කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට මේ දවස්වල ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක් තියෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් මේ අතරේ කාලෙන් කාලෙට ලංකාවට වැටුණු එක එක ජාතියේ වැසි ගැන ඔබට මතක ඇති. පාට වැසි, අයිස් වැසි, මල් තුහින වැසි මේවයින් කිහිපයක්. ලංකාවේ එක එක ප්‍රදේශ වලට මේ විදිහේ වැසි වැටුනා.
ඉතින් අද උදෙත් දඹුල්ල – ගම් උදාව ප්‍රදේශයට මේ විදිහේ අමුතු වැස්සක් වැටුනා. ඒ මාළු වැස්සක්. අද උදේ ඇද හැළුණු වැස්සත් එක්ක පුංචි පුංචි මාළු ගොඩක් පොළොවට වැටුනා. අහල පහළ ඉන්න කපුටෝ වගේ සත්තු මෙයාලව ආහාරයට ගන්න හදද්දී ගම්මු එකතුවෙලා මේ මාළු ටික දෙනෙක් පන පිටින් අල්ලගෙන. මේ තියෙන්නේ ඒ විදිහට ගම්මු එකතුකරගත්ත, අහසින් වැස්සත් එක්ක පොළොවට වැටුන මාළුන්ගේ Video එක.
https://youtu.be/dPAR_-MP3_8