News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ඔබ බලන විදේශීය විකාශන සඳහා අයකරන බදු වැඩි වුනේ මෙහෙමයි.

1791 Views


ඔබ බලන විදේශීය විකාශන සඳහා අයකරන බදු වැඩි වුනේ මෙහෙමයි.

රූපවාහිනී ආයතන තුළ හඬකවා මෙරට විකාශනය කරන විදේශීය ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ධ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකරලා තියෙනවා.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේද වලට දැනට අයකරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබෙනවා.

ඒ අනුව, ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

කොහොම වුනත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍ය, චිත්‍රපට වල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අයකිරීමෙන් නිදහස් කෙරෙනවා.

එම නව ගැසට් නිවේදනය අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන මුදල පහතින්.

ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු අනුප්‍රමාණයන්
සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬ කවන ලද ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට සඳහා,

(අ) පළමු විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා

* දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 150,000
* එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න් පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා250,000

* එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 350,000

(ආ) නැවත විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා

* දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 50,000
* එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න් පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 80,000
* එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 120,000

වෙනත් ටෙලිනාට්‍ය

(පළමු විකාශය හෝ නැවත විකාශය) සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා 100,000

වෙනත් චිත්‍රපට

(අ) පළමු විකාශය 200,000
(ආ) නැවත විකාශය 100,000
වර්ගය විකාශිත කාලය අනුප්‍රමාණය

වාණිජ වැඩසටහන් යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට යම් වාර ගණනක් විකාශය කිරීම සඳහා

(ඊ නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 183 ක කාලපරිච්ඡේදයක් සඳහා. 500,000
(ඊ) නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 365 ක කාලපරිච්ඡේදයක් සඳහා 1,000,000

 


News Articles
Latest Videos
Most Popular Post