News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

කුසල් මෙන්ඩිස් ෆේල් වුනාද? ෆේල් කරාද?

1852 Views


කුසල් මෙන්ඩිස් ෆේල් වුනාද? ෆේල් කරාද?

ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සදහා යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දි නම් කරලා තියෙන්නෙ. හැබැයි මේ සංචිතයට කුසල් මෙන්ඩිස්ව නම් කරලා නෑ. මේ ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. එ් වගේම හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයිනුත් කුසල්ව සංචිතයට නම් නොකිරීම ගැන විමතිය පල කරලා තියෙනවා. පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේදී කුසල් යම් පසුබෑමකට ලක්වීම මේකට හේතු වෙන්නැති කියලයි ගොඩක් අය කියන්නෙ.

කොහොම වුනත් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නාට පස්සේ අංක 3 සෙල්ලම් කරන්න සුදුසුම ක්‍රීඩකයා විදියට සැලකුවේ කුසල්. තරඟ කිහිපයකදී හැරෙන්න ඔහු ක්‍රීඩා කල අනිත් සෑම තරඟයකදීම කැපී පෙනෙන දස්කම් පෙන්නලා තියෙනවා. පාකිස්තාන තරඟාවලියට කලින් ටෙස්ට් තරඟ 20 කට සෙල්ලම් කරලා තියෙන කුසල් ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් රැස් කරලා තියෙනවා. එ් 35.46 ක ලකුණු සාමාන්‍යයක් රදවාගෙන. මේ දක්වා කුසල් මෙන්ඩිස් ලකුණු 1383 ක් රැස් කරගෙන තියෙනවා.

ඉන්දියාව සමඟ කලින් පැවති ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණ ශතක 2 න් එකක හිමිකරුවා වුනේ කුසල්. එ් වගේම එ් තරඟාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත පිතිකරුවන් ලයිස්තුවේ සිවවැනි තැන ඉන්නෙ කුසල්. පාකිස්තාන තරඟාවලිය අසාර්ථක වුන පමණින්ම මේ තරඟාවලියාන් ඔහුව ඉවත් කිරීම කුසල්ගේ ක්‍රිකට් අනාගතය බිද දැමීමක් කියලයි ක්‍රිකට් ප්‍රවීණයින් කියන්නෙ.

කොහොම වුනත් ලංකාව සහභාගී වුන අවසන් ටෙස්ට් තරඟ 5 දී දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල සහ නායක චන්දිමාල්ට පසුව වැඩිම ලකුණු රැස් කරපු ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්. ඉන්දියාවේ ප්‍රභල පන්දු යවන්නන්ට එරෙහිව ශතකයක් වාර්තා කල කුසල් ඉවත් කර ළහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා අැතුලක් කරපු එක තවත් පුදුමයක්. මොකද ඔවුන් අන්තිමට අර්ධ ශතකයක් හරි ලබා ගෙන තියෙන්නෙ ඉනිම 11 ට කලින්.

මේ ගැන තේරීම් කමිටු සාමාජික ගාමිණී වික්‍රහසිංහ කිව්වේ ” මේ තරඟාවලියේදී අපි එයාව අයින් කරේ ඔහු ඉන්න තත්වයෙන් තවත් පහළට වැටෙන එක නවත්තන්න. ඔහුට විශේෂ පුහුණුවක් සහ මානසික විවේකයක් දීලා ඊළඟ තරඟාවලියේදී අවස්ථාවක් ලබා දෙන්න අපි බලා පොරොත්තු වෙනවා” කියලා. කොහොම වුනත් තරඟ වලින් ඉවත් කරලා පුහුණුවීම් කරවන්නේ කොහොමද කියලයි ක්‍රිකට් ප්‍රවීණයන් අහන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post