News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ආන්දෝලනාත්මක ඡායාරුප අන්තර්ජාලයට දැමු අනෝමා ජනාදරීට ජාත්‍යන්තර සම්මානයක්.

1848 Views


ආන්දෝලනාත්මක ඡායාරුප අන්තර්ජාලයට දැමු අනෝමා ජනාදරීට ජාත්‍යන්තර සම්මානයක්.

ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලිස්‌ නුවරදී පැවැත්වුණු “ඒෂියන් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්‌ටිවල්” හි හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා.

චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කළ “දැවෙන විහඟුන් ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් තමයි ඇයට මේ සම්මානය ලැබිලා තියෙන්නේ.

ඔක්‌තෝබර් 25 වැනිදා ඉඳන් නොවැම්බර් 02 වැනිදා වෙනකන් තිබුන මේ චිත්‍රපට උළෙලේදී අනෝමා ජනාදරීට හිමි සම්මානය, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර විසින් ලබාගෙන තියෙනවා. ඒ අතරේ මේ සම්මානය මෙරටදී චිත්‍රපට සංස්‌ථාව විසින් පවත්වනු ලබන විශේෂ ඇගයිම් උත්සවයකදී අනෝමා ජනාදරී ට ලබාදීමට කටයුතු සූදානමක් තියෙනවා.

අනෝමා ජනාදරී මීට ප්‍රථම ද අන්තර්ජාතික සිනමා උළෙලයන් රැසකදී සම්මානයට පාත්‍ර වුණා.

අනෝමා ජනාදරීට හිමි සම්මානය, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර විසින් ලබාගත් අවස්ථාව මෙතනින් බලන්න.

චිත්‍රපටයේ පුරව ප්‍රචාරක පටය මෙතනින් බලන්න.

https://youtu.be/WgJiSBPYF-Y


News Articles
Latest Videos
Most Popular Post