කාලෙන් කාලෙට ලෝකයේ මොකක්ම හරි රටවල් දෙකක් ඇවිලෙනවා. කාලයක් ඇමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් තිබ්බා. පහුගිය දවස්වල ඇමෙරිකාවයි උතුරු කොරියාවයි යුද්ධ කරන්න ගිහින් ඔන්න මෙන්න නැවතුනා. දැන් ආයෙත් තවත් රටවල් 2 ක් යුද්ධ කරන්න හදනවා. ඒ තමයි ඉරානයයි සෞදි අරාබියයි.
ඔවුන්ගේ ඒ විරසකය නිසා මැදපෙරදිග යුද්ධයක් පවා ඇතිවෙන්න ඉඩකඩ තියෙනවා කියලයි දේශපාලන නිරීක්ෂකයන් කියන්නේ. ඉරානය සහ සෞදි අරාබිය අතර යුද්ධයක් ඇතිවුනොත් අති විනාශකරී ඛේදජනක විපතක් වෙන්න පුළුවන් කියලයි දේශපාලන විචාරකයින් කියන්නේ.
ඉරානය සහ සෞදි අරාබිය ඉස්ලාමීය ආගමික ලෝකයේ ප්‍රධාන කොටස් දෙකක් නියෝජනය කරනවා. ඉරානය ‘ෂියා’ මුස්ලිම් රාජ්‍යයක් වන අතර සෞදි අරාබිය අයත් වන්නේ ‘සුන්නි’ ඉස්ලාම්වරුන්ට. දේශපාලනික වශයෙනුත් ඔවුන් අවුරුදු 40 ක් විතර හතුරුකමක් තමයි තියෙන්නේ. ඉස්ලාමීය ආගමිකයන්ට වැදගත් ස්ථාන දෙකක් සෞදියේ තියෙනවා. ඒ තායි ‘මක්කම’ සහ ‘මදීනා’ පුදබිම් දෙක. ඒ නිසා තමන්ට නිකන්ම සමස්ත මුස්ලිම් ලෝකයේ නායකත්වය හිමි වෙනවා කියලයි සෞදි අරාබියේ අය විශ්වාස කරන්නේ. ඒත් 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පස්සේ මිනිස් ඉතිහාසයේ දැවන්තම මානව පිළිගැනීම එම විප්ලවයේ නියමුවා වුන අයතුල්ලා කුමෙයිනිට ලැබුණා. සෞදි අරාබියේ ‘රියාද්’ පාලනය සහ ඉරානයේ ‘ටෙහෙරාන්’ බල ව්‍යුහය අතර පස මිතුරුකම පටන් ගන්නේ එතනින්.
කොහොම වුනත් මේ සිතල යුද්ධය අවි හරඹයකට පෙරළුනොත් තවත් ලෝක යුද්ධයක ආරම්භය වෙන්න පුළුවන් කියලයි විශේෂඥයෝ කියන්නේ.