News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

කැමති වෙලාවක වැඩට එන්න පෞද්ගලික අංශයේ සේවකයින්ටත් අවස්ථාවක්.

2498 Views


කැමති වෙලාවක වැඩට එන්න පෞද්ගලික අංශයේ සේවකයින්ටත් අවස්ථාවක්.

රාජ්‍ය සේවකයන්ට ටිකක් පරක්කු වෙලා ගිහින් ලොක්කව ශේප් කර ගන්න පුළුවන් වුනාට, පෞද්ගලික අංශයේ සේවකයින්ට එහෙම බෑ. විනාඩියක් හරි පරක්කු වුනොත් පඩියෙනුත් කැපිලා ඉවරයි. එත් ඉතිං අද තියෙන ට්‍රැෆික් එක්ක වෙලාවට ඔෆිස් එකට යන එකත් ලේසි වැඩක් නෙවෙයි.

හැබැයි රාජ්‍ය සේවකයින්ට නම් පහුගිය දවස් වල එ්කට හොඳ පිළියමක් ලැබුණා. එ් තමයි පහසු කාර්යාල වේලාවන් වලදී සේවයට යන්න අවස්ථාව දුන්න එක. ට්‍රැෆික් නිසා අමාරුවේ වැටෙන පෞද්ගලික අංශයේ සේවකයින්ටත් එ් අවස්ථාව ලබා දෙන්න රජය සූදානම් වෙනවා. එ් සඳහා 1954 අංක 15 දරණ සාප්පු සහ කාර්යාල සේවක පනතත්, 1941 අංක 27 දරන පඩිපාලක අාඥා පනතත් අැතුලු කම්කරු නීති සංශෝධනය කරන්න නියමිතයි. අලුත් නීති සකස් වුනාට පස්සේ පෞද්ගලික අංශයේ සේවකයින්ටත් තමන්ට කැමති වෙලාවල් වලදී වැඩ කරන්න තෝර ගන්න පුළුවන්.

කොහොම වුනත් මේ ප්‍රවෘත්තිය නම් පෞද්ගලික අංශයේ වැඩ කරන අයට හොද අාරංචියක් වේවි. එ් වගේම මේ නීති රීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් තමයි හොඳ.


News Articles
Latest Videos
Most Popular Post