News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

ඇඟ හිරි වැටෙන පන්දු යැවීමක්. මාලිංග පරදන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති තරුණ ක්‍රීඩකයා මෙන්න.

2405 Views


ඇඟ හිරි වැටෙන පන්දු යැවීමක්. මාලිංග පරදන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති තරුණ ක්‍රීඩකයා මෙන්න.

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ පිතිකරණ ඉරියව් මෙන්ම විවිධ පන්දු යැවීමේ ඉරියව් තියෙනවා. ලසිත් මාලිංග කියන්නේ එ් වගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන ලංකාවේන් බිහිකරපු සුපිරි පන්දු යවන්නෙක්. එ් වගේම දකුණු අප්‍රිකාවේ පෝල් අැඩම්ස් කියන්නෙත් අමුත්ම පන්දු යැවීමේ ඉරියව්වක් තියෙන පන්දු යවන්නෙක්.

පෝල් අැඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන දක්ෂ පන්දු යවන්නෙක් ලංකාවෙනුත් බිහිවෙලා තියෙනවා. එ් තමයි ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන කෙවිත් කොත්තිගොඩ. මේ දවස්වල 19 පහළ අාසියානු කුසලානය සදහා සහභාගී වෙලා ඉන්න කෙවින් ගැන ලෝකයම කතා කරන්න ගත්තා. එ් ඔහුගේ අැඟ හිරිවැටෙන පන්දු යැවීම නිසා. අැත්තටම ඔහුගේ පන්දු යැවීන් දකින ඕන කෙනෙක්ට ඔලුවේ අත ගහගත්තට පුදුම වෙන්න දෙයක් නෑ. එ් තරමටම පුදුම සහගත පන්දු යැවීමේ ඉරියව්වක්.

ලසිත් මාලිංග වගේම කවිනුත් ගාල්ලෙන් බිහිවුන පන්දු යවන්නෙක් වීම විශේෂත්වයක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සහ මහින්ද විද්‍යාලයෙන් ඔහු අධ්‍යාපනය ලබා තියෙනවා. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සදහා කෙවින් හොද අායෝජනයක් වෙයි කියලයි ක්‍රිකට් ප්‍රේක්ෂකයින් කියන්නෙ.

මේ තියෙන්නේ කෙවින්ගේ අැඟ හිරිවැටෙන පන්දු යැවීම.

 


News Articles
Latest Videos
Most Popular Post