News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ළමයින්ට චිත්‍රපටි හැදූ සෝමරත්න දිසානායක, පළමු වරට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටියක් හදයි.

3654 Views


ළමයින්ට චිත්‍රපටි හැදූ සෝමරත්න දිසානායක, පළමු වරට වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටියක් හදයි.

සෝමරත්න දිසානායක කිව්වම හැමෝටම මතක් වෙන්නෙ ලංකාවේ ළමා චිත්‍රපට. මොකද ලංකාවේ ළමා සිනමාවට අපූරු චිත්‍රපට රැසක් දායාද කරපු අධ්‍යක්ෂවරයෙක් තමයි සෝමරත්න දිසානායක.

සරිගම, සමනළ තටු, සිරිපැරකුම් වගේ විශිෂ්ඨ ළමා චිත්‍රපට හදපු සෝමරත්න මහත්මයා අලුත් වැඩක් කරලා තියෙනවා. එ් තමයි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ලංකාවේ තාම ප්‍රදර්ශනය නොකෙරුවත් බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේදී මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුනා. මේ චිත්‍රපටයේ නම “අන්ඩර් පැන්ටීස් තීෆ්”. කොහොම වුනත් චිත්‍රපටයේ සිංහල නම ගැන තාමත් සෝමරත්න ඉන්නෙ දෙගිඩියාවෙන්ලු. මොකද ඔහු චිත්‍රපටයට දාන්න හිතන් ඉන්නෙ “ජංගි හොරා” කියලලු. එ්ත් හිතවතුන් වගේම ප්‍රේක්ෂකයන් එ් නම දාන්න එපා කියලා ඔහුට කියනවලු.

ළමා චිත්‍රපට හදපු සෝමරත්න එකපාරටම වැඩිහිටියන්ට චිත්‍රපට හදන්න ගත්තේ මොකද කියලා අැහුවම ඔහු කිව්වේ “සිනමාකරුවෙක් විදියට එක තැනකට කොටුවෙන්න ඕන නැති නිසා මේ චිත්‍රපටය හැදුවා.” කියලයි.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක් ගැන. පුබුදු චතුරංග තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. එ් වගේම දිල්හානී එ්කනායකත් රංගනයෙන් දායක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post