News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

අද ලග්න දෙකකට අධ්‍යාපනික කටයුතු වලට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2201 Views


අද ලග්න දෙකකට අධ්‍යාපනික කටයුතු වලට බාධා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 17 සිකුරාදා

රාහු කාලය පෙ.ව 10.26 සිට 11.55

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව ගිනිකොණ

 

 

මේෂ ලග්නය

කලාකාමී කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු අන්‍යන් වෙනුවෙන් ඔබ කරන්නාවූ කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. එවැනි කටයුතු වලින් ධන ශක්තිය වර්ධනය කරගන්නත් ව්‍යාපාරික ශක්තිය වර්ධනය කර ගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු වලට පුංචි මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් ජවසම්පන්න කටයුතු ක්‍රිඩාශීලි කටයුතු උසස් මට්ටමක පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී විය යුතුයි.

ජය වර්ණය ලා නිල්පැහැය                       ජය අංකය 07

වෘෂභ ලග්නය

තරමක පෞරුෂය ඉහල යනවා. උත්සහවන්තකම නිසාම අද දවසේදී ජයග්‍රහණය අත් කර ගන්න පුළුවන්. අන් අයගේ සුළු උපකාර හිමි වෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. තරගකාරි කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග තත්ව වලින් පුංචි පුංචි දෛනික පීඩා උදා වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 03

මිථුන ලග්නය

අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම සුභයි. අලුත් උදව්කරුවන් අලුත් ගුරුවරුන් අලුත් දේවල් ඉගෙන ගැනීමට අවශ්‍ය මංපෙත් විවර වෙනවා. කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. වියදම් පාර්ශවයද ඉහල යා හැකියි. ඔබගේ ආර්ථික සහ සමාජීය තත්වය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. රහස් අසනීප ඇති වීමේ ඉඩකඩක් කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග නිර්මාණය වෙනවා. ඔබගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය ලා දම් පැහැය                       ජය අංකය 08

කටක ලග්නය

කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි.  කේන්ති සහගත සිතුවිලි වර්ධනය වීම නවතා ගත යුතුයි. ආවේගශීලි කිසිම අවස්ථාවක පොරොන්දු වෙන්න ගිවිසුම් වලට අත්සන් තබන්න යන්න එපා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලටත් එතරම් යහපත් තත්වයක් උදා නොවේ. ජය පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය                          ජය අංකය 03

සිංහ ලග්නය

කල්පනාකාරීව කටයුතු නොකලොත් ඇති වෙන්න පුළුවන් බාධාකාරී තත්වය ඉහල යනවා. ඔබ බොහෝ බලාපොරොත්තු සහගතව ආරම්භ කරන කටයුතු යම් බාධාවකට ලක් වෙනවා. මානසික පීඩාකාරී ස්වභාව අනවශ්‍ය බාධා ඇති වෙනවා. දුරබැහැර ගමන් යන්න ඉතාමත්ම යහපත් දවසක්. විදේශගත සම්බන්ධතා තුලින් පුංචි පුංචි බාධා ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු වලට බාධා ඇති වෙනවා. වැඩිහිටියන් සමග මත ගැටුම් ඇති වෙනවා. කේන්ති සහගත සිතුවිලි නිතර වර්ධනය වෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 04

කන්‍යා ලග්නය

කලාකාමී කටයුතු සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. පරිපාලන හැකියාව ඉතා උසස් මට්ටමක පවතිනවා. නිල ඇදුමක් අදින වෘත්තීන් වල කටයුතු කරන අයට බොහෝ වාසනාවන්ත තත්වයන් උදා කර ගන්න පුළුවන්. ඔබ පිලිබදව සමාජය තුල කතිකාවක් ඇති වෙනවා. ඔබගේ නම ගෞරවය බොහෝ විට සමාජගත වෙනවා. ආමාශගත රෝග තත්ව ඇතිවිය හැකියි. තමන් ලගම ආශ්‍රය කරන පීරිස් සමග ව්‍යාපාරික කටයුතු පිලිබදව සාකච්චා කරනවා. එවැනි කටයුතු වලින් යම් මානසික සුවයක් ලැබෙනවා. ආර්ථික ලාභ ලැබිය හැකියි.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය               ජය අංකය 09

තුලා ලග්නය

තරමක කලබලකාරී ස්වභාවයක් ඇති වේවි. වෘත්තිමය කටයුතු වලදී තරමක ගමන් යන්න හැකි වෙනවා. ඔබගේ ආයතනය තුල වුනත් නිතර එක ස්ථානයක රදන්නේ නැති ස්වභාවයක් පවතිනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවීමක් වගේම පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරලා පවතිනවා. ඔබගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. රෝහල්ගත වීමක් හෝ එවැනි ආශ්‍රිතව කටයුතු කිරීමක් සිදු වෙනවා. පරිපාලන හැකියාව වර්ධනය වෙනවා. ගන්න තීන්දු තීරණ සාර්ථකත්වයට පත් වෙනවා. තරමක කාර්යබහුල දවසක්.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 09

 

වෘශ්චික ලග්නය

 

පෙරපින ඉස්මතු කරනවා. වාසනා ශක්තිය වර්ධනය වෙනවා. තරමක කේන්ති සහගත සිතුවිලි වගේම වියදම් ඉහල යාමේ ස්වභාවයක් පවතිනවා. සහෝදර ඥාතීන්ට ඔබෙන් බොහෝ උදව් උපකාර හිමිවන දවසක්. තරමක කාර්යබහුල කාලයක්. තමන් ගන්න තීන්දු තීරණ වලට ඉහල නිලධාරීන්ගේ උදව් උපකාර හිමි වුනත් ඔබට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පහල වැටෙනවා. තමන් ඉන්න පරිසරය තමන් ඉන්න ප්‍රදේශය පවා වෙනස් කිරීමට සිදු වේවි.

ජය වර්ණය ලා දම්පැහැය                         ජය අංකය 06

ධනු ලග්නය

ඉහල නිලධාරීන් සමග වෘත්තිමය පිඩා මිල මුදල් අහිමි වීම් නිසා හට ගන්න පීඩාකාරී තත්වයක් කාර්යබහුල තත්වයත් ඔබට උදා වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලදී බොහෝ සෙයින් කල්පනාකාරී විය යුතුයි. ආයතනික කටයුතු වලදී ඉවසිලිවන්තව කටයුතු කල යුතුයි. ඉහල නිලධාරීන්ගෙන් ඔබට එරෙහිව යම් චෝදනා බලපෑම් ඇති වෙනවා. මෝර පිරිත සජ්ජායනා කරන්න. අන් අයව විශ්වාස කරලා කටයුතු කරනවට වඩා ඔබවම විශ්වාස කරලා කටයුතු කරන්න. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් යම් සහනයක් ලබා ගත හැකියි.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 08

මකර ලග්නය

කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් පාඩු ඇති වෙනවා. තරමක් හුදකලා වීම් හැකිලීමේ ස්වභාවයක් පෙන්නුම් කරලා පවතිනවා. පාද වල හන්ධි ආශ්‍රිතව රෝග පවතිනවා. ලේ ධාතුව සම්බන්ධ ස්නායු සම්බන්ධ රෝග ඇතිවන නිසා මනසට යම් පිඩාවක් ඇතිවිය හැකියි. අඩමාන අවදානම් තීරණ ගන්න එපා. කලාකාමී කටයුතු වලට තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලට පරිපාලනමය හැකියාවන් යොදා ගෙන කරන්නාවූ කටයුතු වලට ගුරු වෘත්තීන් වැනි කටයුතු වලට යම් සහනයක් ලබා ගත හැකියි.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය             ජය අංකය 03

කුම්භ ලග්නය

කොමිස් මුදල් ලැබෙන කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු ලිඛිත කටයුතු වලින් ජයග්‍රහණ අත් කරගත හැකියි. සමාජ ගෞරවය වර්ධනය වෙනවා. භුමිය සම්බන්ධ කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලිනුත් යම් සහනයක් අත්කර ගත හැකියි. බොහෝ බලාපොරොත්තු එකතු වෙනවා. අලුත් ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබද නිරන්තර අවධානය යොමු වෙනවා. ආහාර අරුචිය ආහාර නොදිරවිම වැනි රෝග තත්ව ඇති වෙනවා. දෛනික කටයුතු වලට පුංචි පුංචි බාධා ඇති වෙනවා.

ජය වර්ණය ලා දම්පැහැය             ජය අංකය 07

මීන ලග්නය

අධ්‍යාපනික කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් තරගකාරි කටයුතු බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරා යොමු වෙනවා. පිරිසක් සමග කරන කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය කටයුතු ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණ අත් කර ගන්න පුළුවන්. ඔබගේ පෞරුෂයට යම් ආකාරයක හානියක් ඇති වෙනවා. නම්‍යශීලි ප්‍රතිපත්තියක් තීන්දු තීරණ ගැනීමට නොහැකිවන ස්වභාවයක් ඉස්මතු වෙනවා. හැම විටම ඔබ තවත් කෙනෙකුගේ උපකාර අපේක්ෂා කරනවා. තීන්දු තීරණ ගැනීමේදී ඉවසිලිවන්ත වෙන්න.

ජය වර්ණය ලා රතු පැහැය                       ජය අංකය 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 676 5353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post