අද 2017 නොවැම්බර් මාසයේ 07 අඟහරුවාදා
රාහු කාලය ප.ව 02.52 සිට 04.20
සුභ දිශාව: නැගෙනහිර
මරු සිටින දිශාව: බස්නාහිර

පොඩි කාලයේ සිට ප්‍රගුණ කරපු කුසලතා මතුවන දවසක්. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය හඹා ගෙන එන දවසක්. නිල ඇදුම් අඳින සියල්ලන්ට ඉතා සාර්ථක ප්‍රථිපල ලැබෙනවා. අවිවාහක අයට විවාහ කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීම සාකච්ඡා පැවැත්වීමට හොද දවසක්. පැරණි කුසලතා මතුවීම තුලින් ඉදිරියට එන්න පුළුවන්.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03

ගුරු නීති වෘත්තීය ගායක නම් ධන මාර්ග ලැබීමේ ශක්තිය මෙන්ම බොහෝ සංකීර්ණ විෂයන් සරල ලෙස අන් අයට පහදා දීමේ ශක්තිය ඇතිවන දවසක්. ආදායම් මාර්ග දෙගුණයක් වෙන්න පුළුවන්. පැරණි කුසලතා මතු වෙනවා වගේම නව පොත්පත් මිලදී ගෙන දැනුම වර්ධනය කරගන්න බුද්ධිය වර්ධනය කරගන්න අද හොදයි. අසමත් වුණු විෂයක් නැවත සමර්ථ කර ගන්න හැකි ආරම්භයක් දෙන්න පුළුවන් දවසක්. කටහඬින් විශාල ප්‍රයෝජන ගන්න පුළුවන්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02

සුව පහසු ස්ථාන නැරඹීමට, රස මසවුළු ආහාර වැළදීමට නියෝජිතයෙක් ලෙස වෙනත් තැනක සහභාගී වීමට සිදු වෙනවා. ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා සහ ඊට යාමක් සිදු වෙනවා. සෞන්දර්ය විෂයකට දක්ෂතා මතු වෙනවා. කුඩා කල සිට ප්‍රගුණ කලා නම් ඒ විශයෙන් වැඩ පෙන්නන්න පුළුවන් දිනයක්. ඔබගේ දීප්තිය මේ සතිය පුරා පතුරවන්න පුළුවන්. ආවේගශීලි තත්වයක් මතු වෙනවා. ආගමනුකුලව කටයුතු කරන්න. දවස අවසාන වන විට චිත්ත ප්‍රීතිය උතුරන දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 01

ඔබ අද ද්වේශයෙන් , කෝපයෙන් , වෛරයෙන් කිසිදු තීරණයක් ගන්න එපා. එය ඔබට ඉදිරි කාලයේදී ගැටළුවක් ඇති කරනවා. නොදන්නා දේවල් ගැන කටයුතු කිරීමත් ඒ වගේම නොදන්නා දේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමත් අද එතරම් සුභ නොවේ. දන්නැති දේ දන්න අයගෙන් අහලා කරන්න. ඉඩමක් නිවසක් රථවාහනයක් මිලදී ගන්න සුභයි. නිශ්චල දේපලක් සම්බන්ධයෙන් කටයුතු කිරීමෙන් වාසිදායක තත්වයක් ඇති කරනවා. දුර ගමන් කෙටි ගමන් ආදිය සීමා කරන්න ඕනා. ආගමනුකුලව වැඩ කරලා දවස ආරම්භ කරන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03

රෝග පිඩාවක් තිබුණා නම් එය අද සුව අතට හැරෙනවා. ආදායම නොමැති අයට ආදායම් මාර්ග වෙන්වීම ණයට දුන් මුදල් නැවත ලබා ගැනීම, වෙනත් අතිරේක ගමන් බිමන් එළඹීම රාජකාරි හෝ ව්‍යාපාර ස්ථාන ස්වයං ව්‍යාපාර වල අවිවේකි තත්වයක් ඇති වෙනවා. කෙසේ වුනත් අද ඔබගේ ආදායම දියුණු වන අතර ඔබට වෙළදපොලට යන්න ඇදුම් පැළදුම් මිලදී ගන්න ලාබෙට හම්බ වෙනවා. මව්පියන් බලන්න යනකොට තුටු පඬුරු රැගෙන යන්න එය සුභ වෙනවා.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 02

ලේඛන කලාව චින්තන ශක්තිය අන් අය කෙරේ අනුකම්පා සහගත සිත පාලන බලතල සියල්ල හිමි අය. රාජකාරි ස්ථානයේ ඔබට හම්බෙන වැටුප මදි නම් වෙනත් තැනක උසස් වීමක් ලබා රාජකාරි ගැන හොයන්න බලන්න ඒ පිලිබදව අයදුම් පත්‍ර යොමු කරන්න කදිම දවසක්. විවිධ භාෂා ප්‍රගුණ කරන්න යන්න කදිම දවසක්. ඔබගේ ආර්ථිකය යහපත්. ගෙවල්දොරවල් ඉඩකඩම් යානවාහන මිලදී ගන්න සුභයි. පොතපත මිලදී ගන්න කටහඩ යොදවා කරන රාජකාරි කරන්න කදිමයි. ආදායම සරු කර ගන්න පුළුවන් දවසක්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 01

සාමන්‍යයෙන් ඔබට විදේශගත වෙන්න විදේශගත භාෂා හදාරන්න විදේශගත අය සමග ගණුදෙනු කරන්න කදිම දවසක්. ඔබට ගෙවල්දොරවල් ඉඩකඩම් වගේම රෙදිපිළි මිලදී ගන්න සාප්පු සවාරි යන්න ඉතා සුභයි. ඔබ අද කිසියම් ව්‍යාපාරයක් සැලසුම් කරොත් එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙනවා. සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් ඔබ ඒ ව්‍යාපාරය ඔබට අවේනික ලක්ෂණ තුලින් දියුණු වෙන්න පුළුවන් ගති තියෙනවා. බුද්ධිය යොදවා ආදායම උපදවා ගන්න පුළුවන්.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 09

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය තෙත කොණ්ඩය පිටින් නිදා ගැනීම නුපුරුදු ස්ථාන වල ගැවසීම නොදන්නා අය සමග විහිලු තහළු කිරීම අතිශයින් අසුභයි. සුරතල් සතුන් සමග අද ගැවසීමෙන් ටිකක් ඈත් වෙන්න. ඔබගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න පුළුවන්. ආගමනුකුලව වැඩ කරන්න. කිසියම් සරල ශාරීරික ව්‍යායාමයක් තුලින් දවස ආරම්භ කරන්න. දුරගමන් කෙටි ගමන් වලින් කල්‍යාණ මිත්‍ර හදිසි ධන ලාභ නැති වෙන්න ගිය මුදල් ලැබීමේ භාග්‍ය ලැබෙනවා.
ජය වර්ණය: ලා රතුපැහැය ජය අංකය: 08

අවිවාහක අයෙක් නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න තීරණ ගන්න සුභ දවසක්. ඔබට අද අනාගත සහකාරිය සහකරු ලැබීමේ භාග්‍ය හිමි වෙනවා. ශාරීරික ව්‍යායාම් ආගමනුකුල වැඩ කටයුතු දන් දීම නිරන්තරයෙන් කරනවානම් නිර්මාංශ වෙලා සියලු දෝෂ සමනය කරගත හැකි වෙනවා. නිවසේ පැවති අඩදබර අඹුසැමි ආරවුල් පවා විසදා ගන්න පුළුවන්.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 07

තමාගේ සෞඛ්‍ය ගැන අද සැලකිලිමත් වෙන්න. සුළු අසනිපයටත් විධිමත් වෛද්‍ය ප්‍රතිකර්ම යොමු කරන්න. රාජකාරි බහුල විය හැකියි. වගකීම් පැවරෙනවා. වෙනත් අය ඉටු කරන රාජකාරි ඔබ වෙත පැවරෙන්න පුළුවන්. එයින් ඔබට ඉදිරි කාලයේදී මනා ලෙස කටයුතු කර ගැනීමට හැකි වෙනවා. ගංගා ඇලදොළ මුහුදේ ස්නානය කැලෑ වල ගැවසීමෙන් ඔබ ඉවත් විය යුතුයි. වාහන පැදවීමේදී සැලකිලිමත් වෙන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 06

අතපසු වුණු සියලු වැඩ කටයුතු අද ආරම්භ කල හැකියි. උසස් අධ්‍යාපනයේ නියැලී ඔබට නිබන්ධන වාර්තා සමීක්ෂණ පිළියෙළ කරන්න කදිම දවසක්. හිතවතුන් සමග සාකච්ඡා පවත්වන්න සුභයි. අධ්‍යාපන තත්වය වර්ධනය කරගන්න සුභයි. ඔබ ගෘහණියක් නම් වෙළදපොලට යන්න නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යන්න සුභයි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 05

ඔබ වාසය කරන නිවසේ වාස්තු දෝෂ පිළිසකර කරගන්න සුභ දිනයක්. ඔබේ නිවසට සෞභාග්‍ය සතුට ලඟා වේවි. විනය පරීක්ෂණ නීතිරීති කටයුතු ඔප්පු තිරප්පු කටයුතු වලට අද ලාභදායක තත්වයක් උදා වේවි. ඉඩමක් නිවසක් මිලදී ගන්න වාහනයක් මිලදී ගන්න සුභයි. පීරිස් පාලනයට දක්ෂ වෙනවා. අන් අයගේ දුකසැප හොයලා බලන්න සුභ දවසක්.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 04