News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

අද ලග්න දෙකක් නුපුරුදු ස්ථාන වල ස්නානය කිරීමෙන් වැළකිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1827 Views


අද ලග්න දෙකක් නුපුරුදු ස්ථාන වල ස්නානය කිරීමෙන් වැළකිය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017නොවැම්බර් මාසයේ 09 බ්‍රහස්පතින්දා

 

 

 

 

 

මේෂ ලග්නය

දරු සෙනෙහස උතුරා යන දවසක්. ගෙදරදොරේ හිතවතුන් සමග කිසියම් පටලැවිල්ලක් අමනාපයක් තිබුණානම් එක සුභ කර ගන්න සාකච්චා මාර්ගයෙන් හොද අතට හරවා ගන්න කදිම දවසක්. දුර ගමන් කෙටි ගමන් වලින් ඔබට අද කල්‍යාණ මිත්‍රයන් ඉතා ඉහලින් හම්බ වෙන දවසක්. අන් අය පිලිබදව සොයා බලන්න සංග්‍රහ කටයුතු වල නිරත වෙන්න හම්බ වෙනවා. ඔබගේ ජනප්‍රියත්වය වැඩි වෙන දවසක්.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 04

වෘෂභ ලග්නය

ඔබට කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. එක්තරා විදියක මංගල යෝගයක් උදා වෙනවා. ජනප්‍රියත්වය පැතිර වීමේ භාග්‍ය හිමි වෙනවා. මේ තුලින් අද දවස සාර්ථක කරගත හැකියි. කිසියම් ආදායමක් ගෙන දෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න සුභයි. එකෙන් ඔබට වාසනාව උදා වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 03

මිථුන ලග්නය

චින්තන ලේඛන නිර්මාණ ශක්තිය ඇත්තෙක් නම් අද ඒ තත්වය ඉතා ඉහලට යනවා. නිර්මාණයකට අත ගහන්න සම්මානයක් හිමි වීමේ භාග්‍ය පවතිනවා. කටහඩ යොදවා රාජකාරි කරන ගුරු නීති වෘත්තීය නිවේදක ගායක වාණිජ කටයුතු කරන අයට ධන මාර්ග 2ක් විවර වෙනවා. බොහෝ සංකීර්ණ විෂයන් සරල ලෙස අන් අයට පහදා දීමේ ශක්තිය දෙගුණ තෙගුණ වෙනවා. සාමකාමී කටයුතු කරන්න පොත්පත් කටයුතු කරන්න ඔප්පු තිරප්පු වල අත්සන් කරන්න මව්පිය උරුමය ලබන්න කදිමයි.

ජය වර්ණය: කොළ පැහැය                       ජය අංකය: 02

කටක ලග්නය

ඔබගේ ගාම්භීරත්වය පැතිරෙනවා. මනා ඉවක් තියෙන දවසක්. විනය විභාග නඩුහබ ජයගන්න පුළුවන්. කැපී පෙනීම ශිල්ප දැක්වීම රස මසවුළු ආහාර සැප පහසු ස්ථාන වල ගැවසීම ඔබට ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා ලැබීම වැනි දේවල් ඔබට අද ගලාගෙන එනවා. මේ හැමදේටම ඔබ ඉදිරිපත් වීම තුලින් ඔබ සමාජයේ කැපී පෙනෙනවා. ගෙදර ගැන අඹුදරුවන් ගැන මව්පියන් ගැන වැඩිපුර සොයා බලනවා.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                            ජය අංකය: 02

 

සිංහ ලග්නය

ඔබ අද ගමන් බිමන් යාමේදී ප්‍රවේසම් වන්න. කැලෑ වන සතුන් මඩ ජලය වැනි ස්ථාන වල උස් කණු ඒ වගේම අවතල උත්තල බෑවුම් සහිත ස්ථාන වල ගැවසීමෙන් වලකින්න. රාජකාරි මට්ටමෙන් ලිපිගොනු වල නඩුහබ වල වැඩ කරන අය නොදන්නා දේවල් දන්න අයගෙන් විසදා ගන්න ඕන. ඔබ නිර්මාංශ ආගමනුකුලව වැඩ කරන අයෙක් නම් මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. ශක්තිය උපදවා ගන්න කිසියම් ආගමනුකුල කටයුත්තක නිරත වෙන්න. සමහරවිට දවස අවසානයේදී චිත්ත පිඩා දුරලා චිත්ත ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 03

කන්‍යා ලග්නය

සෞන්දර්ය විෂයකට දක්ෂතා මතුවන දවසක්. කුඩා කල ප්‍රගුණ කල කුසලතා මතු වන දවසක්. පැරණි දේපල උරුමය ලැබෙන දවසක්. කෙටි ගමන් දුර ගමන් යන්න වාසනාව උදා වෙනවා. වන්දනා ගමනක් විනෝද චාරිකාවකට එක්විය හැකියි. නුපුරුදු ස්ථාන වල ස්නානය කිරීම හා සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. රිය ධාවනයේදී විනය නීති අනුගමනය කල යුතුයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 02

තුලා ලග්නය

ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට ඉතාමත්ම සරු ලාභයක් ලබන්න පුළුවන්. ඔබ පරිපාලන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්නම් සියලු ගැටළු ප්‍රශ්නයකින් තොරව බාධාවකින් තොරව විසදා ගන්න පුළුවන්. ඔබ ගෘහනියක් නම් ගෙදර පාලනය දක්ෂ ලෙස කර ගන්න පුළුවන්. මාධ්‍ය කටයුතු හසුරුවන්නෙක් නම් නිර්මාණ ශක්තිය වැඩි වෙන දවසක්. සම්මානනීය නිර්මාණ කරන්න පුළුවන්.

ජය වර්ණය: දම් පැහැය                 ජය අංකය: 01

 

වෘශ්චික ලග්නය

 

මනා ඉවක් ලැබෙන දිනයක්. ගෙදර දොරට අත්‍යවශ්‍ය බඩු මිලදී ගන්න යන්න කදිම දවසක්. ලාභය සහිත තත්වයක් උදා වෙනවා. නිල ඇදුම් අදින අය ඔබට උසස් වීම් ලැබෙන දවසක්. හදිසි ධන ලාභ ලැබිය හැකියි. අන් අයට වඩා ඉදිරියට ගමන් කරන්න හැකි දිනයක්. අසමත් වෙච්ච විභාගයකින් සමත් වෙන්න අඩිතාලම සකසා ගන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 09

ධනු ලග්නය

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය නුපුරුදු ස්ථාන වල ස්නානය රාත්‍රී ස්නානය අසුභ දවසක්. කෝපයෙන් ද්වේශයෙන් වැඩ කටයුතු කරන්න එපා. දවස ආරම්භ කරන විට ආගමනුකුල වෙන්න. අතිරේක ව්‍යායාම කිරීම සැහැල්ලු භාවනාවක් කිරීම වැනි කටයුත්තක නිරත වෙන්න. නොදන්නා අය සමග විහිලු තහළු කිරීමට යාමෙන් වලකින්න. දුර ගමන් අඩු කරන්න.

ජය වර්ණය: ගුරු පැහැය                ජය අංකය: 08

 

මකර ලග්නය

ගෙදර අඹුසැමියන් අතර ආරවුලක් තිබුණනම් එක මනා ලෙස විසදා ගන්න පුළුවන්. විවාහය ප්‍රමාද අයට විවාහ යෝජනා එන්න පුළුවන් දිනයක්. චාම් වෙන්න එයින් ඔබ කැපී පෙනේවි. ඔබ නිර්මාංශ ආගමානුකුලව වැඩ කරන අයෙක් නම් මේ තත්වය මැඩ ගත හැකියි. ඔබට ඕනෑම තැනක ගොස් ගැලපෙන විදියට කටයුතු කල හැකියි. ඔබ වැඩ කරන ආයතනය වෙනුවෙන් වෙනත් ආයතනයකට යාමට සිදු වෙනවා. ඔබේ අනාගත සහකරු හෝ සහකාරිය මුණ ගැසීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

කුම්භ ලග්නය

පවතින රෝග සුව වන නමුත් නව රෝග මතුවිය හැකියි. ජලයෙන් වාතයෙන් විෂබීජ බෝවිය හැකියි. සුළු අසනීපයකට විධිමත් ලෙස කටයුතු කරන්න. ඔබගේ සෞඛ්‍ය තත්වය පිලිබදව සැලකිලිමත් වන්න. ජිවිත හානි මාරක පිඩා උදා කරන්න තරමක සතුරු පීඩා ඇති වෙනවා. කෝපය පාලනය කරගෙන කටයුතු කරන්න.

ජය වර්ණය: තද නිල් පැහැය                         ජය අංකය: 06

මීන ලග්නය

අතපසු වුණු වැඩ ආරම්භ කරන්න සුභ දවසක්. ගෙදරදොරේ වාස්තු දෝෂ තිබුණානම් ඒවා පිළිසකර කරගත හැකි දිනයක්. දුරසිට පැමිණෙන අමුත්තන් ඥාති හිතවතුන් පිළිගන්න සංග්‍රහ කරන්න වෙනවා. ආගමනුකුල වැඩ කරලා ඒ වැඩ වලින් අත්වන පින දෙවියන්ට අනුමෝදන් කරන්න. අවිවේකි තත්වයකුත් ඇතිවිය හැකියි. පාලනය කරන්න සුභ දිනයක්.

ජය වර්ණය: තද කහ පැහැය                      ජය අංකය: 05

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829

 

 

 


News Articles
Latest Videos
Most Popular Post