News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

බරවා මනින අලුත්ම උපකරණය කරාපිටියෙන්.

1740 Views


බරවා මනින අලුත්ම උපකරණය කරාපිටියෙන්.

කරාපිටිය රෝහල කියන්නේ ලංකාවේ විස්මිත සැත්කම් කරපු රෝහලක්. එ් වගේම වෛද්‍ය විද්‍යාවට අදාල විවිධ සොයා ගැනීම් රැසක් කරපු රෝහලක්. මෑතකදීත් ඔවුන් විශිෂ්ඨ සොයා ගැනීමක් කරලා තිබ්බා. එ් තමයි ලෝකයේ පළවෙනි වරට බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම මනින උපකරණයක් හඳුන්වාදීම.

කරාපිටිය වෛද්‍ය පීඨයේ බරවා රෝග මර්ධන එ්කකයේ ප්‍රධානී මහාචාර්ය චන්න යහතුගොඩ මහතා කිව්වේ බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම මනින්න පුළුවන් ලෝකයේ එකම උපකරණය මේක කියලා. මේ කැමරා උපකරණයෙන් ඡායාරූප අරගෙන පරිගණකයෙන් එ් වගේ පාදයක් නිර්මාණය කරනවා. එ් තුලින් පාදයේ පරිමාව සහ වට ප්‍රමාණය මනින්න පුළුවන්. කලින් බරවා රෝගීන්ගේ පාදයේ ඉදිමුම මැනලා තියෙන්නේ, ඉදිමුන තියෙන පාදයේ එක් එක් ස්ථරවලින් ටේප් එකක් අරගෙන. එහෙම නැත්තම් වතුරට පාදය ඔබලා වතුරේ ඉපිලීමෙන් සහ පාදය කොච්චර ඉදිමිලාද කියලා බලන එක. එ් ක්‍රම සඳහා ලොකු වෙලාවක් යනවා වගේම ලොකු වෙහෙසක් දරන්නත් වෙනවා.

මේ වගේ උපකරණයක් කලින් අැමරිකාවේදී පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු ඉවත් කරාට පස්සේ ඔවුන්ගේ අත් කොච්චර ඉදිමෙනවද කියලා බලන්න පාවිච්චි කරලා තියෙනවා. එත් කරාපිටියේ බරවා මර්ධන එ්කකය, එ් උපකරණයේ සැලැස්ම වෙනස් කරලා තමයි බරවා රෝගීන්ගේ පාද වල ඉදිමුම මනින්න සුදුසු උපකරණයක් හදලා තියෙන්නේ. ඉදිරියේදී බරවා රෝගීන්ගේ පාදවල ඉදිමුම අඩු කරන්න පුළුවන් ක්‍රම හොයා ගන්නත් මේ උපකරණය භාවිතා කරනවා කියලයි කරාපිටිය බරවා මර්ධන එ්කකය කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post