ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟය අද අාරම්භ වෙනවා. එ් ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී. අද තරඟයේදී වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි හොයලා බැලුවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මීට කලින් ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරඟයකට සහභාගී වෙලා නෑ. එ් වගේම ශ්‍රී ලංකාව මේ දක්වා එකම ටෙස්ට් තරඟයක්වත් ඉන්දියාවේදී දිනලා නෑ. එ් නිසා මේ තරඟය ජයග්‍රහණය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් තමයි ලංකාව තරඟයට සහභාගී වෙන්නේ. හැබැයි ලංකාව අන්තිමටම ක්‍රීඩා කරපු පාකිස්තාන තරඟාවලියේ ටෙස්ට් තරඟ දෙකම ජයග්‍රහණය කරන්න සමත් වුනා. එ නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයක ඉන්නවා.
අද තරඟයේ තණතිල්ල වේග පන්දු යවන්නන්ට වඩාත් සුදුසු වෙයි කියලයි කොල්කටා නුවරින් අාරංචි වෙන්නේ. එ් නිසා ලංකාවේ වේග පන්දු යවන්නන්ට වැඩි වගකීමක් පැවරෙනවා. ඉන්දියාවේදී මීට කලින් ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරලා තියෙන මැතිව්ස් සහ හේරත් අද තරඟයේදී සෙල්ලම් කිරීම අනෙකුත් ක්‍රීඩකයන්ටත් හොද සහයෝගයක් වේවි. එ් වගේම මේ අවුරුද්දේ ලංකාවේ සාර්ථකම ටෙස්ට් ක්‍රීඩකයා දිමුත් කරුණාරත්නත් අද තරඟයේදී ක්‍රීඩා කරනවා. සනත් ජයසූරියට පස්සේ වසරකදී ටෙස්ට් ලකුණු 1000 ක් ලබා ගත්ත ක්‍රීඩකයා වෙන්න දිමුත්ට ඕන තව ලකුණු 60 ක් විතරයි.
එ් වගේම ප්‍රභල ඉන්දීය කණ්ඩායමත් සුළුවෙන් තකන්න බෑ. කොලිගේ නායකත්වයෙන් අද තරඟයට එන ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ ඉන්නේ. එ් වගේම ප්‍රභල කණ්ඩායමක් අද ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා. කොහොම වුනත් ලංකාවට හොද තරඟයක් දෙන්න හැකියාව තියෙනවා. අපි බලමු ලංකාවට ඉන්දියාවේදී ඵෙතිහාසික ජයක් ලබා ගන්න පුළුවන් වෙයිද කියලා.