ලෝකයම වෙනස් කරන දිරිය කතුන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. එ් වගේ දිරිය කාන්තාවක් ගැන අපිට අාරංචි වුනා. එ් තමයි ලෝකයමට කුරක්කන් යෝගට් හදුන්වාදීපු මල්ලිකා ලියනඅාරච්චි.
මල්ලිකාගේ කුරක්කන් යෝගට් මේ වෙද්දිත් ගොඩක් ජනප්‍රිය අාහාරයක්. හැබැයි අැය මේ දක්වා අාපු ගමන නම් එච්චර රසවත් එකක් නම් නෙවෙයි. 2013 දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණ සෙමිඩෙක්ස් – සහසක් නිමවුම් ප්‍රදර්ශනයේදී අැති වුන ගින්නෙන් අැගේ ප්‍රදර්ශන කුටිය සම්පූර්ණයෙන් විනාශ වුනා. එ් නිසා අැයගේ අධි ශීතකරණ, අැසුරුම් බහාලුම් අැතුලු ලක්ෂ පහක විතර බඩු විනාශ වුනා.
හැබැයි එ්කෙන් මල්ලිකා වැටනේ නෑ. අැය නැවතත් කුරක්කන් යෝගට් හදන්න පටන් ගත්තා. “රන්මල්” යෝගට් කියලා අැගේම ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. මේ වෙද්දි කුරක්කන් යෝගට් සදහා පේටන් බලපත්‍රය ලබා ගන්නත් ඇය කටයුතු කරමින් ඉන්නේ. මඟ තොටේ කඩේකදි “රන්මල්” කුරක්කන් යෝගට් දැක්කොත් රස බලන්න ඔබත් අමතක කරන්න එපා.