News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ආර්ථික ප්‍රතිලාභ හදිසි ධන ලාභ බොල් ණය වෙන්න ගිය දේවල් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1467 Views


ආර්ථික ප්‍රතිලාභ හදිසි ධන ලාභ බොල් ණය වෙන්න ගිය දේවල් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 14 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 02.51 සිට 04.20

සුභ දිශාව: දකුණ

 

 

 

මේෂ ලග්නය

ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් විය යුතු දවසක්. සුළු අසනීපයකට වුනත් විධිමත් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනා දවසක්. සටන්කාමිත්වය අද දවසේ ඇති වෙනවා. එක්තරා විදියක මංගල යෝගයක් උදා වෙනවා.  අවිවාහක අයට සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන්. චාම් ඇදුමක් අඳින්න දවසේ වැඩ පටන් ගන්නා විට.

ජය වර්ණය: රෝස පැහැය              ජය අංකය: 06

වෘෂභ ලග්නය

අන් අය සතු මව්පිය දේපල උරුමය ලබා ගන්න පුළුවන් දවසක්. අතපසු වුණු වැඩ ආරම්භ කරන්න පුළුවන් දවසක්. උසස් අධ්‍යාපනයේ නිරත අයට නිබන්ධන සමීක්ෂණ වාර්තා පිළියෙළ කරන්න පුළුවන් කදිම දවසක්. ඔබට අද දවස පුරාම අවිවේකය ඇති වෙන්න පුළුවන්. නිර්මාණ ශක්තිය සමීක්ෂණ ශක්තිය දෙගුණයකින් වැඩිවන දවසක්. හවුල් ව්‍යාපාර සමුහයක් වශයෙන් කරන කටයුතු වලින් ඔබ කැපී පෙනීම සහ ඔබට ඒ තුලින් ජනප්‍රියත්වයට පත් වීමේ භාග්‍ය හිමි වෙනවා. ගැඹුරු විෂයක් හදාරන්න කදිම දිනයක්.

ජය වර්ණය: දම් පැහැය                   ජය අංකය: 05

මිථුන ලග්නය

ඔබට ඔබ වාසය කරන නිවසේ කිසියම් වාස්තු දෝෂයක් තිබුණානම් අද කදිම දවසක් ඒක ප්‍රතිසංස්කරණය කර ගන්න. නිරාකරණය කර ගන්න. ඔබගේ නිවසට මෙමගින් සෞභාග්‍ය සතුට ලඟා කරගන්න පුළුවන්. අද ඔබ මවක් නම් මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස පුරා උතුරන දවසක්. හිත හොඳ ගතිය ඉතා වැඩියි. එහෙම අයටත් නිර්මාණ කරන්න පුළුවන්. ලේඛන කලාවට චින්තන රටාවට බොහෝ ලැදි අය, නිර්මාණය සහ මුද්‍රිත මාධ්‍ය තුලින් ඒ වගේම මාධ්‍ය තුලින් වැඩක් කරන්න ආරම්භ කරන්න එයට සම්මාන ලැබෙනවා. නිවාස සැලැස්ම වෙනස් කරන්නත් කදිමයි.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 04

කටක ලග්නය

අද ඔබගේ කිර්තිය පැතිරෙන දවසක්. ව්‍යායාම කරලා ආගමනුකුල වැඩකින් දවස ආරම්භ කරොත් දවස අවසානයේදී චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. ඔබට සමාජය තුල කැපී පෙනෙන තනතුරු සේවා වැඩ කටයුතු පැවරෙන ජනප්‍රියත්වයට පත් වෙන භාග්‍ය ඔබට උදා වෙනවා. මව්පිය උරුමය ලබන්න දේපල සම්බන්ධයෙන් කටයුතු කරන්න නිශ්චල චංචල දේපල සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔබට අද කදිම දවසක්. හිත හොඳ ගතිය ඇති වෙනවා. ඔබට ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                             ජය අංකය: 03

 

සිංහ ලග්නය

ඕනෑම තැනක ගැවසීමට ඔරොත්තු දීමට ශක්තියක් ඔබට හිමි වෙනවා. කටහඬ යොදවා රාජකාරි කරන අයට ධන මාර්ග 2ක් හිමි වෙනවා. ගුරු කථිකාචාර්ය නීති වෘත්තීය නිවේදක ගායක යන වෘත්තීන් වලට අද ආදායම ඉහල යනවා. හඬ විවෘත වෙනවා. පාලන ශක්තිය පාලන බලය දෙගුණ තෙගුණ විය හැකියි. ගෙවල් ඉඩම් රථවාහන මිලදී ගන්න යන්නත් හොද දවසක්. ආගමනුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 02

කන්‍යා ලග්නය

රස මසවුළු ආහාර සුව පහසු ස්ථාන නැරඹීම ඒ වගේම ඒ තැන් වලට යාමේ භාග්‍ය හිමි වෙනවා. චින්තන ශක්තියට නිර්මාණ ශක්තියට අන් අය අබිභවා කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ලේඛන කලාවට දක්ෂකම් පවතිනවා. ඕනෑම නිර්මාණයක් කිරීමේ හැකියාව පවතිනවා. ඔබට ආර්ථික ලාභ වගේම ජනප්‍රියත්වය වැඩි වෙනවා.

ජය වර්ණය: තද කොළ පැහැය                   ජය අංකය: 01

තුලා ලග්නය

කලාත්මක නිර්මාණ කිරීමේ හැකියාව ලිපිගොනු ලියුම් කියුම් වලින් කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. වෙළද ව්‍යාපාර වලට දක්ෂකම් දක්වනවා. නරක් නොවන බඩු භාණ්ඩ විකිණීම ලිපිලේඛන පොත්පත් ආදී කටයුතු සියලුම කාන්තාවන් බාවිතා කරන විලාසිතා ද්‍රව්‍ය විකිණීම ආශ්‍රිතව ඔබ අද කරන්නාවූ කටයුතු ඉතා දියුණු වෙනවා. ඔබගේ ආත්ම ශක්තිය මෙන්ම තීක්ෂණ ඥානය ඔබට මතු වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                        ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

ආර්ථික ප්‍රතිලාභ හදිසි ධන ලාභ බොල් ණය වෙන්න ගිය දේවල් ලැබීම හිමි වෙනවා. ඔබට අන් අයට වඩා දැනීම ඇතිවන දවසක්. නිතිය විනය පරීක්ෂණ ආදී දේවල් වලින් කැපී පෙනීමේ ශිල්ප පෙන්නන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණ වලින් සමත් වෙනවා. දක්ෂකම් පෙන්නන්න කදිම දවසක්.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 02

ධනු ලග්නය

ධන මාර්ග උදා වෙන දවසක්. අන් අය පාලනය කිරීම අධ්‍යාපන රටාවෙන් ඉහලට යන ආචාර්ය වගේ දේවල් පරිහරණය කරන වෘත්තීය මාර්ග වලට යන ප්‍රඥාව ඇති අය ඉතා ඉහල තත්වයකට යනවා. ඔබ ඔබට අද අතිරේක ලෙස බොහෝ සංකීර්ණ විෂයන් සරල ලෙස අන් අයට පහදා දෙනවා. කතා පවත්වන්න සුභයි. ඔබට අද ආර්ථික ලාභය දෙගුණ තෙගුණ වෙන දවසක්. රැකියා  සදහා ඉල්ලුම් පත්‍ර දමන්න සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඉතා සුභයි. ඒ අංශයෙන් ඉතා සුභදායකයි.

ජය වර්ණය: ගුරු පැහැය                ජය අංකය: 01

මකර ලග්නය

ඔබට කටපාඩම් කරන්න මතක ශක්තියට ගන්න අවශ්‍ය විෂයක් තිබුණානම් එය සුභ දවසක්. ඔබ උසස් අධ්‍යාපනය හදාරන දරුවෙක් නම් ඒ තත්වය දෙගුණ තෙගුණ වෙනවා. විදේශගත අයත් සමග ගණුදෙනු පවත්වන්න සුභ දිනයක්. සතුරන් හදුනා ගැනීමේ හැකියාව පවතිනවා. රහස් සතුරු කුමන්ත්‍රණ හදුනා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: තද නිල් පැහැය                      ජය අංකය: 09

කුම්භ ලග්නය

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය ඒ වගේම නොදන්නා අය සමග විහිලු තහළු කරන්න මඩගොහොරු දිය සෙවල වැනි ස්ථාන වල ගමන් කිරීමෙන් පරිස්සම් වෙන්න. අඩි උස සපත්තු සෙරෙප්පු පැළද ගත්ත කවුරුත් පරිස්සම් වෙන්න. ලෙස්සන්න වැටෙන්න තුවාල වෙන්න පුළුවන්. ඔබ ඔබගේ ගරුත්වය ඉතාමත් ඉහල මට්ටමෙන් ආරක්ෂා කර ගන්න වෙන දවසක්. තමන්ගේ ශරීරයේ ආපදාවන්ට ලක්වන දිනයක්. ආගමනුකුල වැඩ කරලා දවස ආරම්භ කරන්න. පිංකම් කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 08

මීන ලග්නය

ඔබේ තිබුණු අසනීප සුව අතට හැරෙනවා. තරමක මංගල යෝගයක් උදා වෙනවා. විවාහය ප්‍රමාද වෙච්ච අයට අද එකට පිළිතුරක් හම්බ වෙනවා. වටපිට ගැන විමසිලිමත් වෙන්න. රැකියා ස්ථානය පවුල් ජීවිතය මතභේද තිබුණානම් ඒවා ඉවර කර ගන්න කදිම දවසක්. පැරණි දේපල පැරණි භාණ්ඩ අද ඔබට ලැබීමේ අවස්ථාව හිමි වෙනවා.

ජය වර්ණය: ලා ගුරු පැහැය                       ජය අංකය: 07

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829

 

 

 


News Articles
Latest Videos
Most Popular Post