News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

සදීර සහ දික්වැල්ල ඉන්දියාවට එළව එළවා පහර දෙයි. ළහිරු තිරිමාන්න කඩුලු 2 ක් දවා ගනී.

3562 Views


සදීර සහ දික්වැල්ල ඉන්දියාවට එළව එළවා පහර දෙයි. ළහිරු තිරිමාන්න කඩුලු 2 ක් දවා ගනී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් කරඟාවලිය ලබන 16 වෙනිදා අාරම්භ වෙනවා. ඊට කලින් පුහුණු තරඟයක් මේ දවස්වල පැවැත්වෙනවා. එ් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර.

පළමුවෙන්ම පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 411 ක් රැස් කරා. ලංකාවේ පිතිකරුවන් 4 දෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමත් විශේෂත්වයක්. පළවෙනි කඩුල්ලට සදීර සහ දිමුත් ලකුණු 134 ක සබඳතාවක් ගොඩනැගුවා. සදීර වේගවත් ලකුණු 74 ක් රැස් කරා. එ් හතරේ පහර 13 ක් සමඟ. දිමුත් ලකුණු 50 යි. අැන්ජලෝ මැතිව්ස් ලකුණු 54 යි. ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කල නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 73 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 13 ක් අැතුලත් වුනා. හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් එක්ක දිල්රුවන් ලකුණු 48 ක් රැස් කරා. නායක චන්දිමාල් ලකුණු 29 කට පිටියෙන් ඉවත් වුණා. රොෂේන් සිල්වා නොදැවී ලකුණු 36 යි. සන්දීප් සහ අාකාශ් භාණ්ඩාරී ලංකාවේ කඩුලු 2 බැගින් ලබා ගත්තා. අවේශ් සහ ජලාජ් එක කඩුල්ලයි.

ලකුණු 411 ක ඉලක්කයක් හඹා යන ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 89 ක් ලබාගෙන ඉන්නවා. අගර්වාල් ලකුණු 16 කට දැවී ගියා. අාකාෂ් භණ්ඩාරී ලකුණු 3 කට දැවී ගියා. ජිවංජොට් සිං නොදැවී ලකුණු 28 ක් ලබා ගෙන ඉන්නවා. සංජු සැම්සන් නොදැවී ලකුණු 38 යි. එ් හතරේ පහර 7 ක් සමඟින්. ඉනිදීය කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 2 ම ළහිරු තිරිමාන්න ලබා ගැනීම විශේෂත්වයක්. කොහොම වුනත් ටෙස්ට් තරඟාවලියේදීත් මේ වගේ දස්කම් පෙන්නුවොත් ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්න එක අමාරු නෑ.


News Articles
Latest Videos
Most Popular Post