වර්තමානයේ ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ. එ්ක ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිලිගනීවී. මොකද හතුරු බංගලාදේශ ක්‍රිකට් ගොඩ ගනිපු විදිය ලෝකයම දැක්කා. හැබැයි ඔහු ඔක්තෝම්බර් මාසයේදී බංගලාදේශ කණ්ඩායමෙන් ඉවත්වෙන්න අස්වීමේ ලිපිය බාර දීලා තිබ්බා. එ්ත් එක්කම ලෝකය පුරාම ක්‍රිකට් මාධ්‍ය කිව්වෙ ඔහු ලංකාවේ පුහුණුකරු තනතුර බාර ගන්නවා කියලා.
හතුරුසිංහ ලබන දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් ලංකාවේ පුහුණුකරු විදියට වැඩ බාර ගන්නවා. ක්‍රිකට් අායතනයේ උසස්ම නිලධාරීයෙක් මේ බව තහවුරු කරා. හතුරුසිංහ ලංකාවේ පුහුණුකරු විදියට වැඩ බාර ගැනීම තහවුරු වුනේ මීට සති 6 කට කලින් බවයි එම නිලධාරීයා කිව්වේ. තමන්ගේ අනන්‍යතාව හෙළිකරන්න අකමැති වුන මේ නිලධාරියා වැඩිදුරටත් කිව්වේ “මේක රහසේ විය යුතු දෙයක්. මොකද බංගලාදේශය දැනගත්තොත් එ්ක ඔවුත් සමඟ අපි පවත්වාගෙන යන මිත්‍රත්වයට බාධාවක්. එ්ක නිසා ඔවුන්ට නොතේරෙන විදියටයි අපි හතුරුසිංහ ඔවුන්ගෙන් ගලවා ගන්න ඕන. එහෙම නොවුනොත් වැඩේ අවුල් වෙනවා” කියලා.
දුර්වල කණ්ඩායමක් විදියට හඳුන්වපු බංග්ලාදේශ කණ්ඩායම හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව වැනි ප්‍රභල කණ්ඩායම් පවා පරාජය කරා. එ් නිසාම ලෝකය පුරාම හතුරුසිංහට ප්‍රශංසා කරා.
කොහොම වුනත් 2019 ලෝක කුසලානය දක්වා බංගලාදේශ ක්‍රිකට් අායතනය එක්ක ගිවිසුම් ගත වෙලා හිටියා. නමුත් ගිවිසුමේ අනුව ඊට කලින් ඉවත් වෙනවා නම් මාස 3 කට කලින් දැනුම් දෙන්න ඕන. එ් නිසා හතුරු බංගලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය අාරම්භයේදීම අස්වීමේ ලිපිය භාර දුන්නා. හතුරු බංගලාදේශයේ පුහුණුකරු විදියට වැඩ කරද්දී ලක්ෂ 40 ක පඩියක් ලැබුණා. එ්ත් ලංකාවේ පුහුණුකරු තනතුරු බාර ගන්න කැමත්ත පලකරද්දී ඔහු එ් ගැන තැකීමක් කරලා නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය ලබාදෙන පඩිය විතරක් ගන්න ඔහු කැමති වෙලා තියෙනවා. එ් අනුව ඔහුට බංගලාදේශයෙන් ලැබුනට වැඩිය අඩු පඩියක් තමයි ලැබෙන්නේ.
බංගලාදේශය ගොඩ ගත්තා වගේ ලංකාවේ ක්‍රිකටුත් හතුරු ගොඩගනී කියන බලාපොරොත්තුව ලංකාවේ ක්‍රිකට් වලට අාදරය කරන හැමෝටම තියෙනවා.