අතුල – සමිතා ගැන වගේම ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ කාවින්ද්‍යා ගැන පසුගිය කාලේ සමාජ මාධ්‍යවල විවිධාකාරයෙන් කටකතා පැතිරුණා. එත් මේ කියන්න යන්නේ කාවින්ද්‍යා සිය මල්ලීගේ උපන් දිනේට එක්කළ සංවේදී සුබ පැතුමක් ගැනයි.
මේ තමයි ඒ Facebook සටහන.
අද වගේ දවසක තමයි මං ගොඩක් ආදරේ කරන, මගේ පනටත් වඩා මගේ ඇස් දෙක මෙන් බලාගන්න මගේ මල්ලි මේ ලෝකෙට බිහි වුනේ…..
මගේ මැණිකට සුබම සුබ උපන්දිනයක් වේවා !
ජිවිතේ ගොඩක් දේවල් වලට ඔයයි මායි අම්මයි තනියෙන් මුහුණ දුන්නා ,අදටත් එහෙමයි, ඉස්සරහටත් එහෙමමයි.
මල්ලි ඔයා වගේ පුදුම ගතිගුණ ඇති මල්ලි කෙනෙක් ලැබෙන්න මමත් ,ඒ වගේම එහෙම පුතෙක් ලැබෙන්න අම්මත් ගොඩක් පින් කරලා ඇති කියලා මට හිතෙනවා…. ඔයාගේ ඔය රත්තරන් හදවතට කාටවත් හිරිහැර කරන්න දෙන්නේ නැහැ මම කවදාවත්.මං ඒක මගේ ඇස් දෙක වගේ රැකගන්නවා…
ඔයා මට මල්ලි කෙනෙක් වගේම මට තාත්තා කෙනෙක්
වෙලා දැන්…අම්මවයි මාවයි ඔයාගේ පණ වගේ ඔයා බලාගන්නවට ඔයාට ගොඩක් පිං මගේ රත්තරං මැණික….
මේ ලෝකේ මිනිස්සු හරි නරකයි මගේ රත්තරං මැණික ,ඒත් මේ ලෝකේ ඔයාට එදා වගේම අදටත් ඒ වගේම ඉස්සරහටත් ඒ ආදරේ එහෙමම හිතේ තියෙන දෙන්නෙක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.ඔයාට කවුරු නැති වුනත් ….ඒ මේ අක්කි ,ඔයාගේ අම්මි ….
අපි දෙන්නා ඔයාව කවදාවත් තනි කරන්නේ නැ .මොකද ඔයා තමා අපේ පණ !
අපේ ජිවිතේ ඉස්සරහටත් තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි .ඒත් අපි තුන්දෙනා එකට ඒවාට මුහුණ දෙනවා කියල මට විශ්වාසයි .
මගේ රත්තරන් මැණිකගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙලා ලොකු මිනිහෙක් නොවුනත් සමාජයේ “හොද” මිනිහෙක් වෙන්න කියලා තමා අක්කිට අම්මිට කියන්න තියෙන්නේ !
ආදරෙයි මැණික
