News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

හොඳම ක්‍රීඩකයින් තෝරගන්න Plan එකක්, මුරලි, සංගා, මහේල, ඇමතිට භාරදෙයි.

2601 Views


හොඳම ක්‍රීඩකයින් තෝරගන්න Plan එකක්, මුරලි, සංගා, මහේල, ඇමතිට භාරදෙයි.

මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන්නෙ. එ්ක හැමෝම පිළිගන්න දෙයක්. එ් වුනත් වැටිච්ච ක්‍රිකට් ගොඩගන්න මේ වෙද්දිත් එක එක සැලසුම් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න ප්‍රධානම හේතුවක් විදියට ගොඩක් අය චෝදනා කරේ පාසල් ක්‍රිකට් ගුණාත්මයෙන් තොර වීම. එ් නිසා අධ්‍යාපන අැමති එක්ක එකකු වෙලා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් පාසල් ක්‍රිකට් ගොඩ ගන්න එකතු වුනා.

පාසල් ක්‍රිකට් ගොඩගන්න ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සමන්විත කමිටුවක් හැදුවා. සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ මහේල ජයවර්ධන එ් කමිටුවට අැතුලත්. ඔවුන් පහුගිය දා ඔවුන්ගේ වාර්තාව අධ්‍යාපන අැමතිට භාරදුන්නා. දක්ෂතා නැති පාසල් ක්‍රීඩකයින් විශේෂ හිතවත්කම් මත ජාතික සංචිතයට තෝරගෙන තියෙනවා කියලා ඔවුන් මේ වාර්තාවෙන් පෙන්වලා දීලා තියෙනවා.

එ් වගේම පාසල් ක්‍රිකට් තරඟ සීමා කරන්න ඕන කියලත් ඔවුන් යෝජනා කරලා තියෙනවා. අනවශ්‍ය ලෙස තරඟ පැවැත්වුවාම සිසුන්ගේ අධ්‍යාපනයට බාධා අැති වෙනවා කියලයි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කියන්නේ. ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක් තෝරගෙන සියලු පහසුකම් වලින් යුතු පුහුණු මධ්‍යස්ථාන හදන්න ඕන කියලත් වාර්තාවේ සඳහන් වෙනවා. පුහුණුකරුවන් සදහා නිශ්චිත ප්‍රමිතියක් හදන්න ඕන කියලත් මේ වාර්තාවෙන් යෝජනා කරලා තියෙනවා.

ලංකාවෙන් බිහිවුණ සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි පාසල් ක්‍රිකට් ගොඩගන්න වැඩේට බැහැලා ඉන්නේ. එ් නිසා අනාගතයේදී ලංකාවේ ක්‍රිකට් ගැන හොද බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වේවී.


News Articles
Latest Videos
Most Popular Post