News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ඇපල් පොලීසියෙන් ආරක්ෂා වෙන ඇපල් සමාගම ලෝකෙන්ම හංගපු දේ මෙන්න.

2423 Views


ඇපල් පොලීසියෙන් ආරක්ෂා වෙන ඇපල් සමාගම ලෝකෙන්ම හංගපු දේ මෙන්න.

අැපල් කියන්නේ දුරකතන සන්නාම අතර ප්‍රමුඛතම නාමයක්. අනෙක් දුරකතන වලට වඩා විශිෂ්ඨ සේවාවක් වගේම ඉහළ ගුණාත්මක භාවයක් අැපල් උපාංග වල තියෙනවා. කොහොම වුනත් ඔබ නොදන්නා රහස් රැසක්ම අැපල් අායතනයට තියෙනවා. මේ තියෙන්නේ එ්වාගෙන් කිහිපයක්.

* අැපල් පොලීසිය – අැපල් අායතනය තමන්ගේ වගේම ඔවුන්ගේ ව්‍යාපෘති වල රහස් රැක ගන්න වෙනම පොලීසියක් පවත්වාගෙන යනවා. එ් පොලීසියට පැවරුණ රාජකාරිය තමයි රෑ දවල් දෙකේම සේවකයින් ගැන අැහැ ගහගෙන ඉන්න එක. අායතනයේ රහස් පිටට යන එක වළක්වන්න වගේම වරදකරුවන් ලුහුබැදීම මේ පොලීසියේ ප්‍රධාන රාජකාරියක්. එක සැරයක් එ් කණ්ඩායම සැන් ෆ්‍රැන්සිස්කො වල ගෙදරකුත් වැටලුවා. එ් එළිදක්වන්න තියෙන අැපල් දුරකතනයක මූලාකෘතියක් අැති කියලා සැක කරලා.

* දුම්පානය – අැපල් පරිගණකයක් ඉදිරිපිට දුම්පානය කලොත් වගකීම ඉවත් වෙනවා කියලා ඔබ දන්නවා නේ. සිරගට් පානය නිසා අැපල් පරිගණක මත කාර්ය අවශේෂයන් තැන්පත් වෙලා තිබ්බ අවස්ථා වලදී අැපල් සමාගම එ් නිශ්පාදන අලුත්වැඩියාව ප්‍රතික්ශේප කරලා තියෙනවා. එ්කට හේතුව තමයි එ් නිසා අැපල් සේවකයින්ගේ සෞඛ්‍යයට අනතුරක් වෙන නිසා.

* ස්ලයිඩ් ටු අන්ලොක් – මේ පහසුකම සදහා පේටන් බලපත්‍රය තියෙන්නෙ අැපල් අායතනයට. සැම්සුන්ග් අායතනය එ් පහසුකම අනවසරයෙන් යොදා ගත්තා කියලා අැපල් සමාගම නඩු පැවරුවා

* අතිශය පොහොසත් – අැපල් අායතනය සතුව වරක් අැමරිකාවේ මහා භාණ්ඩාගාරයටත් වඩා මුදල් සංචිතයක් තිබ්බා. 2011 දී අැපල් අායතනයේ වත්කම අැ. ඩො. බිලියන 75.88 ක්. එත් එ් අවුරුද්දේ වොෂිංටන් සතුව තිබ්බේ අැ. ඩො. බිලියන 73.77 ක් විතරයි.

* සිරී – අැපල් අයි ෆෝන් එක්ක එන සිරී පහසුකම නිසා ඔබ පවසන හැම දෙයක්ම අැපල් අායතනයට යනවා. ඒවා විශ්ලේෂණය කරාට පස්සේ අවුරුදු 2 ක් විතර ඔවුන් එ්වා ගබඩා කරලා තියා ගන්නවා.


News Articles
Latest Videos
Most Popular Post