News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව චමරී අතපත්තු

1539 Views


කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට යන ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව චමරී අතපත්තු

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලියට එක්වීමට අවස්ථාව ලැබූ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව බවට චමරී අතපත්තු පත්ව සිටිනවා. ඒ මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම සමඟින් ඇති කරගත් ගිවිසුමකට අනුවයි.

මේ අවුරුද්දේ තිබුණු කාන්තා එක් දින ක්‍රිකට් තරඟාවලියේදී කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ චමරී මීට කලින් එංගලන්ත කාන්තා විස්සයි 20 ලිග් තරඟාවලියේදී යෝක්ෂර් ඩයිනමයිට්ස් කණ්ඩායම නියෝජනය කලා. ඒ ශ්‍රී ලංකාවෙන් කාන්තා විස්සයි 20 ලිග් තරඟාවලියට අවස්ථාව ලැබූ ශ්‍රී ලංකාවේ එකම හා පළමු ක්‍රීඩිකාව බවට පත්වෙමින්.

කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟාවලිය, ලබන දෙසැම්බර් 09 වනදා ආරම්භවීමට නියමිතයි.

 


News Articles
Latest Videos
Most Popular Post