News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

අද එක ලග්නයකට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1903 Views


අද එක ලග්නයකට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 13 ඉරිදා

රාහු කාලය පෙ.ව 07.27 සිට 08.28

සුභ දිශාව නැගෙනහිර

මරු සිටින දිශාව වයඹ

 

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු පොදු කටයුතු වලින් පෙරමුණ ගන්න ඔබට හැකියාව ලැබෙනවා. විවාහ සම්බන්ධතා තුල යම් ආකාරයක බාධා කම්කටොලු තිබුණානම් ඒවා සියල්ල අවසන් වෙනවා. අන් අයගේ ආශිර්වාද පහසුවෙන්ම ලගා කර ගැනීමට හැකියාව ලැබෙනවා. අලුත් අලුත් ව්‍යාපාරික කටයුතු පිලිබදව අවධානය යොමු වෙනවා. එවැනි කටයුතු වලට ආයෝජනය කරන්න ඔබ පෙළඹෙනවා. ඒ කටයුතු හරහා ධන ශක්තිය වර්ධනය කර ගන්න හැකි වෙනවා. අධ්‍යාපනික කටයුතු දැනුම මුල් කරගන්න කටයුතු පහසුවෙන් දියුණු කරගත හැකියි. අලුත් පොත්පත් පවා පරිශීලනය කරන්න හැකි වෙනවා.

ජය වර්ණය විසිතුරු පැහැය                        ජය අංකය 08

වෘෂභ ලග්නය

දෙමාපියන් පිලිබදව විශේෂයෙන් මව්පස ඥාතීන් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඔබ තුල නිර්මාණය වෙනවා. ඔබට එරෙහිව සතුරු කරදර රහස් බාධා ආදී දේවල් ක්‍රියාත්මක වන දිනයක්. යාලු මිත්‍රයන්ව වුනත් විශ්වාස කරන්න එපා. ඔබගෙන් උදව් ගත්ත පීරිස් ඇතැම් අවස්ථාවලදී ඔබට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා කල්පනාකාරී වෙන්න. ආහාර ගැනීමේදී බෙහෙත් ඖෂධ පානය කිරීමේදී නියමිත මාත්‍රාව වගේම  සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. රැකිරක්ෂා වෙළදාම් කටයුතු පවා ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ ඉඩකඩ පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජීය ශක්තිය වර්ධනය වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු පවා දියුණු වෙනවා.

ජය වර්ණය ලා රතු පැහැය                        ජය අංකය 08

මිථුන ලග්නය

අලුත් අලුත් අධ්‍යාපනික ක්‍රමවේද පිලිබදව දැනුම සොයන මාර්ග පිලිබදව ඔබ වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. ඔබගේ දුදරුවන්ගේත් අධ්‍යාපනය පිලිබදව වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු මුලික කරගෙන ඔබේ මනසට යම් ආකාරයක සුභදායි දෙයක් අහන්න දකින්න වාසනාව ලැබේවි. ගෙදර දොරේ යාන වාහන වෙනදට වඩා සැලකිල්ලක් දක්වනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි දෝෂ දර්ශන ඇති වෙනවා. සන්නිවේදනය ආශ්‍රිත කටයුතු දියුණු කර ගන්න පුළුවන්. පියපස ඥාතීන්ගෙන් පවා උදව් උපකාර ලබා ගන්න හැකියාව ලැබෙනවා. ගුරුවරුන් පවා තමන්ගේ දෛනික කටයුතු වලට උපකාර හිමි වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගන්න හැකි වෙනවා.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 03

කටක ලග්නය

තමන්ගේ ඥාතීන් පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති වෙනවා. තමන්ගේ ගේදොර වතුපිටි යාන වාහන දියුණු කරගන්න අවශ්‍ය මාර්ග පිලිබදව ඔබ කල්පනා කරනවා. අලුත් අලුත් භාණ්ඩ මිලදී ගන්න උත්සහ කරනවා. සුඛෝපභෝගී තත්වය වර්ධනය කර ගන්න හැකියාවක් තියෙනවා. යන එන ගමන් බිමනේදී පහසු වාහන ලැබීම පවතිනවා. උද්යෝගිමත්භාවයක් එකතු වෙනවා. වචන බාවිතා කරද්දී අන් අයව විශ්වාස කිරීම යහපත් නොවේ. කල්පනාකාරීව වචන බාවිතා කරන්න. කල්පනාකාරීව පොරොන්දු ගිවිසුම් වලට එළඹෙන්න.

ජය වර්ණය ලා දම් පැහැය                                    ජය අංකය 02

 

සිංහ ලග්නය

කායික ශක්තිය වර්ධනය වෙනවා. ඔබේ මනස බොහොම පැහැදිලිව නිරවුල්ව විවෘත වෙනවා. අලුත් අලුත් හැගීම් ඔබට පහල වෙනවා. ඔබගේ මානසික මට්ටම උසස් මට්ටමක පවතින නිසාම අලුත් අදහස් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සමාජගත කිරීමේ ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ක්ෂණික ආවේග කේන්ති පාලනය කරගත යුතු දවසක්. අසල්වාසීන් සමග හොදින් ගණුදෙනු කිරීමේ හැකියාව පවතිනවා. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. ඒ හරහා අලුත් යාලු මිත්‍ර සම්බන්ධකම් ගොඩ නැගෙනවා. සමාජ ගෞරවය වර්ධනය කර ගන්න හැකියාව ලැබේවි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග විටින් විට ඇති වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 08

කන්‍යා ලග්නය

ගන්න තීන්දු තීරණ නිසා චිත්ත පීඩා ඇති වෙනවා. මව හෝ මව්පස ඥාතියෙකු අසනීප වීම නිසා රෝහල්ගත වීමක් හෝ බෙහෙත් හේත් ගැනීමක් සිදු වෙනවා. කලාකාමී කටයුතු වලට වියදම් කිරීමට සිදු වෙනවා. අලුත් අදහස් පහල වෙනවා. ලියන කියන කටයුතු දියුණු කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලදී නම් කල්පනාකාරී වෙන්න. හිසේ බර ගතියක් හිසේ කැක්කුම් සහිත ස්වභාවයකුත් ඇති වේවි. ගෙදරදොර කම්කටොලු සහගත තත්වයක් ඇති වෙලා චිත්ත පිඩා ඇතිවිය හැකියි. වෘත්තිමය කටයුතු සාර්ථකත්වයට පත් වුනොත් ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු එතරම් සාර්ථක වන්නේ නැහැ.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 07

තුලා ලග්නය

ජිවිතයට අලුත් බලාපොරොත්තු අලුත් හැගීම් අලුත් ප්‍රර්ථනා එකතුවෙන කාලයක්. හිතු හිතු හැටියට තීන්දු තීරණ ගන්නත් ඔබ බලාපොරොත්තු වන සෑම සුභ කටයුත්තක්ම සාර්ථක කර ගන්නත් වාසනාව ජවය ශක්තිය ඔබ සතුව පවතිනවා. කලාකාමී කටයුතු ඉතාම පහසුවෙන් දියුණු වෙනවා. පරිපාලන හැකියාව වර්ධනය වෙනවා. අලුත් වගකීම් වලට ඔබට බැදෙන්න සිදු වෙනවා. අලුත් නිලතල ලාභ ආදී දේවල් ලබන්න වාසනාව පවතිනවා. ගෞරවයට සම්මානයට පාත්‍ර වන දවසක්. අන් අය ඔබව විශ්වාස කරනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. වෘත්තිමය කටයුතු කරගෙන යාමේ ඉඩකඩ උදා වෙනවා.

ජය වර්ණය විසිතුරු පැහැය                       ජය අංකය 05

 

වෘශ්චික ලග්නය

 

ගන්න තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි. අවලාද අපහාස උපහාස අහන්න දකින්න සිදු වෙනවා. කාන්තාවන් සමග පවත්වන්නාවූ ගණුදෙනු කිරීම් වලදී ඔබේ ගෞරවයට හානිකර තත්ව ඇති වෙන්න පුළුවන්. කල්පනාකාරී වීම අතිශය අත්‍යවශ්‍ය දවසක්. වෘත්තීය කරන ස්ථාන වල කාන්තාවන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී ඔබ යනෙන මග තොටේදී හමුවන කාන්තාවන් සමග අලුතෙන් මුණ ගැසෙන කාන්තාවන් සමග කරන ගණුදෙනු කිරීමේදී කල්පනාකාරීව ඉවසිලිවන්තව නම්‍යශිලිව කටයුතු කරන්න. ආරෝග්‍යශාලා ආශ්‍රිතව වෘත්තිමය කටයුතු වල නිරත වෙලා ඉන්න අයට බොහෝ වාසනාව උදා වෙනවා. වියදම් ඉහල යනවා. සෞඛ්‍ය පිලිබදව විමසිලිමත් වෙන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 06

ධනු ලග්නය

වෙළදාම් කටයුතු වෙනදට වඩා පහසුවෙන් දියුණු කරගත හැකි වෙනවා. ආදායම් මාර්ග විවර වෙනවා. යාලුවන්ගෙන් පවා ඔබට ආදායම් මාර්ග ලැබෙනවා. නිවසෙන් පරිබාහිරව කරන සෑම කටයුත්තකින්ම සුභවාදී ප්‍රථිපල ලැබෙනවා. බොහෝ ජනතාවගෙන් ඔබට උපකාර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අතිශය කාර්යබහුල ස්වභාවයක් ගෙන දෙනවා. හිසේ බර ගතිය ඇගට තෙහෙට්ටු ගතිය ඇති වෙනවා. පෙරපින ඉස්මතු වෙනවා. මව සහ මව්පස ඥාතීන්ගෙන් පවා උදව් උපකාර හිමි වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් යම් සැහැල්ලුවක් දියුණුවක් ලැබෙනවා.

ජය වර්ණය දීප්තිමත් රතු පැහැය               ජය අංකය 03

මකර ලග්නය

ඔබගේ ආර්ථික ශක්තිය වෘත්තිමය මට්ටම දියුණු කරගන්න අලුත් අලුත් ක්‍රමවේද උදා වෙනවා. අලුත් පුද්ගලයන් ඔබට දැන කියා ගන්න හැකියාව ලැබෙනවා. ඒ පුද්ගලයන්ගේ අදහස් ඔබේ ජිවිතයට කාන්දු කර ගත්තොත් ඔබට යහපත්. අලුත් මිතුරන් ඔබට ලං කරගත හැකි වෙනවා. පරණ උපදේශකයන් ඔබට ලග තියා ගැනීමට සිදු වෙනවා. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න හැකියාව ලැබෙනවා. ස්වර්ණාභරණ පොත්පත් උපදේශනාත්මක වෘත්තීන් සම්බන්ධ කටයුතු පහසුවෙන් සාර්ථක වෙනවා.

ජය වර්ණය කහ පැහැය                ජය අංකය 03

කුම්භ ලග්නය

අතපසු වෙලා තිබුණු බොහෝ කටයුතු ජවසම්පන්නව උනන්දුවෙන් කරන්න අවකාශ ලැබෙනවා. වෙනදට වඩා තමන්ගේ ආගම දහම පිලිබදව උනන්දුවක් භක්තියක් ඇති වෙනවා. මනසට සැහැල්ලුවක් උදා වෙනවා. අතගහන සෑම සුභ කටයුත්තක්ම පහසුවෙන් සාර්ථක වෙනවා. තමනට උපකාර කරන පීරිස් සමාජයෙන් සොයා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. ගමන් බිමන් වලින් පවා සහනයක් සැහැල්ලුවක් උදා වෙනවා. අලුත් ඥාන ශක්තියක් වර්ධනය කර ගන්න හැකියාව ලැබෙනවා. පොත්පත් ආශ්‍රිත දැනුම මුල් කර ගත්ත කටයුතු දියුණු කර ගන්න පුළුවන්. ගොඩනැගිලි ආශ්‍රිත කටයුතු ඉදිකිරීම් පොත්පත් ආශ්‍රිත කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් ජයග්‍රහණ උදා වෙනවා.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 06

මීන ලග්නය

සිතුවිලි ඉතාමත්ම හොදින් ක්‍රියාත්මක කරනවා. නමුත් ඔබ ගන්න තීන්දු තීරණ වල ප්‍රථිපල අසුභ ආකාරයකට පැතිරෙනවා. ඔබ ගන්න සෑම ක්‍රියාවකම අවසානය පිලිබදව අවධානයෙන් සිටින්න. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග වලින් බාධා ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා තුල විරසක වීම් ඇති වේවි. අතගහන ඇතැම් කටයුතු සාර්ථක වන්නේ නැහැ. ඉවසිලිවන්තව කටයුතු කිරීම අතිශය වැදගත්. පොත්පත් ඇගලුම් ජවසම්පන්න කටයුතු බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. කෙටි ගමන් බිමන් යෙදෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 08

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 676 53 53

 

 

 


News Articles
Latest Videos
Most Popular Post