News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

රටම බලන් හිටපු මංගල අයවැයේ පෙරවදනක් මෙන්න.

1669 Views


රටම බලන් හිටපු මංගල අයවැයේ පෙරවදනක් මෙන්න.

තෙල් කලබල අස්සේ මංගල මහත්තයාගේ මංගල අයවැය ඔන්න අද හවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක තමයි නිදහස් ශ්‍රී ලංකාවේ 71 වැනි අයවැය. ඒ වගේම යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 වන දා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයා විසින්.

ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම, රුපියල් බිලියන 3,982 ක්. පහුගිය අවුරුද්දේ රජයේ වියදමත් එක්ක බලද්දී රුපියල් බිලියන 1259ක් ඒ කියන්නේ 46% ක වැඩිවීමක්.

2018 වර්ෂයේ අපේක්ෂිත මුලු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,175 ක් කියලයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. එතකොට අයවැය හිඟය පියවන්න රුපියල් බිලියන1,807 ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය ලෙස ගන්නත් සිද්ධ වෙනවා.

2018 අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කරලා තියෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයට කියලයි ආරංචිය. ඒ වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 290.7 ක්.

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 227.57 ක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 182.75 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 102.88 ක් වෙන්කරලා තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 178.39 යි. ජනාධිපතිවරයාට රුපියල් බිලියන 9.98 ක් සහ අග්‍රමාත්‍යවරයාට රුපියල් බිලියන 1.77 කුත් මේ පාර අයවැයෙන් වෙන්කරලා තියෙනවා.

ඉතින් අද හවස 3ට මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ” 2018 අය වැය ” සජීව www.siyatha24.lk සහ සියත FM Facebook Fan Page එක ඔස්සේ බලන්න ඔබට පුළුවන්.

 


News Articles
Latest Videos
Most Popular Post