News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

මාර්ක් සකර්බර්ග් ලංකාවට වෙන හැන්දකින් බෙදන්නේ ඇයි? Explore Feed නවතීයිද? Facebook ලොක්කෙක් හෙළිකරයි.

2228 Views


මාර්ක් සකර්බර්ග් ලංකාවට වෙන හැන්දකින් බෙදන්නේ ඇයි? Explore Feed නවතීයිද? Facebook ලොක්කෙක් හෙළිකරයි.

මේ වෙද්දී ලංකාවේ සමාජ ජාල ක්‍රියාකාරීන්ව අසරණ කරමින් Facebook එකේ අලුත්ම Update එක ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි Explore Feed. ලංකාව ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වුණු මේ මගින් Page වලින් share කරන Post පෙන්නනවා. ඒ අනුව සාමාන්‍ය News Feed එකේ පෙන්නන්නේ මිතුරන් දාන post විතරයි. මේක පරීක්ෂණ අදියරක් කියලයි මුලින්ම Facebook එකෙන් කිවුවේ.හැබැයි යුරෝපා, ඇමෙරිකා සහ ආසියා කලාපයේ අනිත් රටවලට මේ Update එක බරපතල නෑ. ඉතින් මේ විදිහට ලංකාවට වෙනම හැන්දකින් බෙදුවේ ඇයි කියලා පළමු වරට Facebook එකේ වගකිවයුතු නිලධාරියෙක් ප්‍රකාශයක් කරා.

“ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අපි මේ අත්හදා බැලීම කරේ ඔවුන්ගේ පුද්ගලික හා ව්‍යාපාරික අරමුණු වෙන්කර දක්වන්න. ඒ අනුව facebook භාවිතා කරන පුද්ගලයාට පුළුවන් තමන්ට අවශ්‍ය දේ වෙන වෙනම දකින්න. මේක ව්‍යාපාරික වශයෙනුත් වැදගත් පියවරක්. හැබැයි මේ Update එක දිගටම ක්‍රියාත්මක කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.”

Facebook නිෂ්පාදන කළමනාකරණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානි ඇඩම් මොසෙරි තමයි මේ අදහස් දැක්වීම කරේ. ඒ කියන්නේ ආයිත් ඉක්මනින්ම Facebook එකේ Update එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post