කලින් චරිතාපදාන එලිදැක්වුවේ පොත් විදිහට. හැබැයි දැන් දැන් ලංකාවෙ කතා බහට ලක්වුනු චරිත ගැන ලෝකෙටම කියන්නේ Music Video වලින්. මේ වෙද්දි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහත්මයාගේ ජීවිත කතාව ඉරාජ් Music Video එකකට ගත්තා. ඊට පස්සේ තව කෙනෙක් ඉරාජ්ගේ ජීවිත කතාවෙනුත් video එකක් කරා.
මේ රැල්ලේ අලුත්ම එක තමයි දසුන්. නව පරපුරේ ජනප්‍රිය නලුවෙක් වුනු දසුන් නිශාන් මීට ටික දවසකට කලින් සිය දිවි හානි කරගත්තා. ඊට පස්සෙ ඔහුගෙ සියදිවි හානි කරගැනීමට ජනප්‍රිය නිලි ශලිනි තාරකා වගකියන්න ඕන කියලා සමාජ මාධ්‍ය චෝදනා කරා.
ඉතින් මේ කතාවත් එක්ක දසුන්ගේ ජීවිත කතාව ඇතුලත් කරලා ඊයේ චමූ ශ්‍රී YouTube වලට Video එකක් දැම්මා. මේ වෙද්දි පැය 24ක් ගත වෙන්නත් කලින් මේ video එක YouTube Trending වල අංක 1 වෙලා. හැබැයි ගොඩක් අය මෙහෙම Video කරන එක ගැන නම් කලකිරීමෙන් ඉන්නේ.
ඒ කොහොම වුනත් මේ music video එකේ විශේෂ දර්ශන කිහිපයක් අපි ඔබට පෙන්නනවා. සම්පුර්ණ Video එක බලන්න චමූ ශ්‍රීගේ YouTube Chanel එකට යන්න වෙනවා.