News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ලෝකයේ ඉහළම තැනක රාජකාරි සඳහා ලංකාවෙන් යන, පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා.

2469 Views


ලෝකයේ ඉහළම තැනක රාජකාරි සඳහා ලංකාවෙන් යන, පළමු ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනා.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරින් සඳහා පළමු වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. දෙදෙනා ඊයේ (03) දින උදේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුනා. යුද්ධ හමුදාධිපතිතුමන් සාම සාධක නිරික්ෂණ රාජකාරි සඳහා පිටත්ව යන මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනාට සුභ පැතුම් එක් කළා. අද දිනයේ දී මධ්‍යම අප්‍රිකාව බලා ඔවුන් පිටත්ව යෑමට නියමිත වෙලා තිබෙනවා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මධ්‍යම අප්‍රිකානු සාම සාධක මෙහෙයුම්හි හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට ආරාධනා ලැබුණු යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වනවා. මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනා වසරක කාලයක් එහි රාජකාරින්හි නිරතවනවා.

එක්සත් ජාතින්ගේ හමුදා රාජකාරින් සඳහා තෝරා ගැනුණු මෙම කාන්තා නිලධාරිණියන් දෙදෙනා වන්නේ වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ යන නිලධාරිණියන් දෙපලයි.

කාන්තා නිලධාරිණියන් දෙදෙනා ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් කිව්වේ ඔවුන්ට ලැබීඇත්තේ ඉතා වටිනා අවස්ථාවක් බවත් තම වෘත්තිය නිපුණත්වය මනාව ප්‍රදර්ශනය කරමින් රාජකාරින් ඉටුකරන ලෙසත් ඉදිරියේදි ඔවුන් වැනි කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා එක්වීමට නියමිත වන කියලයි.

යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් දිල්රුක්ෂි මුණසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබිමෙන් අනතුරුව යුද්ධ හමුදා පළමු එක්සත් ජාතින්ගේ මෙහෙයුම් භට පිරිස අප්‍රිකානු මහද්වීපයේ කොන්ගෝ රාජ්‍ය බලා පිටත්ව ගිය අතර, යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු ඇතුලත් වු එම කණ්ඩායම වර්ෂ 1960 දී සාම සාධක මෙහෙයුම් ආරම්භ කොට වර්ෂ 1962 දී අවසන් වුනා.


News Articles
Latest Videos
Most Popular Post