අද 2017 නොවැම්බර් මාසයේ 18 සෙනසුරාදා
රාහු කාලය: පෙ.ව 08.58 සිට 10.27
සුභ දිශාව: දකුණ

පසුතැවිලි වීමට ඉඩ ඇති දිනයක්. දුරදිග බලා කටයුතු කරන්න. සියලු බාධක ජය ගැනීමට හැකියාව ලැබෙනවා. ලද දෙයින් සතුටු වීමට හුරුවීම වඩාත් වැදගත්. රැකියාව පොළව සම්බන්ධ කටයුතු මෙන්ම විදේශ සම්බන්ධතා ඔබගේ බලාපොරොත්තු ඉටු කිරීමට හේතු වෙනවා. උෂ්ණාධික රෝග බඩවැල් ආශ්‍රිත රෝග වලින් ඔබ ප්‍රවේසම් විය යුතුයි. දියවැඩියාව තියෙන රෝගීන් සමේ රෝගීන් අද දවසේ පරිස්සමින් කටයුතු කල යුතුයි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 03

දුරදිග බලා කටයුතු කිරීම වඩාත් වැදගත්. ඔබ ආත්ම ශක්තිය තියෙන කරන වැඩේ හරියට කරන කෙනෙක් නිසා ඔබට ජයග්‍රහණ හිමි වෙනවා. පොතපත සම්බන්ධ කටයුතු වලටත් යහපත්. ශාස්ත්‍රීය කටයුතු ප්‍රගුණ කිරීමට හොද දවසක්. ඔබගේ නිර්මාණශිලිත්වය අද කැපී පෙනෙනවා.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 04

අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම සුභයි. අලුත් උදව්කරුවන් අලුත් ගුරුවරුන් අලුත් දේවල් ඉගෙන ගැනීමට අවශ්‍ය මංපෙත් විවර වෙනවා. කායික ශක්තිය යම් ප්‍රමාණයකට දුර්වල වෙනවා. වියදම් පාර්ශවයද ඉහල යා හැකියි. ඔබගේ ආර්ථික සහ සමාජීය තත්වය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. රහස් අසනීප ඇති වීමේ ඉඩකඩක් කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග නිර්මාණය වෙනවා. ඔබගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 08

ඔබට අද දිනය ඉතාම යහපත්. ධන ධාන්‍ය ලාභ උරුම කරන්න ඒ වගේම ඔබගේ බිරිදගෙන් ස්වාමිපුරුෂයගෙන් ඇප උපස්ථාන ලබන්න හොදම දවසක්. නොසිතු ලාභ ප්‍රයෝජන ලැබෙන දවසක්. පරිපාලන සම්බන්ධ කටයුතු කරන අයට වාහන වෙළදාම් කරන අයට ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. ගේදොර ඉඩකඩම් මිලදී ගැනීමට සුභයි. බඩේ ලෙඩ ඇතිවිය හැකි බැවින් ආහාර පරිභෝජන රටාව ගැන විමසිලිමත් වන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

ඔබගේ වියදම් පාර්ශවය අධික වෙනවා. ඔබට නිසැකව අද ලොකු මුදලක් තමන්ගේ තරාතිරම අනුව මුදලක් වැය කිරීමට සිදු වෙනවා. යාලුවෙක් හිතවතෙක් ඔබගෙන් ණය මුදලක් ඉල්ලනවා. ඔබට එය ඉටු කිරීමට තරම් ශක්තිමත් නොවුනත් ආත්ම ශක්තිය අධිෂ්ඨානශීලිබව නිසා මිතුරනට ඇප උපස්ථාන කිරීමට සුභ දවසක්. කලා කුසලතාව ශිල්පිය දක්ෂතාව වර්ධනය කර ගැනීමට සුභ දවසක්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09

කලාකාමී කටයුතු සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. පරිපාලන හැකියාව ඉතා උසස් මට්ටමක පවතිනවා. නිල ඇදුමක් අදින වෘත්තීන් වල කටයුතු කරන අයට බොහෝ වාසනාවන්ත තත්වයන් උදා කර ගන්න පුළුවන්. ඔබ පිලිබදව සමාජය තුල කතිකාවක් ඇති වෙනවා. ඔබගේ නම ගෞරවය බොහෝ විට සමාජගත වෙනවා. ආමාශගත රෝග තත්ව ඇතිවිය හැකියි. තමන් ලගම ආශ්‍රය කරන පීරිස් සමග ව්‍යාපාරික කටයුතු පිලිබදව සාකච්චා කරනවා. එවැනි කටයුතු වලින් යම් මානසික සුවයක් ලැබෙනවා. ආර්ථික ලාභ ලැබිය හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09

ඔබට අද හොද ආදායම් මාර්ග ලැබෙන දවසක්. ඔබට ඔබගේ බැංකු ගිණුම ණයට ගැනීමට සුභ දවසක්. උසස් අයගෙන් ඵල ප්‍රයෝජන ලැබීමට සුභයි. ඔබගේ කැපී පෙනෙන කටයුතු කිරීමට සුභ දවසක්. ඔබගේ පරීක්ෂණ කටයුතු වලට පහසු දවසක්. හිස තුවාල වීම් අක්ෂි රෝග වගේ දේවල් වලට ඉඩකඩ තියෙනවා. අවේලාවේ නෑම අසුභයි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 06

ඔබ පහුගිය කාල සිමාවේ විවිධ හල හැප්පිලි විවිධ චිත්ත පිඩා වලට හසු වෙනවා. ඔබට ඔබගේ තරාතිරම අනුව යම් යම් පසුතැවිලි වලට ලක් වීමට සිදු වුණා. සෙනසුරු මැරුවත් සමග ඔබට යම් සහනයක් ලැබෙනවා. ඔබගේ දියුණුව පිණිස කටයුතු සිදු කර ගැනීමට හැකි දිනයක්. ඔබගේ දුර දක්නා නුවණ ඔබගේ සැනසීමට හේතු වෙනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමව්පියන්ට සුභ දායකයි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 09

ඔබට පීනස් අමාරු සෙම් ආබාධ ඇති වීමට ඉඩ ඇති නිසා ඔබට සිත් තැවුල් ඇති වෙනවා. ඔබගේ වචනය ප්‍රවේසම් විය යුතුයි. ඔබ නිතරම අනිත් අයට ඇහුම්කන් දි කටයුතු කරන්න. විදේශ සම්බන්ධතා තිබෙන අයට විදේශගත වීම් බලාපොරොත්තු වන අයට සුභදායකයි. කකුල් සම්බන්ධ බෙල්ල සම්බන්ධ ලේ විෂ වීම් ආදී රෝග වලින් ප්‍රවේසම් විය යුතුයි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

ඔබගේ අඩුපාඩු පිරිමස ගන්න පුළුවන් දවසක්. ඔබට පීරිස් බලයක් ලැබෙනවා. ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හිසේ ආබාධ ඇති වෙන්නට පුළුවන්. සෙම් ආබාධ ඇති වෙන්නට පුළුවන්. හන්දිපත් රෝග ඇති විය හැකියි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 08

මෙතෙක් පැවති වෘත්තිමය බාධක ව්‍යාපාරික බාධක සියල්ල ඉවත් වෙනවා. ඔබගේ වටිනාකම අගය අනිත් අයට පෙනෙන දවසක්. මුල්‍ය සහ ආර්ථික තත්වය යහපත් වෙනවා. සංවිධානශීලි ලෙස ක්ෂේත්‍ර කටයුතු වල නියැලෙන පරිපාලන සම්බන්ධ කටයුතු කරන අය ඉතාම හොදයි. අධ්‍යාපනයට සුභයි. තරුණ අයට මංගල යෝග උදා වෙනවා.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 08

යම් යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ප්‍රවේසම් වන්න. ඔබගේ මුල්‍ය තත්වය යහපත් වෙනවා. අනිත් අයගේ ප්‍රසංසා හිමි වෙනවා. ඉවසීමෙන් කටයුතු කරන්න. කරන වැඩ හරියට කරන්න. පවුල තුල සාමකාමී තත්වයක් ඇති වෙනවා.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 01
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 011 2 50 93 86