කරන කටයුතු සාර්ථක වෙනවා. නීති ප්‍රශ්න සතුරු කරදර තුලින් ඔබට තරමක් දුරට ගැටළු මතු වෙනවා. ඔබගේ දායකත්වය දෙන්නාවූ සියලු කටයුතු සුදුසු කටයුතු සුදුසු පරිදි හිතවත්භාවයකින් යුතුව කිරීමට වගබලා ගත යුතුයි. ජල පිඩා ඇති බැවින් ස්නානය කිරීමෙන් ජල ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කිරීමෙන් හෝ ගංගා මුහුදු ළිං ආශ්‍රිතව කටයුතු කරන අය ප්‍රවේසම් සහිත වීම හොදයි.

ජය වර්ණය: නිල්  පැහැය                ජය අංකය: 02

තුලා ලග්නය

ලැබීම අතින් යහපත්වන අතර ඔබගේ තත්වය බලය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමක්ද සිත හොදින් කරන කටයුතු සාර්ථකව නිමා කර ගැනීමක්ද තියෙනවා. අලුත් අලුත් දේ මිලට ගන්න ගෙයක් සාදන්න නව කර්මාන්තයක් පටන් ගැනීමට ඔබට සුභවාදී වන අතර කරගෙන යන වැඩ කටයුතු සාර්ථක අත්දැකීමක් ලැබීමට හැකියාවක් තියෙනවා. මංගල්‍යමය ගමන් බිමන් වැඩි වීමක් හෝ ගෙදරදොර අඹුසැමියන් අතර සමගිය සමාදානය වර්ධනය වීමක්ද කලක් සතුරුව සිටි කෙනෙක් මිතුරු වෙසින්ද ලගට පමිනිමක්ද තිබෙන නිසා සාර්ථක දවසක්.

ජය වර්ණය: තද නිල් පැහැය                      ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු බුද්ධිමත්ව තීරණයක් ගෙන වෙනස් මගකට යොමුකර ගැනීමට ඔබ සිතා සිටියේ නම් එය සුභවාදී වෙනවා. මිලමුදල් තත්වය තරමක් අයහපත් වෙනවා. මිල මුදල් සම්බන්ධයෙන් කරන කටයුතු තරමක් අයහපත් වේවි. විදේශගත වීමක් හෝ තරමක් දුරබැහැර ගමන් බිමන් ඇති නිසාම කාලය කාර්යබහුල වෙනවා. තමන්ට වැඩ රාජකාරි වැඩි නිසා කලට වෙලාවට ආහාරපාන පවා අමතක වන අතර ඔබ තරමක් බාහිර කටයුතු තමා වෙත පටවා ගැනීම වැඩි දායකත්වයක් දරන දිනයක්. ගෙදරදොර වගකීම් සම්භාරයක්ද ඔබට පැටවේවි. කතාවෙන් ක්‍රියාවෙන් ඉවසිලිවන්තව කටයුතු කිරීමට වගබලා ගන්න.

ජය වර්ණය: දම් පැහැය                  ජය අංකය: 09

ධනු ලග්නය

උත්සාහය උනන්දුව හා ක්‍රියාත්මකභාවය තුලින් ඔබට ජයග්‍රහණ කීපයක් ලගා කරගත හැකියි. බොහෝ විට හිතවත්වූ අයගෙන් ඈත් වීමක් හෝ අහිතවත්වූ අය තමා වෙතට ලං වීමක් තිබෙනවා. කරන්නට ඕනා කටයුත්ත හරි ආකාරව කර ගනිමියි සිතා අවිනිශ්චිත කටයුතු නිසා සහනයක්ද නිශ්චිත කටයුතු වලින් ගැටලුවක්ද මතු වෙනවා. දුවා දරුවන්ගේ මංගල කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර ඔබ මවක් හෝ පියෙක් නම් ඒ ගැන වැඩි සැලකීමක් දැක්වීමට හැකියාවක් පවතිනවා. දරුවන්ගේ දියුණුව ඇති කරන දිනයක්. විදේශගත වීමක් හෝ දරුවෙකුගේ මංගල කටයුත්තක් සාර්ථකව නිමා කර ගැනීමටද හැකියාවක් පවතිනවා. ඔබට මිල මුදල් තත්වය තරමක් විය පැහැදම් වැඩි නිසා අද දිනය තුලදී ණය වීමට පවා සිදු වෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 09

 

මකර ලග්නය

උනන්දුව උත්සාහය මෙන්ම කාර්යබහුලත්වය වැඩි දිනයක්. ඔබ කරන රැකියා කටයුතු වල උනන්දුවක් හෝ උසස් වීමක් ලැබීමක් එයින් ඔබගේ දෛනික කටයුතු සාර්ථකව නිමා කර ගැනීමටද හැකියාවක් තිබෙන අතර සේවකාදීන්ගෙන් පැසසුම් ලැබීමට හැකි වෙනවා. උසස් අයෙකුගෙන් ගරු නම්බු ලැබීමට අතමිට මුදල් ගැවසිමක්ද තිබෙන නිසා යහපත්. අධ්‍යාපනික අංශයේ නව ප්‍රබෝධයක් ඇතිවන දවසක්. ගෙදරදොර වාතාවරණයේදී තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. අඹුසැමියන් අතර සුළු සුළු මතභේද චිත්ත පිඩා මතුවිය හැකියි. පිනට දහමට සිත යොමු වෙනවා.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 09

කුම්භ ලග්නය

මෙතෙක් කලක් කරගෙන ආ වැඩ කටයුතු අලුත් අත්දැකීමක් ලැබීමක් හෝ නවත්වයකින් කරගැනීමක් හෝ දුරස් වීමක් තුලින් ඔබට සාර්ථකත්වය දකින්න පුළුවන්. ගෙදරදොර හිතවතෙක් ඈත් වීමක් හෝ විදේශගත වීමකට ඉඩ තිබෙනවා. ඔබට විදේශගත වීමක් ඇත්නම් එයද සාර්ථක අන්දමින් ශක්තිමත් වේවි. දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්නා ඔබ අද දිනය තුලදී හිතට එකගව කතා කිරීම තුලින් සියලු දෙනාගේම අදහස් දැන ගැනීමේ හැකියාව තියෙනවා.

ජය වර්ණය: නිල් පැහැය                 ජය අංකය: 05

මීන ලග්නය

කරගෙන ආ වැඩ කටයුතු තරමක් ආපස්සට යාමක් හෝ චිත්ත පිඩාවක් බලපෑමට ඉඩ තිබෙන නිසා කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන් පවුලේ සමගිය බිද වැටීමක් හෝ අඹුසැමියන් අතර සුළු සුළු මත විමසුම් නිසාම චිත්ත පිඩා මතු විය හැකියි. දරුවෙකුගේ කටයුත්තක් හෝ මන්දගාමී කටයුත්තක් නිසා මව් දෙමව්පියන්ට අවුල් සහගත තත්වයක් ඇති වීමට ඉඩ තිබෙන නිසා අද දිනය තුලදී තරමක් කටයුතු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ආගමික කටයුතු වලට නැඹුරු වීමෙන් දවස සාර්ථක වේවි. ලැබීම අතින් යහපත් වුවත් වියදම් අධික වෙනවා. ක්ෂණික තීරණ ගැනීමෙන් වැළකිය යුතුයි. ගමන් බිමන් යාමෙන් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 02

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 011 2 50 93 86


News Articles
Latest Videos
Most Popular Post