News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

කුසල් මෙන්ඩිස් කැපෙයි, මැතිව්ස් යලි එයි. ප්‍රහාරාත්මක පිතිකරුවන් 3 දෙනෙක් එක්ක ඉන්දියාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න.

2188 Views


කුසල් මෙන්ඩිස් කැපෙයි, මැතිව්ස් යලි එයි. ප්‍රහාරාත්මක පිතිකරුවන් 3 දෙනෙක් එක්ක ඉන්දියාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න.

ආයිත් අපි යනවා ඉන්දියාවට. ඒ තරග 3 බැගින් සමන්විත ටෙස්ට්, එක්දින හා T20 තරගාවලියකට සහභාගී වෙන්න. සුපුරුදු විදිහට මුලින්ම ඉන්දියාවට යන ටෙස්ට් සංචිතය නම් කරලා තියෙනවා. පහුගිය පකිස්ථාන තරගාවලියට යන්න බැරිවුණු ඇන්ජලෝ මැතිව්ස් මේ පාර සංචිතයට ඇවිත්. ඒ වගේම ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානක සහ ධනංජය ද සිල්වාත් මේ පාර සංචිතයට ඇතුලත්. පහුගිය තරග වල එකදිගට අසාර්ථක වුනු කුසල් මෙන්ඩිස් මේ සංචිතයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ අනුව ලබන බදාදා ඉන්දියාව බලා පිටත්වෙන ටෙස්ට් සංචිතය මෙන්න…

1. දිනේෂ් චන්දිමාල් (නායක)
2. දිමුත් කරුණාරත්න
3. ධනංජය ද සිල්වා
4. සදීර සමරවික්‍රම
5. ඇන්ජලෝ මැතිව්ස්
6. ලහිරු තිරිමාන්න
7. රංගන හේරත්
8. සුරංග ලක්මාල්
9. දිල්රුවන් පෙරේරා
10. ලහිරු ගමගේ
11. ලක්ෂාන් සඳකැන්
12. විශ්ව ප්‍රනාන්දු
13. දසුන් ශානක
14. නිරෝෂන් දික්වැල්ල
15. රොෂේන් සිල්වා

 


News Articles
Latest Videos
Most Popular Post