News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

රාවණා අද සිට සියත TV තුළින්…

9191 Views


රාවණා අද සිට සියත TV තුළින්…

ඉන්දියන් සාගරයේ පුංචි මුතු අැටය. ඔව් එ් තමයි අපේ රට. ශ්‍රී ලංකාව. ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක් වුනත් ලෝකයේ බලවතුන්ට වඩා දැවැන්ත ඉතිහාසයකට අපි උරුමකම් කියනවා. මහා වංශයේ සදහන් වෙන විදියට අවුරුදු 2500 ක ඉතිහාසයක් ලංකාවට තියෙනවා. හැබැයි එතනින් එහා අපිට ඉතිහාසයක් නැද්ද?
ඇත්තම කිවුවොත් වසර 2500 කටත් එහා මහා විශාල ඉතිහාසයක් අපිට තියෙනවා. ඔබ විශ්වාස කරනවද? එ් ඉතිහාසය ගැන ඕන තරම් සාක්ෂි හොයාගන්න  අපිට හොයා ගන්න පුළුවන්. ඒත් විදේශීය බලවතුන්ගේ වුවමනාවට සහ අපේම රටේ මිනිසුන්ගේ ක්‍රියා නොමනා වැඩ නිසා එ් ප්‍රෙෘඩ ඉතිහාසය වළදාලයි  තියෙන්නෙ. හැබැයි සියතේ අපි එ් ඉතිහාසයට සදාකාලිකවම වැළලෙන්න ඉඩ දුන්නේ නෑ. පහුගිය කාලය පුරාවටම සියත FM මහා රාවණා වැඩසටහනින් අපි එ් ඉතිහාසයේ රහස් ඔබට අරගෙන අාවා.
ඉතින් ඒ ගමනේ තවත් පියවරක් ඉස්සරහට තියන්න දැන් අපි සූදානම්. ලංකාවම නොදන්නා විජයගෙන් එහා ඉතිහාසයට නැවතත් පණ දෙන බලාපොරොත්තුවෙන් අද ඉදලා හැම සතියකම සදුදා රෑ 9.30ට “රාවණා” රූපමය ආමන්ත්‍රණය සියත TV ඔස්සේ විකාශය වෙනවා. අපි අපේ අභිමානවත් ඉතිහාසය සොයා යනවා. ඉතිං අපි ඔබටත් අාරාධනා කරනවා එ් ඉතිහාසයේ ජීවමාන සාක්ෂිකරුවෙක් වෙන්න එක් වෙන්න කියලා.
අැත්තටම දැන් අපි දන්න ලංකාවේ ඉතිහාසය හරිද?
විජය එන්න කලින් ලංකාවේ ශිෂ්ඨාචාරයක් තිබ්බේ නැත්නම් බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩියේ අැයි?
බුදු දහම වගේ ගැඹුරු දහමක් අවබෝධ කරගන්න තරම් විශිෂ්ඨ බුද්ධියක් තියෙන මිනිසුන් එදා හිටියා නේද?
එදා යක්ෂයින් මැණික් පුටුවකට රණ්ඩු වුනා නම් එ් මැණික් පුටුව නිර්මාණය කරන තාක්ෂණය ඔවුන්ට කොහෙන්ද?
මේ ප්‍රශ්න සේරටම අපි උත්තර දෙනවා. ලෝකයේ පළවෙනිම රජතුමා වුන මහා සම්මත මනුගේ ඉදලා ලංකාවේ රාජාවලියේ යට ගියාව සොයා යන්න අපි සූදානම්. ඒ මාහාචාර්යවරු, අාචාර්යවරු, ගවේශකයන් අැතුළු විද්වතුන් රැසක් සමගයි. ඉතිං ඔබත් එන්න ලෝකයේ දැවැන්තම සහ විශිෂ්ඨතම ඉතිහාසයේ ගවේශණය කර එහි සාක්ෂිකරුවෙක් වෙන්න. අද රෑ 9.30ට නොවැරදීම සියත TV බලන්න.

Video එක පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post