News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

සංගා පළමු වරට ලංකාවට එරෙහිව තරඟ වදින පන්දුවාර 10 යේ සුපිරි තරඟාවලිය මෙන්න.

1820 Views


සංගා පළමු වරට ලංකාවට එරෙහිව තරඟ වදින පන්දුවාර 10 යේ සුපිරි තරඟාවලිය මෙන්න.

ක්‍රිකට් වල දවසින් දවස වෙනස්කම් වෙනවා. ක්‍රිකට් නීතිරීති වල වගේම ක්‍රිකට් අාකෘතියේත් විවිධ වෙනස්කම් මේ දවස්වල වෙනවා. මුලින්ම ක්‍රිකට් වල තිබබේ ටෙස්ට් තරඟ විතරයි. දවස් ගණනක් ක්‍රීඩා කරන මේ තරඟ ප්‍රේක්ෂකයන්ට ඉක්මනටම එපා වුනා. එ් නිසා ක්‍රිකට් වලට සීමිත ඕවර තරඟ හදුන්වලා දුන්නා. මුලින්ම පන්දුවාර 50 තරඟ පැවැත් වුවත් කාලයක් යද්දි එ් තරඟවලත් ක්‍රීඩා විලාශය ප්‍රේක්ෂකයන්ට වේගවත් මදි වුනා. එ් නිසා 2003 දී පන්දුවාර විස්සයි විස්ස තරඟ රටාව ක්‍රිකට් වලට හඳුන්වලා දුන්නා. දැවැන්ත හයේ පහරවල් හතරේවල් වලින් පිරුණු ගිනිකෙලි සංදර්ශන වගේ ක්‍රීඩා රටාව නිසා ක්‍රිකට් ලෝලීන් T20 තරඟ වලට ලොකු කැමැත්තක් දැක්වුවා.

T20 තරඟවලත් වේගය මදි වෙලාද මන්දා අලුතින් T10 තරඟත් හදුන්වා දෙන්න යනවා. T10 තරඟ වලදී එක කණ්ඩායමකට පන්දුවාර 10 ක් විතරයි ලැබෙන්නෙ. එ් සදහා එක කණ්ඩායමකට විනාඩි 45 ක් ලැබෙනවා. T20 තරඟ පරදවා T10 තරඟ ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය වේවි කියලයි ක්‍රිකට් විචාරකයින් නම් කියන්නේ.

පළවෙනි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වසරේ දෙසැම්බර් 14 ඉදලා 17 වෙනකන් අබුඩාබි නුවර සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මේ සදහා කණ්ඩායම් 6 ක් සහභාගී වෙනවා. ලංකාවෙනුත් T10 Cricket League තරඟාවලිය සදහා කණ්ඩායමක් සහභාගී වෙනවා. Team Sri Lanka Cricket කියලා නම් කරලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලැබිලා තියෙන්නෙ දිනේ්ෂ් චන්දිමාල්ට. එ් වගේම සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරත් මේ තරඟාවලියට ක්‍රීඩා කරනවා. හැබැයි එ් ලංකාවේ කණ්ඩායමට නම් නෙවෙයි. Marathan Arabians කණ්ඩායමට තමයි ඔහු ක්‍රීඩා කරන්නෙ. පළවෙනි වරට තමයි සංගා ලංකාවේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නෙ. එ් වගේ ශ්‍රී ලංකාවේ සුපිරි වමත් දඟ පන්දු යවන රංගන හේරත් මේ තරඟාවලියේදී ක්‍රීඩා කරන්නේ ලංකාවේ කණ්ඩායමට නෙවෙයි. Punjab Legends කණ්ඩායමට තමයි ඔහු ක්‍රීඩා කරන්නෙ. කොහොම වුනත් මේ තරඟාවලිය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නම් අලුත්ම අත්දැකීමක් වේවි.

මේ තියෙන්නෙ T10 Cricket League සදහා සහභාගී වෙන කණ්ඩායම් 6.

Team Sri Lanka Cricket Squad: Lahiru Thirimanne, Dilshan Munaweera, Kithuruwan Vithanage, Angelo Jayasinghe, Dinesh Chandimal, Thisara Perera, Nipun Karunanayake, Angelo Perera, Shehan Jayasuriya, Alankara Asanka, Wanidu, Hasaranga, Kasun Madushanka, Vishwa Fernando, Sachithra Senanayake, Jeffery Vandersay

Maratha Arabians Squad: Virender Sehwag, Kumar Sangakkara, Shaiman Anwar, Zahoor Khan, Imad Wasim, Alex Hales, Mohammad Sami, Lendl Simmons, Junaid Khan, Rilee Rossouw, Hardous Viljoen, Kamran Akmal, van der Merwe, Wayne Parnell, Ross Whiteley

 

Punjabi Legends Squad: Shoaib Malik, Ghulam Shabber, Shareef Asadullah, Umar Akmal, Chris Jordan, Carlos Brathwaite, Misbah Ul Haq, Adil Rashid, Luke Ronchi, Fahim Ashraf, Abdul Razzaq, Rangana Herath, Dawlat Zadran, Usama Mir

Kerala Kings Squad: Rohan Mustafa, Imran Haider, Keiron Pollard, Sohail Tanveer, Shakib Al Hasan, Liam Plunkett, Chadwick Walton, Wahab Riaz, Paul Sterling, Samuel Badree, Nicholas Pooran, Rayad Emrit, Ryan ten Doeschate, Babar Hayat

Pakhtoons Squad: Shahid Afridi, Amjad Javed, Saqlain Haider, Tamim Iqbal, Dwayne Smith, Ahmad Shahzad, Mohammad Nabi, Mohammad Irfan, Sohail Khan, Umar Gul, Najibullah Zadran, Shaheen Afridi

Bengal Tigers Squad: Mohammad Naveed, Rameez Shahzad, Mohammed Naveed, Saqlain Haider, Mustafizur Rahman, Sunil Narine, Darren Sammy, Darren Bravo, Rumman Raees, Andre Fletcher, Mohammad Nawaz, Rovman Powell, Anwar Ali, Johnson Charles, Ryan Mclaren, Hassan Khan


News Articles
Latest Videos
Most Popular Post