News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ට්‍රම්ප්ට එරෙහිව ඇඟිල්ල ඉස්සූ දෙදරු මවට රස්සාව නැතිවෙයි.

2054 Views


ට්‍රම්ප්ට එරෙහිව ඇඟිල්ල ඉස්සූ දෙදරු මවට රස්සාව නැතිවෙයි.

පහුගිය දවසක ඇමරිකාවේ දෙදරු මවකට තමන්ගේ රැකියාව නැති වුණා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෝටර් රථයෙන් ගමන් කරනකොට මැදඟිල්ල උස්සලා පෙන්වූ වරදටයි. ට්‍රම්ප් රාජකාරි කටයුත්තක් සඳහා වර්ජිනියා ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරනකොටයි මේ සිද්ධිය වුනේ. පාපැදියකින් ගමන් කරමින් හිටපු මේ කාන්තාව ට්‍රම්ප්ට එරෙහිව ඇඟිල්ල ඔසවන ආකාරය මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වුනේ මෙහෙමයි.

මේ ඡායාරුපය අන්තර්ජාලයට එක්‌ වීමත් එක්ක එම කාන්තාවට ඇයගේ සේවා ස්ථානයෙන් දොස්මුරයක් එල්ල වුනා. ආයතන ප්‍රධානියා කියල තියෙන්නේ ඒක අසභ්‍ය ඡායාරූපයක් කියලයි. ඒ මඟින් තමන්ගේ ආයතනයට ලොකු කැළලක් ඇති වුන නිසා රැකියාවෙන් ඉවත් කරනවා කියලත්, ජූලි නැමති මේ කාන්තාවට දන්වලා තියෙනවා. ඒ වෙලාවේ තමන් රාජකාරියේ හිටියේ නැති බවත් අන්තර්ජාලයේ සේවා ස්ථානයක් ගැන සඳහන් වෙලා තිබුනේ නෑ කියලත් මේ කාන්තාව ආයතන ප්‍රධානියාට කියල තිබුනා.

කොහොම වුනත් ට්‍රම්ප්ට එරෙහිව කාන්තාවන් ඇඟිල්ල උස්සන්න ගත්තේ අද ඊයේ නෙමෙයි. මීට කලින් 2016 දීත් කැරොලිනා ප්‍රාන්තයේ රැළියක් අමතන අතරතුර ට්‍රම්ප්ට එරෙහිව කාන්තාවක් මැදඟිල්ල උස්සලා විරෝධය පල කලා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://youtu.be/ZoizO2L9zds


News Articles
Latest Videos
Most Popular Post