News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

අද එක ලග්නයක් උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1467 Views


අද එක ලග්නයක් උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 08 බදාදා

රාහු කාලය: පෙ.ව 11.54 සිට 01.23

සුභ දිශාව: උතුර

මරු සිටින: දිශාව නිරිත

 

 

මේෂ ලග්නය

ගෘහාශ්‍රිත කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. ඔබගේ රැකිරක්ෂා වෙළදාම් කටයුතු පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. ඔබගේ පෞරුෂය සමාජය තුල ස්ථාවරත්වයට පත් වෙනවා. අතපසු වෙලා තිබුණු කටයුතු යලි ආරම්භ කරන්න වාසනාව පෑදෙනවා. සමාජ ගෞරවය වර්ධනය වෙනවා. කායික ශක්තිය නිරෝගිමත් භාවයට පත් වෙනවා. අලුත් අලුත් සිතුවිලි වර්ධනය වෙලා ඔබ තුල යහපත් මනසක් ගොඩ නැගෙනවා. ඒ නිසාම ඔබට ඉතා යහපත් ප්‍රසන්න දවසක් උදා වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 05

වෘෂභ ලග්නය

පෞරුෂය ඉතාමත්ම යහපත්. කායික ශක්තිය නිරෝගිමත් භාවයට පත් වෙනවා. අලුත් අදහස් පහල වෙනවා. සමාජය තුල ගෞරවයට පත් වෙනවා. අසල්වාසීන් වගේම ඥාති හිතවතුන්ගෙන් පවා උදව් උපකාර කරනවා. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. අන්‍යන් අබිභවා යන්න ඔබ උත්සහ කරනවා. අනවශ්‍ය ආකාරයට වියදම් පාර්ශවය ඉහල යනවා. විරුද්ධ පාර්ශිකයන් සමග කරන ගණුදෙනු කිරීම් වලින් බොහෝ වාසනාවත තත්වයන් ඇති වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් පුංචි බාධාවන් ඇති විය හැකියි.

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 03

මිථුන ලග්නය

කායික ශක්තිය නිරෝගිමත් වෙනවා. සිතුවිලි වල පවතින ව්‍යාකුල තත්වය නිසා ඔබ ගන්න තීන්දු තීරණ විවේචනයට ලක් වෙනවා. මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකියි. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. යානවාහන ආශ්‍රිතව පුංචි හෝ ගැටලුකාර තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ දූදරුවන් පිලිබදව අවධානය යොමු කරන්න. තමන්ගේ දුදරුවන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය පිලිබදව වැඩි උනන්දුවක් වියදමක් දරන්න සිදු වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිත තිබුණු ගැටළුකාරී තත්ව යටපත් වෙලා වාසනාවන්ත වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 05

කටක ලග්නය

කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුයි. ඔබ ගන්න තීන්දු තීරණ නිසා අන් අයව අපහසුතාවයට පත් වෙනවා. කල්පනාකාරීව ගමන් බිමන් යාම පවා සිදු කල යුතුයි. උස් ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී වැටීම් තැලීම් වලට ලක් විය හැකියි. පපුව ආශ්‍රිත රෝග තත්ව ඉස්මතු වේවි. කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. වෘත්තිමය කටයුතු වගේම වෙළදාම් කටයුතු පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් වන්න. ගෘහාශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. අලුත් යාන වාහන මිලදී ගන්න යෝග්‍යයි.

ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                   ජය අංකය: 05

 

සිංහ ලග්නය

දියරමය කටයුතු ජලාශ්‍රිත පරිසර වල කටයුතු සුරතල් සතුන් ඇති කිරීම ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ඖෂධ අලෙවි කිරීම වැනි කටයුතු වලින් පවා ධන ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. මනසට පීඩාකාරී තත්ව හිසේ කරදරකාරී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. තද හිස කැක්කුම් ආදී තත්ව වලින් දෛනික කටයුතු වලට බාධා ඇති වෙනවා. කල්පනාකාරීව කටයුතු කරොත් ඔබගේ සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කලොත් නිරෝගී සුවය ලගා කර ගන්නවා. ලිපිලේඛන මුද්‍රණ සේවා ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් පවතිනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 09

කන්‍යා ලග්නය

වෘත්තිමය කටයුතු පහසුවෙන් දියුණු කර ගන්න පුළුවන්. නිතර රැකිරක්ෂා වෙනස් කරන්න ඕන තත්වයක් ඔබේ සිතේ ඇති වේවි. රැකිරක්ෂා ස්ථාන ආශ්‍රිතව කම්මැලි සහගත තත්වයක් ඇති වෙනවා. වෘත්තීය වෙනස් වීම සදහා යහපත් කාලයක් නොවේ. සංචාරක කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු දියුණු කරගන්න වාසනාව පවතිනවා. උපදේශනාත්මක කටයුතු අර්ධ රාජ්‍ය සේවා කටයුතු අලංකාරය උදෙසා කරන්නාවූ සෑම කටයුත්තක්ම ඔබේ ජයග්‍රහණයට හේතු වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 08

තුලා ලග්නය

කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. අතගහන සෑම කටයුත්තක්ම සතුටෙන් අවසන් කරන්න හැකි වෙනවා. සමාජීය ප්‍රසිද්ධිය ඉතාමත්ම පහසුවෙන් උදා කර ගන්න පුළුවන්. ඔබේ වචනය සභාව තුල ස්ථිර වෙනවා. නිතිය හා සම්බන්ධ කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වුනත් සෞඛ්‍යට තදබල පිඩාවක් වන්නේ නැහැ. සියුම් රෝගී තත්ව කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. අමාශගත රෝග පපුව ආශ්‍රිත රෝග වගේම දණහිස හා දණහිසෙන් පහල ආශ්‍රිත රෝග පිලිබදවත් අවධානය යොමු කරන්න. ගමන් බිමන් යාම් වලදී කල්පනාකාරී වෙන්න. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතුවන දවසක්. යාලු හිතමිත්‍රකම් ශක්තිමත් වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 05

 

වෘශ්චික ලග්නය

 

පෙර පින ඉස්මතු වෙනවා. ගමෙන් නගරයෙන් පිට කරන කටයුතු වලින් වාසනාව උදා වෙනවා. මානසික පීඩාකාරී තත්ව වැටීම් තැලීම් තුවාලවීම් තත්ව ඇති වේවි. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න ලොකු මහන්සියක් දරන්න අවශ්‍ය නොවේ. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇති වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් අලෙවි කරන සම්බන්ධ කටයුතු වලින් වගකීම් දැරීමේ කටයුතු වලින් වාසනාවන්ත තත්ව ඇති වෙනවා. උගත් උසස් පුද්ගලයන්ව හදුනා ගන්න අවස්ථාව උදා වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 07

ධනු ලග්නය

අතගහන යම් යම් කටයුතු වලට පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. අවසාන මොහොතේ අසාර්ථක තත්වයක් ඇති වෙනවා. රස්තියාදු වීම් ඒ නිසා ඇතිවිය හැකියි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබීමේ හැකියාව ඔබේ කටයුතු දියුණු කර ගැනීමේ හැකියව් පවතිනවා. තාක්ෂණික  මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් සාර්ථකත්වය ලැබෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු ශක්තිමත් වෙනවා. වාග් ශක්තිය දියුණු වෙනවා. සමාජ ශක්තිය වර්ධනය වෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට යහපතක් උදා කරගන්න පුළුවන් වෙනවා. වැඩිහිටියන් සමග කරන කටයුතු වලට වගේම ඔබ මිට පෙර ආරම්භ කරපු කටයුතු පහසුවෙන් සහ සැහැල්ලුවෙන් පවත්වා ගෙන යාමේ ඉඩකඩ  පවතිනවා.

ජය වර්ණය: සුදු පැහැය                ජය අංකය: 03

 

මකර ලග්නය

කායික ශක්තිය නිරෝගී වෙනවා. සතුරු කරදර තිබුණානම් ඒවා යටපත් වෙනවා. ආමාශගත රෝග තත්ව තිබුණනම් යම් ආකාරයකට රෝග උත්සන්න වෙනවා. කෙටි ගමන් බිමන් කීපයක් යෙදෙනවා. සන්නිවේදන කටයුතු දියුණු කරගන්න පුළුවන්. අලුතෙන් පොත්පත් ලියන්න සමාජ සේවා කටයුතු පිලිබදව අදහස් දක්වන්න ඔබ බලාපොරොත්තු වුණානම් ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ජවසම්පන්න කටයුතු සාර්ථක වෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න මහන්සියෙන් සහ කැපවීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 08

කුම්භ ලග්නය

කායික ශක්තිය වර්ධනය වීමෙන් බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමේ හැකියාව වාසනාව පෙන්නුම් කරනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජ සේවා කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව වාසනාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු සන්නිවේදන ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් භාවිතා කරලා කරන කටයුතු වලට යහපතක් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු ඉතාමත්ම යහපත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 09

මීන ලග්නය

තරඟකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත්. විභාග වලින් ජයග්‍රහණය කිරීමේ හැකියාව ලැබෙනවා. පාඩම් කිරීමට නම් තරමක් කම්මැලි වෙනවා. විනෝද වීම් වලට වැඩි කැමැත්තක් දක්වනවා. වෘත්තිමය කටයුතු සාර්ථක  කර ගන්න පුළුවන්. විශේෂයෙන් වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ආගමික නායකයන් ඔබේ කටයුතු වලට මැදිහත් වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණය හිමි වෙනවා. පියපස ඥාතීන් සමග මතගැටුම් මතභේද ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 08

 

 

 


News Articles
Latest Videos
Most Popular Post