ෆේස්බුක් කියන්නෙ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ තැනක්. නොදැනුවත්කමින් සමහරු තමන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් එකට දානවා. එ් ඡායාරූප තවත් සංවිධානාත්මක කල්ලියක් ලබාගෙන අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරනවා. මේක වළක්වන්න ෆේස්බුක් අායතනය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා කියලා අපිට ආරංචි වුනා.-
මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ නියාමක වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩේට විවිධ පුද්ගලයන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් අායතනයට ලබා දෙන්න කියලා ඔවුන් ඉල්ලීමක් කරනවා. ඉතින් කැමති නම් තමන්ගේ නිරුවත් ඡායාරූපයක් Facebook එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ ඡායාරූපය, විශේෂ ඡායා සැසදීමේ තාක්ෂණයකට අතුළත් කරනවා. ඊට පස්සේ ඔබේ ඡායාරූපය Facebook අායතනයට විතරක් හදුනාගන්න පුළුවන් ඩිජිටල් සංකේතයක් බවට පත්වෙනවා. වැරදිලා හරි ඔබේ නිරුවත් ඡායාරූපයක් ෆේස්බුක් එකට අැතුලත් වුනොත්, අනිත් අය අතරේ එ්ක Share වෙන එක වළක්වනවා. හැබැයි මේ සඳහා ඔවුන් ගන්නේ අවුරුදු 18 ට වැඩි අයගේ ඡායාරූප විතරයි.
ආරංචි වුන විදිහට ඕස්ට්‍රේලියාවේ සෑම කාන්තාවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අන්තර්ජාලය හරහා හිංසනයට ලක් වෙනවා. එ් වගේම ඕස්ට්‍රේලියාවේ ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් 53% ක් මේ විදියේ කරදර වලට මුහුණ දෙනවා. එ් නිසා මේ නියමු ව්‍යාපෘතියට ඕස්ට්‍රේලියානු රජයත් සහය දෙනවා. කොහොම වුනත් තමන්ගේ පෞද්ගලිකත්වය තමන් අාරක්ෂා කරගන්තා නම් මේ වගේ කරදර විදින්න ඕන නෑ කියලයි සියත 24 අපිට හිතෙන්නේ.