මුහුදෙන් වට වුන අපේ රටේ ඉස්සර ඉඳලම කරන කර්මාන්තයක් තමයි ධීවර කර්මාන්තය. විශේෂයෙන්ම මුහුදු යන ධීවරයන්ට සමහර වෙලාවට නොසිතුව දේවල් වලට් මුහුණදෙන්නත් සිද්ධවෙනවා. අපි මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් . මේ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන්ගේ දැලකට කිලෝ ග්‍රෑම් 500 කටත් වඩා බර තල්මසකුට සමාන තිත්මඩු වර්ගයේ මාළුවෙක් පැටලීලා මියගිහින් තියෙනවා.
ගිය සතියේ දවසක මන්නාරම තාවුල්පාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසකටත් මේ විදිහේ විශාල මාළුවෙක් දැලකට අහු වෙලා තිබුනා. ධීවරයන් කියන්නේ ඒ මාළුවා දැලට අහුවෙලා ටික වෙලාවකින් මිය ගියා කියල.
සමහර දැල්වල තියෙන විෂ සහිත තත්ත්වය මේකට හේතුවක් වෙන්න පුළුවන් කියල තමයි මන්නාරමේ ධීවරයෝ කියන්නේ. ධීවරයන්ගේ දැලට අහුවෙලා මියගිය මේ තිත් මඩුවා මහජනතාවට පෙනන්න පේසාලේ ප්‍රදේශයේ ධීවරයෝ පිරිසක් ට්‍රැක්‌ටරයක පටවාගෙන නගරය පුරාම ගිහින් තිබුනා.