මිරිස් ඇතුළු සැර කුළුබඩු වර්ග ආහාරවලට එක්‌කර ගැනීමෙන් අධි රුධිර පීඩනයට හේතු කාරක වන ලුණු පරිභෝජනය අවම කර ගත හැකි බව ‘හයිපර්ටෙන්ෂන්’ (අධි රුධිර පීඩනය) නමැති සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයන වාර්තාවක දැක්‌වෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලෝකේ පුරා ජනතාව ලුණු අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘද රෝග හා ආඝාතය (ස්‌ට්‍රොක්) වැනි රෝගයන්ට ගොදුරුවීමේ අවදානම වැඩි වෙමින් පවතිනවා. ජනතාව අධික ලෙස ලුණු පරිභෝජනය කිරීම අඩු කරන්න විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ අධ්‍යයනයක නිරත වුන චීනයේ අධි රුධිර පීඩනය පිළිබඳ චොන්ග්ක්‌වින්ග් ආයතනයේ, හෘද රෝග පිළිබඳ මහාචාර්ය සීමින්ග් සු හා ඔහුගේ සහායකයන් විසින් මෙම සැර කුළුබඩු වර්ග, ලුණු පරිභෝජනය අඩු කරලීමේ හොඳ විකල්පයක් බවට හොයාගෙන තියෙනවා.
මහාචාර්ය ‘ සූ ‘ ට අනුව අතීතයේදී පවා සැර කුළුබඩු සහිත ආහාර වර්ග නිරෝගී හෘදය වස්‌තුවක් පවත්වා ගැනීමට උපකාර වෙලා තියෙනවා. 2015 අවුරුද්දේදී සිදුකල අධ්‍යයනයකට අනුව දිනපතාම සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන අයට ඉක්‌මනින් මරණයට පත්වීමේ අවදානම, සතියකට එක පාරකටත් අඩුවෙන් සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන්නන්ට වඩා සියයට 14 කින් අඩුය. මෙසේ අධික ලෙස සැර කුළුබඩු සහිත ආහාර පරිභෝජනය කරන්නන් දියවැඩියාව, පිළිකාව හා හෘද රෝගවලින් මිය යැමේ අවදානම ද අඩු බව පර්යේෂකයෝ කියනවා.
සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කරන්නන් හා අධික ලුණු සහිත ආහාර පරිභෝජනය කරන්නන් තමයි මේ අධ්‍යයනයට යොදා ගෙන තියෙන්නේ. අධිකව සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කළ අයගේ රුධිර පීඩන මට්‌ටම අඩු මට්‌ටමකින් අධිකව ලුණු පරිභෝජනය කළ අයගේ රුධිර පීඩනය ඉහළ මට්‌ටමකින් පවතින බව මෙහිදී අනාවරණය වෙලා තියෙනවා.
මෙහිදී සැර කුළුබඩු යෙදූ ආහාර වර්ග පරිභෝජනය කළ අය ලුණු පරිභෝජනයටත් කැමැත්තක් දක්වලා තිබුනා. අධික ලුණු සහිත ආහාර පරිභෝජනය කළ අය සැර කුළුබඩු යෙදූ ආහාරවලට අකැමැත්තක් දක්‌වවලා තිබුනා. කොහොම වුනත් මේ අධ්‍යයනයට අනුව සැර කුළුබඩු යෙදූ ආහාර පරිභෝජනය කළ අයගේ රුධිර පීඩනය අඩු මට්‌ටමක පවතින බව පර්යේෂකයෝ පෙන්වා දී ඇතත්, එම කුළුබඩු යෙදූ ආහාර පරිභෝජනයෙන් රුධිර පීඩනය අඩුකරලන බව ඔවුන් සාධක ඉදිරිපත් කරලා නැහැ කියලා වැන්ඩරබිල්ට් අධි රුධිර පීඩන මධ්‍යස්‌ථානයේ වෛද්‍ය චෙරිල් ලාෆිර් මහත්මිය පවසනවා. ඇයට අනුව දෛනිකව භාවිත කරන ලුණු ප්‍රමාණය අඩු කිරීමෙන් රුධිර පීඩනය ද අඩුකරගන්න පුළුවන්.