News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

අද එක ලග්නයකට පවුලේ සමඟියට බාදා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1506 Views


අද එක ලග්නයකට පවුලේ සමඟියට බාදා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 11 සෙනසුරදා

රාහු කාලය පෙ.ව 08.57 සිට 10.25

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

 

මේෂ ලග්නය

ඔබ මෙතෙක් ගන්නාවූ තීන්දු තීරණ යහපත් ආකාරයට ගත්තත් අද දිනය තුලදී යහපත් ආකාරයට ගත කරන්න වග බලා ගන්න. යම් යම් දේ ඔබ අතින් ගිලිහීමට ක්ෂණික තීරණ ගැනීමට ඉක්මන් කෝප වීමට ඉඩ ඇති දිනයක්. අධ්‍යාපන ශක්තිය වැඩි වීමෙන් අධ්‍යාපනයේ බලය තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. සම්මුඛ සාකච්චා සම්මුඛ පරීක්ෂණ ආදියේ යෙදී සිටින්නන්ට යහපත උදා වෙනවා. ඔවුන්ගේ වචනය ඉදිරිපත් වීමෙන් ශක්තිමත් වීමෙන් ඔවුන් ජය ගන්නවා. දුරබැහැර ගමන් බිමන් යන්නන් වන්දනා ගමන් යන්නන් තරමක් දුරට අවිවේකි ගතිද ගැටළුද මතුවෙන බැවින් ප්‍රවේසම් විය යුතුයි. අලුත් අලුත් හිතවතුන් මුණ ගැහෙන අන්දමේ කටයුතු කීපයක් සැලසෙයි. ගෙදරදොර ආගමික පසුබිමක් ඇතිවීමට ඉඩ වැඩියි. තමන්ගේ පවුලේ කෙනෙක් ගෙදරින් දුරස්ථ වීමක් රටින් පිට වීමක් තියෙනවා.

ජය වර්ණය දම්පැහැය                  ජය අංකය 01

වෘෂභ ලග්නය

ඔබට අද නම්බු ලාභ සත්කාර ලබා ගැනීමට ඉඩ වැඩි දිනයක්. ඒ වගේම ගෘහ ලාභයක් වාහන ලාභයක් ඇති වීමට ඉඩ පහසුකම් වැඩියි. කරගෙන යන්නාවූ වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමටද හැකියාව ලැබෙනවා. හිතවතුන් ලගට පැමිණේවි. ඒ වගේම මව වෙනුවෙන් හෝ මවගේ ඥාතියෙක් වෙනුවෙන් වැඩිපුර කැප කිරීමක් විය හියදම් දැරීමට සිදුවන අතර ඒ වගකීම ඔබ හරිහැටි ඉටු කරන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනයේ වෙනසක් හෝ ස්ථාන මාරුවක් සිදුවන අතර විදේශගත වුවන්ට යහපත් වූ දිනයක් බවයි පෙනෙන්නේ. නව ආදායම් කෙරේ ඔබ සිත යොමු කිරීමෙන් ඔබට ප්‍රයෝජන ලබා ගැනීමටද හැකියාවක් තියෙනවා.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 02

මිථුන ලග්නය

උනන්දුව උත්සාහය තුලින් ඔබ හරි දැක්මක් ඇතිව කටයුතු කරනවා. පවුලේ සමගියට තරමක් දුරට ගැටළු මතු වෙනවා. සතුරන්ගෙන් තරමක් දුරට ප්‍රවේසම් විය යුතුයි. පවුලේ අයම ඔබට යම් යම් ප්‍රශ්න ගැටළු මතු කරාවි. එයින් ඔබට කලකිරීම් ඇති වෙනවා. බාහිර බලපෑම් නිසා ඔබට චිත්ත පිඩා ඇතිවන නිසා අද දිනය තුලදී කල්පනාවෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. අලංකාරය පිණිස යම් යම් දේ මිලදී  ගැනීම ගෙදරදොර අලංකාර කිරීමට ඔබ පෙලඹෙනවා. එවැනි දෙයක් ගැන සිතා පවුලේ අභිවෘද්ධිය උත්සව අවස්ථාවකට දරුවෙකුගේ මංගල කටයුත්තකට ලැස්ති වීමට ඉඩ වැඩි දිනයක්.

ජය වර්ණය කොළ පැහැය                       ජය අංකය 05

කටක ලග්නය

මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට යොමු කිරීමක් හෝ අලුත් අදහසක් ඇතිව ක්‍රියාත්මක කිරීමක් තියෙන දවසක්. අලංකාරය පිණිස යම් යම් දේ මිලදී ගැනීමට එවැනි දේ ගැන සාකච්චා කිරීමට හෝ මංගල කටයුත්තක් හෝ උත්සව අවස්ථාවකට සහභාගී වීමට ඉඩවැඩි දිනයක්. දරුවෙකුගේ කටයුත්තක් සාර්ථක අන්දමින් නිමා කර ගැනීමට හෝ අධ්‍යාපනික අංශයේ දියුණුවක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. නව වාසස්ථානයක්  වාහනයක් ගැනීමේ අභිලාශයක් ඇත්නම් එවැනි දේකට මුදල් ලබා ගැනීමට බැංකු ගත කිරීම් කිරීමට බැංකුවෙන් ලබා ගැනීමට සුභ දිනයක්. අලංකාරය පිණිස යම් යම් දේ කිරීමට නිර්මාණ වලට දායක වීමට ඉඩ තිබෙනවා.

ජය වර්ණය සුදු පැහැය                             ජය අංකය 02

 

සිංහ ලග්නය

උනන්දුව උත්සාහය ක්‍රියාශීලිබව වගේම රසවත් ආහාරපාන ලැබෙන උත්සව අවස්ථාවකට හෝ ඥාති හිතවතෙකු මුණ ගැසීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ප්‍රිය සම්භාෂණ වලට යොමු වීමේ ඉඩකඩක් පවතිනවා. අන්‍යන්ගේ කටයුතු සාර්ථකව කර ගැනීමට ඔබ දායක වෙනවා. ඒ වගේම ගෙදර දොර සමිති සමාගම් සමගිය වර්ධනය කිරීමට හැකි වේවි. යහපත්ව තීරණ ගනීවි. දරුවෙකුගේ කටයුත්තක් තරමක් දුරට බාධා වීමකට ඉඩ තිබෙනවා. අලංකාරය සම්බන්ධයෙන් යම් යම් දේ කරන ඔබ ගෙදරදොර නව කොටසක් එක් කිරීමක් හෝ ගෙදරදොර සෑදීමේ කටයුත්තකට අත තබාවි. එය සාර්ථක වේවි.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 02

කන්‍යා ලග්නය

ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී ඔබ තරමක් දුරට සිතා බැලිය යුතුයි. සතුරු කරදර මෙන්ම ඔබ අබිභවා යන අයට මහත් ප්‍රථිපලදායක විය හැකියි. ගෙදරදොර ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. අමතර ලැබීම ලැබුනත් ඉක්මන් වියදම් වැඩියි. දරුවෙකුගේ කටයුතු කර ගැනීමට ගොස් අවුල් සහගත තත්වයක් මතුවිය හැකියි. නමුත් සවස් යාමයේ තරමක් දුරට ඔබට සාර්ථක අන්දමේ කටයුතු කීපයක් ඉටු වෙනවා. මුදල් හදල් ලැබීමක් හෝ ඥාති හිතවතුන්ගෙන් උරුම හිමිකම් දේපල ලබා ගැනීමට උත්සහ ගන්නාවූ දිනයක්. ඔබ ලග සිටින අය තරමක් දුරට ගැටළු සහගත තත්වයක් ඇති කරන බැවින් ඔවුන් හා කතාවේදී ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 09

තුලා ලග්නය

මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමටත් ඔබගේ උනන්දුව ශක්තිය බලය පෙන්වීමටත් හැකි දිනයක්. ඔබ ගන්නාවූ තීන්දු තීරණ යම් යම් අයට අපහසුතා මතු කලත් ඔබට සාර්ථක අන්දමින් විසදා ගැනීමට හැකි වෙනවා. ලැබීම අතින් යහපත් වන අතර අමතර ප්‍රතිලාභ ලැබෙන දිනයක්. දුරබැහැර ගමන් බිමන් විදේශගත වීම් ඇති වෙනවා. නව මුහුණුවරකින් ඔබගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ අලුත් අදහස් ඇතිව ක්‍රියාත්මකවන කරුණු නිසා ඔබ අද රැකියාවේ සාර්ථකත්වය දිනා ගන්නවා.

ජය වර්ණය නිල් පැහැය               ජය අංකය 06

 

වෘශ්චික ලග්නය

 

කරගෙන යන්නාවූ වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යාපාරිකයින්ට ඒ වගේම හෝටල් ආහාරපාන සකසන්නන්ට අද දිනය තුලදී වාසි ලැබෙනවා. ජලය සම්බන්ධ පොලව සම්බන්ධ කටයුතු කරන්නන්ට වාසි සැලසෙනවා. නමුත් ඔබට ගෙදරදොර වාතාවරණය සමබන්ධයෙන් තරමක් ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. ඔබ කරගෙන යන්නාවූ කටයුතු වලට අවහිර කිරීම් බාධා කිරීම් ඇති නිසා එවැනි දේ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. අලුත් අදහස් ඇති වේවි. රෝගාබාධ ඇසුරෙන් ප්‍රවේසම් විය යුතුයි.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 06

ධනු ලග්නය

පුණ්‍යකාමී සිතුවිලි ඇති දවසක්. ආගමනුකුලව කටයුතු කිරීමට ඔබ පෙළඹෙන අතර බොහෝ විට අනුන්ට අසරණයින්ට පිළිසරණ වන්න භාග්‍ය ලැබෙන දිනයක්. අලංකාරය පිණිස යම් යම් දේ මිලදී ගැනීමටද ඔබට හැකියාවක් පවතිනවා. ඔබ ඔබගේ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගැනීමට හැකියාවක් තිබෙන අතර දරුවන්ගේ කටයුතුද යහපත් ආකාරයට ඇතිකර ගන්නවා. දුරබැහැර ගමන් බිමන් හෝ රටින් පිටවීම් තුලින් ඔබට නොයෙක් වගකීම් දැරීමට සිදු වෙනවා. ඉක්මන් කිපිම් ක්ෂණික තීරණ ගැනීම් සිදු වීමෙන් වලකින්න.

ජය වර්ණය රන්වන් කහ පැහැය                ජය අංකය 03

 

මකර ලග්නය

වරින්වර කරගෙන යන කටයුතු වල සුළු සුළු මතභේද චිත්ත පීඩා මතු විය හැකියි. ඔබට දුන්නාවූ මිල මුදලක් ලබා ගැනීමට ගොස් අකරතැබ්බයකට මුහුණ දෙනවා. ජල සහිත ස්ථාන වල ස්නානය කිරීමෙන් හා ජල පිඩා ඇති බැවින් එවැනි දේවල් වලින් වලකින්න. යටි කුට්ටු අදහස් ඇතිව කටයුතු කරන්නන්ගෙන් ඔබ ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කිරීමට වගබලා ගත යුතු අතර තරමක් දුරට අවුල් සහගත තත්වයක් ඇති වේවි. බුද්ධිමත් තීරණ ගැනීමට වගබලා ගන්න.

ජය වර්ණය නිල් පැහැය               ජය අංකය 09

කුම්භ ලග්නය

බුද්ධිමත්ව හා ක්‍රමානුකුලව කටයුතු කිරීම තුලින් ඔබට යහපත උදා වෙනවා. අලංකාරයට ඇදීමට පැළදීමට හෝ අලංකාර බඩු මුට්ටු ගැනීමට හැකියාවක් තියෙනවා. ගමන් බිමන් බහුල වෙනවා. පවුලේ සහකරු සහකාරිය අතර සම්බන්ධතා වර්ධනය වන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වීමට ඉඩක් තියෙනවා. උඩ නැගීම වැටීම් ආදී යාන වාහන පැදවීම් ආදී කටයුතු කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. අමතර ප්‍රතිලාභ ලැබෙනවා. අතමිට සරු වේවි.

ජය වර්ණය නිල්පැහැය                ජය අංකය 09

මීන ලග්නය

අලුත් වැඩ කීපයක් යොමුවන දිනයක්. ව්‍යාපාරිකයෙක් නම් ඔබට යහපත් ප්‍රථිපල අත්කර ගැනීමේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ගෙදරදොර අඹුසැමියන් අතර වාදභේද ඇතිවිය හැකි බැවින් ඒ ගැන වඩාත් සිත යොමු කල කටයුතු කරනවා. උෂ්ණ රෝග පාද ආශ්‍රිත රෝග ඇති අය අද දිනය තුලදී ප්‍රවේසම් විය යුතුයි. කතාවෙන් ප්‍රවේසම් වන්න. එයින් සතුරු කරදර මතු වෙනවා. එයින් කලකිරිම්ද මතු විය හැකියි.

ජය වර්ණය ලා රෝස පැහැය                    ජය අංකය 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ

දුරකථන අංකය: 0112509386

 

 

 


News Articles
Latest Videos
Most Popular Post