News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

හාමුදුරුවන්ට පච්ච කොටන්න තහනම්ද?

3669 Views


හාමුදුරුවන්ට පච්ච කොටන්න තහනම්ද?

පච්ච කොටපු හාමුදුරුවෝ කෙනෙක් ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාල වල ලොකු ආන්දෝලනයක් ඇති කරා. සමහරු කිව්වා හමුදුරුවන්ට පච්ච කොටන එක අකැපයි කියලා. පච්ච කොටපු අයට මහන වෙන්න බෑ කියලත් සමහරු කිව්වා. ඇත්තටම පච්ච කොටන එක බුදු දහමට විරුද්ධයිද? පච්ච කොටපු අයට මහන වෙන්න බැරිද? අපි මේ ගැන හොයලා බැලුවා.

කොහොම වුනත් පච්ච කෙටීමක් ගැන බුදු දහමේ සඳහන් වෙන්නේ නෑ. බෞද්ධ වත්පිළිවෙත් එක්කවත් බෞද්ධ සම්ප්‍රදාය එක්කවත් පච්ච කෙටිම ගැළපෙන්නේ නෑ. හැබැයි තායිලන්තයේ නම් භික්ෂූන් වහන්සේලා පච්ච කොටන එක සම්ප්‍රදායක්. ඒ වගේම ඒ භික්ෂූන් වහන්සේලා වෙනත් පුද්ගලයන්ගේ පච්ච කොටන එකත් කරනවා. බෞද්ධ භික්ෂුවක් අතින් පච්චයක් කොටා ගන්න එක තායිලන්තයට එන සංචාරකයින් අතරත් ගොඩාක් ප්‍රසිද්ධයි.

තායිලන්තයේ භික්ෂූන් කරනා මේ පච්ච කෙටීමේ සම්ප්‍රදාය සාක් යාන්ට් (Sak Yant ) කියලයි හදුන්වන්නේ. ඔවුන් කරන්නේ ආරක්ෂාව, වාසනාව, රැකවරණය සහ සුභ පළ පතා මේ පච්ච කොටන එක. බෞද්ධ ගථා, පිරිත් සූත්‍ර තමයි තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා මේ විදියට පච්ච ලෙස ශරීරයේ කොටා ගන්නේ. කොහොම වුනත් බෞද්ධ දර්ශනයේ මේ වගේ පච්ච කෙටිම ගැන කිසිම සදහනක් නෑ. වසර දහස් ගණනක් තිස්සේ තායිලන්තයේ, කාම්බෝජයේ සහ ඉන්දුනීසියාව වගේ රටවල තිබ්බ පච්ච කෙටීමේ කලාවට බෞද්ධ මුහුණුවරක් එකතු වෙලා මේ සම්ප්‍රදාය නිර්මාණය වෙන්නැති කියලයි විශ්වාස කරන්නේ.

කොහොම වුනත් තායිලන්තයේත් හැම ථෙරවාදී භික්ෂුවක්ම පච්ච කොටන්නේ නෑ. ඔවුන්ගේ ගුරුකුල කිහිපයක විතරයි මේ සම්ප්‍රදාය තියෙන්නේ. අද වෙද්දී තායිලන්තය එන සංචාරකයින් විශාල පිරිසක් මේ භික්ෂූන් වහන්සේලාගෙන් පච්ච කොටා ගන්න එනවා. හැබැයි පිරිම අයගේ විතරයි උන්වහන්සේලා පච්ච කොටන්නේ. මොකද කාන්තාවන් ස්පර්ශය බෞද්ධ භික්ෂූන්ට බලවත් අකැපක් නිසා.

තායිලන්තයේ භික්ෂුණ වහන්සේලා සතුව මේ පච්ච කෙටීමට අදාල ජ්‍යාමිතිකව නිර්මාණය කළ රූප ගණනාවක් තියෙනවා. ඒ වගේම ඔවුන්ට අවේනික තීන්ත සහ පච්ච කොටන්න උණ බම්බුවලින් හදා ගත්ත කූරක් තියෙනවා. මේ පච්ච කොටා ගත්ත සංචාරකයින් නම් කියන්නේ සාමාන්‍ය පච්ච කොටනවාට වඩා මේ ක්‍රමයෙන් වේදනාව වැඩි කියලයි. එත් මේ ක්‍රමය ඉක්මන් සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයක් කියලයි ඔවුන් කියන්නේ.

හැබැයි ඉතින් ලංකාවට නම් මේ සම්ප්‍රදායන් කොච්චර දුරට ගැළපෙනවද කියන එක හිතන්න ඕන. ඒ වගේම ගිහි ජීවිතයේදී මොනවා කරත් පැවිදි වුනාට පස්සේ බෞද්ධ දර්ශනය අනුව ජිවත් වෙනවා නම් වඩාත් වැදගත් වෙන්නේ එක. කොහොම වුනත් පච්ච කෙටිම භික්‍ෂුවකට ගැලපෙනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕන මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයම තමයි.

 


News Articles
Latest Videos
Most Popular Post