රජයේ කාර්යාලයක පවා මේ වෙද්දී පාවිච්චි කරන්නේ පරිගණක. වෙනදා පොත්පත් වල කරපු වැඩ, සේරම දැන් කරන්නේ පරිගණකයෙන්. ඒ වැඩ කරගන්න තියෙන පහසුව නිසා. හැබැයි පරිගණකයෙන් වුනත් සමහර වැඩ කරද්දී ටිකක් වෙලා යන්න පුළුවන්. එත් ඒවත් ඉතා ඉක්මනට කර ගන්න පුළුවන් Shortcut Keys කිහිපයක් තමයි මේ.
Key Board එකේ Windows ලාංඡනය තියෙන යතුර එබුවාම Start Menu එක එනවා. එතකොට හැමතිස්සෙම Mouse එක වම් පැත්තේ යටටම ගෙනියන්න මහන්සි වෙන්න ඕන නැහැ. ඊට පස්සේ Arrow Keys, ඒ කිව්වේ ඊතල තිබෙන යතුරු වලින් පුළුවන් අපිට ඕන Program එක Select කරන්න. දැන් Enter Keys එක එබුවාම එ්ක Open කරගන්න පුළුවන්.
වැඩක් කර කර ඉන්න අතරතුරේ එකපාරම Desktop එකට යන්න ඕන නම් Windows Key එකත් එක්ක D අකුර Press කරන්න.
දැනට විවෘත වෙලා තියෙන ඔක්කොම Minimize කරන්න ඕන නම් Windows Key එකත් එක්ක M අකුර Press කරන්න. ආයි ඒවා උඩට ගන්න වින්ඩෝස් කී එකයි, Shift එකයි M එක දුන්නාම හරි.
මයි කම්පියුටර් ඕපන් කරගන්න Windows Key එක්ක E අකුර පාවිච්චි කරන්න පුළුවන්.
ඔබට මොනාහරි File එකක්, හොයා ගන්න ඕන නම් Windows Key එක ඔබාගෙන F අකුර එබුවාම Search එක Open වෙනවා.
ඔබ නිතර Command Prompt එක පාවිච්චි කරනවා නම් Windows Key එකයි R එකයි දීලා Run ඩයලොග් එක ටක් ගාලා Open කරගන්න පුළුවන්. ඊට පස්සේ එතෙන්ට cmd කියලා ගහලා Enter කරන්න.
ඉක්මණින් Account එක Lock කරන්න ඕන නම් Windows Key එකත් එක්ක L අකුර Press කරන්න.
දැනට Open වෙලා තියෙන Windows අතරේ මාරු වෙන්නට නම් ALT කී එක Press කරගෙන Tab Key එක ඔබද්දී එකින් එක මාරු වෙනවා. ඔබට අවශ්‍ය Window එකට ආවාට පස්සේ Key එක අතහැරියාම එ්ක තිරය මතට එනවා.
Browser එකේ ගොඩක් Tab Open කරගෙන ඉඳිද්දී ඒවා අතරේ මාරු වෙන්නට ඔබට CTRL Key එකයි Tab Key එකයි Press කළාම හරි.
අලුතින් Browser Tab එකක් Open කරන්න ඕනෑ නම් CTRL Key එකයි T එකයි Press කරන්න.
ඒ වගේම ඔබ Web Adress එකක් ටයිප් කරද්දී වෙබ් අඩවියේ නම ටයිප් කරලා CTRL Enter ගැහුවාම ඒකේ මුලට www සහ අගට .com ඉබේම එකතු වෙනවා.
CTRL, Shift සහ N කී එක Chrome බ්‍රවුසරයේ ගැහුවාම ඉන්කොග්නිටෝ මෝඩ් එක ඕපන් වෙනවා. ඒකේ ඔබ පිවිසෙන වෙබ් අඩවියේ සේව් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා වැඩේ ඉවර වුණාට පස්සේ Browser History Clean කරන්න කරදර වෙන්න ඕන නැහැ. Firefox වලට නම් ඒකට ෂෝට්කට් වෙන්නේ CTRL, Shift සහ P කී එකයි.